4. 5. 5.
පස්වන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා මෙහෙණක් තොමෝ ථුල්ලනන්දා භික්ෂුණිය වෙත එළඹැ ‘ආර්ය්යාවෙනි එව මේ අධිකරණය සන්සිඳව” යි කිවු යැ. ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ “මැනවැ” යි ගිවිස නො මැ සන්සිඳුවයි. සන්සිඳුවාලීම පිණිස වෑයම් නො කෙරෙයි. එකල්හි ඒ මෙහෙණ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.
2. යම් මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා මෙහෙණක විසින් ‘ආර්ය්යාවෙනි එව මේ අධිකරණය සන්සිඳව’ යි කියනු ලබන්නී ‘මැනවැ’ යි ගිවිස නො මැ සන්සිඳවූ ද? සන්සිඳවාලීම පිණිස වෑයම් නො කළා දැයි … සැබෑ ද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී මෙහෙණක විසින් ‘ආර්ය්යාවෙනි එව මේ අධිකරණය සන්සිඳවයි කියනු ලබන්නී මැනැවැ යි ගිවිසැ නො මැ සන්සිඳවා ද සන්සිඳවාලීම පිණිස වෑයම් නො කෙරේ දැ’ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ … “කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී මෙහෙණක විසින් ‘ආර්ය්යාවෙනි එව මේ අධිකරණය සන්සිඳව’ යි කියනු ලබන්නී මැනැවැ යි ගිවිසැ නො ම සන්සිඳවු ද සන්සිඳවාලීම පිණිස වෑයම් නො කළා දැ යි. මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසෙත්වා:
“යම් මෙහෙණක් මෙහෙණක විසින් ‘ආර්ය්යාවෙනි එව මේ අධිකරණය සන්සිඳව’ යි කියනු ලබන්නී මැනැවැයි ගිවිසැ පසුවැ අනතුරක් නැත්තී නො මැ සන්සිඳවා නම් සංසිඳවීමට වෑයම් නො කෙරේ නම් පචිති වේ” ය යි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණී යි.
භික්ඛුනියා: අන් මෙහෙණක විසින්.
අධිකරණ නම්: විවාදාධිකරණ යැ අනුවාදාධිකරණ යැ ආපත්තාධිකරණ යැ කිච්චාධිකරණ යැ යි සතර අධිකරණයෙකි.
එහය්යෙ ඉමං අධිකරණං වූපසමෙහි: ආර්ය්යාවෙනි එව මේ අධිකරණය විනිශ්චය කරව.
සා පච්ඡා අන්නතරායිකිනී: අනතුරක් නැති කල්හි.
නේව වූපසමෙය්ය: තොමෝ නො සන්සිඳුව යි.
න වූපසමාය උස්සුක්කං කරෙය්ය: මෙරමාහට නො අණවයි. නො මැ සන්සිඳවන්නෙමි, සන්සිඳවාලීම පිණිස වෑයම් නො කරන්නෙමි යි ධුරනික්ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
උපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා අධිකරණය නො මැ සන්සිඳවා නම් සන්සිඳවාලීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා අධිකරණය නොමැ සන්ඳුසිවා නම් සන්සිඳවාලීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා නො මැ සන්සිඳවා නම් සන්සිඳවාලීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති ඇවැත් වේ.