විනිශ්චිතවස්තු
උද්දානගාථා:
ලෝහිත වත්ථු, කක්කස ලොම වත්ථු, ආකිණ්ණ ලොම වත්ථු, ඛර ලොම වත්ථු, දීඝ ලොම වත්ථු, වාපිත වත්ථු, කච්චීසංසීදනමග්ග වත්ථු, සද්ධා වත්ථු, දාන වත්ථු, කම්ම වත්ථු, (තුනෙකැ) යි වස්තු දොළසෙකි:
1. එසමයෙහි එක්තරා ස්ත්රියක් අලුත රැඳූ කම්බලයක් පෙරෙවියා වෙයි. එක්තරා මහණෙක් සංරක්තවූයේ ඒ ස්ත්රියට “බුහුනනියනි, තිගේ ලෙය”යි කී ය. ඕ එබස නො දත්තී ‘එසේය, ආර්ය්යයන් වහන්ස, අලුත රැඳූ කම්බලයකි’යි කිවු ය. මහණහට “කිම, මම් සඟවෙසෙස්ඇවැත් අවන්නෙම් දැ?”යි කුකුස් විය. භාග්යවතුන් වහන්සේට මෙ පවත් සැළ කෙළේ ය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක.
2. එසමයෙහි එක්තරා ස්ත්රියක් ගනලොම් කම්බලයක් පෙරෙවියා වෙයි. සංරක්තවූ එක්තරා මහණෙක් ඒ ස්ත්රියට “බුහුනනියනි, තිගේ කැකුළු ලෝමැ”යි කී ය. ඕ තොමෝ එ බස නො දත්තී “ආර්ය්යයන් වහන්ස, රළු ලොම් කම්බලයෙකි” යි ඕ කිවු ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (2)
3. එසමයෙහි එක්තරා ස්ත්රියක් අලුත වියූ කම්බලයක් පෙරෙවියා වෙයි. සංරක්ත වූ එක්තරා මහණෙක් ඒ ස්ත්රියට “බුහුනනියනි, තිගේ ගැවසුනු ලොම් වේ”යි කී ය. ඕ දැන නො ගත්තී ය. “එසේ ය ආර්ය්යයන් වහන්ස, අලුත වියූ කම්බලයකි” යි කිවු ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (3)
4. එසමයෙහි එක්තරා ස්ත්රියක් අළුලොම් කම්බලයක් පෙරෙවියා වෙයි. සංරක්ත වූ එක්තරා මහණෙක් ඒ ස්ත්රියට “බුහුනනියනි, තිගේ රළු ලෝමැ”යි කී ය. ඕ දැන නො ගත්තී ය. “එසේ ය ආර්ය්යයන් වහන්ස, කම්බලය රළුලොම් ඇත්තෙකැ”යි කිවු ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (4)
5. එසමයෙහි එක්තරා ස්ත්රියක් උතුරු සළුවක් පෙරෙවියා වෙයි. සංරක්ත වූ එක්තරා මහණෙක් ඒ ස්ත්රියට “නඟ, තිගේ දිග ලොම්ය”යි කී ය. ඕ දැන නොගත්තී ය. “එසේ ය, ආර්ය්යයන් වහන්ස, උතුරුසළුවකි”යි කිවු ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (5)
6. එසමයෙහි එක්තරා ස්ත්රියක් කෙතක් වපුරවා එයි. එක්තරා මහණෙක් සංරක්ත වූයේ “නඟ, තිගේ කෙත වපුළේ ද?”යි කී ය. ඕ දැන නො ගත්තී ය. “එසේ ය, ආර්ය්යයන් වහන්ස, වැලිත් නැවත වපුළේ නො වේ ය”යි කිවු ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (6)
7. එසමයෙහි එක්තරා මහණෙක් පෙරමග පිරිවැජියක දැක සංරක්ත වූයේ, ඒ පිරිවැජියට “කිම නඟ, තිගේ මග මැනැවින් පවත්නේ ද?”යි ඇසී ය. ඕ නො දත්තී ය. “එසේ ය මහණ, මග බැස යන්නැ”යි කිවු ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළ සේක. (7)
8. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ එක්තරා ස්ත්රියකට “නඟ, ශ්රද්ධා ඇති වෙහි ය. එහෙත් තෝ යමක් හිමියාට දෙයි නම් එය අපට නො දෙහිය”යි කී ය. “වහන්ස, කිමෙක් දැ?”යි ඕ කිවු ය. “මෙවුන්දමය”යි හේ කී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහිය”යි භාග්යවතුන් වහන්සේ වදාළ සේක. (8)
9. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ ස්ත්රියකට “නඟ, තෝ සැදැහැවත් ය. වැලිත් යම් අග්රදානයෙක් වේ නම් එය අපට නො දෙහිය”යි කී ය. “වහන්ස, අග්රදානය යනු කිමැ?”යි කිවු ය. “මෙවුන්දමය”යි කී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් අවන්නෙහිය”යි වදාළ සේක. (9)
10. එසමයෙහි එක්තරා ස්ත්රියක් කිසි කටයුත්තක් කෙරෙයි. සංරක්ත වූ එක්තරා මහණෙක් ඒ ස්ත්රියට “නඟ, සිටුව මම් කරන්නෙමි” ... “නඟ, හිඳුව. මම් කරන්නෙමි” ... “නඟ, වැදහෙව. මම් කරන්නෙමි” යි කී ය. ඕ දැන නො ගත්තී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළා ඇවැත්වේ”යි වදාළ සේක. (10. 11. 12.)
දුට්ඨුල්ලාවාචාශික්ෂාපදය නිමි.