3. 4.
සතරවන සිකපදය
1. ශ්රාවස්තිනිදානයි – එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ ගිලන් වූවා වෙයි. එකල්හි එක්තරා උවසුවෙක් ථුල්ලනන්දා භික්ෂුණිය වෙත එළැඹියේ යැ. එළැඹ ථුල්ලනන්දා භික්ෂුණියහට මෙය කීයැ. “ආර්ය්යාවෙනි, ඔබට කිනම් අඵාසුවෙක්ද? ඔබට කුමක් ගෙන එනු ලබනු මනාදැයි. ඇවැත, මට ගිතෙලින් ප්රයෝජන වෙයි. එකල්හි ඒ උවසු තෙමේ එක්තරා වෙළෙඳක්හුගේ ගෙයින් කහවණුවක ගිතෙල් ගෙනවුත් ථුල්ලනන්දා භික්ෂුණියහට දුන්නේ යැ. ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ “ඇවැත, මට ගිතෙලින් ප්රයෝජන නොවේ, මට තල තෙලෙන් ප්රයෝජන වේ” යැයි (කිවුයැ.) එකල්හි ඒ උවසු තෙමේ ඒ වෙළෙඳා වෙත එළැඹියේ යැ. එළැඹැ ඒ වෙළෙඳහට මෙය කීයැ. “ආර්ය්යය, ආර්ය්යාවහට ගිතෙලෙන් ප්රයෝජන නොවේ ල, තලතෙලෙන් ප්රයෝජන වේල, ඔබගේ ගිතෙල් ගන්නැ, මට තලතෙල් දෙන්නැ” යි. “ආර්ය්යය, ඉදින් අපි විකුණන ලද බඩු යළි ගන්නෙමු නම් කෙදිනෙක අපගේ බඩු විකිණෙන්නේ ද? ගිතෙල් මිලයෙන් ගිතෙල් ගෙනයන ලදී. තලතෙල් මිල ගෙනෙව. (එකල්හි) තලතෙල් ගෙන යන්නේ යැ යි. එකල්හි ඒ උවසු තෙමේ ලමු කොට සිතයි. නුගුණ පවසයි, දොස් පතුරුවයි. “කෙසේ නම් ආර්ය්ය ථුල්ලනන්දා තොමෝ අනෙකක් විනවා අනෙකක් විනවූදැ”යි ... “සැබෑද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ අනෙකක් විනවා අනෙකක් විනවූදැ”යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ අනෙකක් විනවා අනෙකක් විනවූදැ” යි. මහණෙනි මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් අනෙකක් විනවා (ඉන්) අනෙකක් විනවා නම් නිසඟි පචිති වේ යයි.
2. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණිය යි.
අඤ්ඤං විඤ්ඤාපෙත්වා: යම් කිසිවක් විනවා,
අඤ්ඤං විඤ්ඤාපෙය්ය: එය තබා අනෙකක් විනවා නම් පියෝහි දුකුළා වෙයි. ප්රතිලාභයෙන් නිසඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි නිසැජිය යුතු යි ... ආර්ය්යාවෙනි, මා විසින් අනෙකක් විනවා (ඉන්) අනෙකක් විනවන ලදී. (එහෙයින්) මෙය නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්ය්යාවහට දෙමි යි.
අනෙකෙක්හි අන්සන් ඇතියා අනෙකක් විනවා නම් නිසඟි පචිති වෙයි. අනෙකෙක්හි විමති ඇතියා අනෙකක් විනවා නම් නිසඟි පචිති වෙයි. අනෙකෙක්හි නො අන්සන් ඇතියා අනෙකක් විනවා නම් නිසඟි පචිති වෙයි.
නො අනෙකෙක්හි අන්සන් ඇතියා නො අනෙකක් විනවා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකෙක්හි විමති ඇතියා නො අනෙකක් විනවා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකෙක්හි නො අන්සන් ඇතියා ඇවැත් නැති.
එයම විනවා නම්, අනෙකකුත් විනවා නම්, අනුසස් දක්වා විනවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
සතරවන සිකපදයි.
3. 5.
පස්වන සිකපදය
1. ශ්රාවස්තිනිදානයි – එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ ගිලන් වූවා වෙයි. එකල්හි එක්තරා උවසුවෙක් ථුල්ලනන්දා භික්ෂුණිය වෙත එළැඹියේ යැ. එළැඹැ ථුල්ලනන්දා භික්ෂුණියට “කිම ආර්ය්යාවෙනි, ඉවසිය හැකි ද? කිම යැපියහැකිදැ” යි මෙය කීයැ. “ඇවැත, මට ඉවසිය නො හැකියැ, යැපිය නො හැකියැ” යි. ආර්ය්යාවෙනි, අසුවල් වෙළෙඳාගේ ගෙහි කහවණුවක් තබන්නෙමි, එයින් යමක් කැමැත්තෙහිනම් එය ගෙන්වාගන්නේ යැයි. ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ, “යා සික්මනුව, අසුවල් වෙළෙඳාගේ ගෙයින් කහවණුවකට තලතෙල් ගෙනෙව” යි එක්තරා සික්මනුවකට ඇණවූයැ. එකල්හි ඒ සික්මනු තොමෝ ඒ වෙළෙන්දාගේ ගෙයින් කහවණුවකට තලතෙල් ගෙනවුත් ථුල්ලනන්දා භික්ෂුණියට දුන්නායැ. ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ සික්මනුව, “මට තලතෙලෙන් ප්රයෝජන නොවෙයි, මට ගිතෙලෙන් ප්රයෝජන වේයයි” (කිවුයැ.) එකල්හි ඒ සික්මනු තොමෝ ඒ වෙළෙඳා වෙත එළැඹියා යැ. එළැඹැ ඒ වෙළෙඳහට මෙය කිවු යැ. “ඇවැත, ආර්ය්යාවහට තල තෙලෙන් ප්රයෝජන නොවේල, ගිතෙලෙන් ප්රයෝජන වේල, ඔබගේ තලතෙල් ගන්නැ, මට ගිතෙල් දෙන්නැ” යි. “ආර්ය්යාවෙනි, ඉදින් අපි විකුණන ලද බඩු යළි ගන්නෙමු නම් කෙදිනෙකැ අපගේ බඩු විකිණෙන්නේද? තල තෙල් මිලයෙන් තලතෙල් ගෙන යන ලදී. ගිතෙල් මිල ගෙනෙව. (එකල්හි) ගිතෙල් ගෙන යන්නේයැයි.