විනිශ්චිතවස්තු
උද්දානගාථා:
මාතු ධීතු භගිනි වත්‍ථුය, ජායා යක්ඛී පණ්ඩක වත්‍ථුය, සුත්ත මත තිරච්ඡානගත වත්‍ථුය, දාරුධීතලික වත්‍ථුය,
සමපීළන සංකම මග්ග වත්‍ථුය, රුක්ඛ නාවා රජ්ජු වත්‍ථුය, දණ්ඩ පත්ත පනාමන වන්‍දන නඡුපන වත්‍ථු ය යි විනීතවත්‍ථු විස්සකි.
1. එසමයෙහි එක්තරා මහණෙක් මාතෘප්‍රේමයෙන් මවගේ සිරුර අත ගෑ ය. ඔහුට කුකුස් විය. ... කිම? මම සඟවෙසෙස්ඇවැත් අවන්නෙම් දැ?”යි භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැළ කෙළේ ය. ... “මහණ සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
2. එසමයෙහි එක්තරා මහණෙක් දුහිතෘප්‍රෙමයෙන් දුවගේ සිරුර අත ගෑ ය. ... භගිනි ප්‍රේමයෙන් බුහුනනියන්ගේ සිරුර අත ගෑය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (2.3)
3. එසමයෙහි එක්තරා මහණෙක් ගිහිකල අඹුව හා කායසංසර්‍ගයට සමවනි. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි ය”යි වදාළ සේක. (4)
4. එසමයෙහි එක්තරා මහණෙක් යකින්නක හා කාසසඟයට සමවනි. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළ සේක. (5.)
5. එසමයෙහි එක්තරා මහණෙක් පණ්ඩකයකු හා කාසසඟයට සමවනි. ඒ මහණට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”ය යි වදාළ සේක. (6.)
6. එසමයෙහි එක්තරා මහණෙක් නිදන ස්ත්‍රියක හා කාසසඟයට සමවනි. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි”ය යි වදාළ සේක. (7.)
7. එසමයෙහි එක්තරා මහණෙක් මළ ස්ත්‍රියක හා කාසසඟයට සමවනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”ය යි වදාළ සේක. (8.)
8. එසමයෙහි එක්තරා මහණෙක් තිරිසන්ගිය මාගමක හා කාසසඟයට සමවනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (9.)
9. එසමයෙහි එක්තරා මහණෙක් දඬුමුවා පෙතැලිරුවක් හා කාසසඟයට සමවනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (10.)
10. එසමයෙහි බොහෝ ස්ත්‍රීහු එක්තරා මහණකු පෙළා අතිනතින් පැමිණවූහ. ඒ මහණහට කුකුස් වීය. ... “මහණ, තෝ ඉවසුයෙහි දැ?”යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම නො ඉවසීම්”යී හේ කීය. “මහණ, නො ඉවසන්නහුට ඇවැත් නො වේ”යී වදාළ සේක. (11.)
11. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ ස්ත්‍රියක නැගුනු ඒදණ්ඩක් සෙලවී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළා ඇවැත් වේ”යි වදාළ සේක. (12.)
12. එසමයෙහි එක්තරා මහණෙක් පෙරමග ස්ත්‍රියක දැක සංරක්ත වූයේ උරහිසින් පහර දිනි. ඒ මහණහට කුකුස් වීය. ... “මහණ, තෝ සඟවෙසෙස් ඇවැත් අවන්නෙහි”ය යි වදාළ සේක. (13.)
13. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ ස්ත්‍රියක නැගුනු ගසක් සෙලවී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත්වේ”යි වදාළ සේක. (14.)
14. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ ස්ත්‍රියක නැගුනු ඔරුවක් සෙලවී ය. ඒ මහණහට කුකුස් විය. “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (15.)
15. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ ස්ත්‍රියක ගත් රැහනක්ඇද්දේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලසිඇවැත් වේ”යි වදාළ සේක. (16.)
16. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්තවූයේ ස්ත්‍රියක ගත් දඬුකඩක් ඇද්දේ ය. ඒ මහණහට කුකුස් වීය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළ සේක. (17.)
17. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ ස්ත්‍රියක පාත්‍රයෙන් දුරු කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළ සේක. (18.)
18. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ ස්ත්‍රියක වඳින කල්හි පය එසවී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි ය”යි වදාළ සේක. (19.)
19. එසමයෙහි එක්තරා මහණෙක් ස්ත්‍රියක අල්ලා ගණිමි යි වෑයම් කොට ස්පර්‍ශ නො කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (20.)
කායසංසර්‍ග ශික්‍ෂාපදය නිමි.