3. නිසඟිපචිති
3. 1.
පළමු සිකපදය
ආර්ය්යාවෙනි මේ තිස් නිසඟි පචිති ධර්මයෝ උදෙසීමට පැමිණෙත්.
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මෙහෙණෝ බොහෝ පාත්ර රැස් කෙරෙති. මිනිස්සු විහාරචාරිකාවෙහි හැසිරෙන්නාහු දැක ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් භික්ෂුණීහු බොහෝ පාත්ර රැස් කොළෝ ද, භික්ෂුණීහු පාත්ර වෙළඳාමක් හෝ කොළෝ ද, බඳුන්වෙළඳ හලක් හෝ විවෘත කොළෝ” දැ යි.
2. භික්ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු මැයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් සවග මෙහෙණෝ පාත්ර රැස් කොළෝ” දැයි ... “සැබෑ ද මහණෙනි, සවග මෙහෙණෝ පාත්ර රැස් කෙරෙද්දැ” යි, සැබැව භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ ... “කෙසේ නම් මහණෙනි සවග මෙහෙණෝ පාත්ර රැස් කොළෝදැ”යි. මහණෙනි මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් තොමෝ පාත්ර රැස් කෙරේ නම් නිසඟි පචිති වේ යයි.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණිය යි.
පත්ත නම්: යමුවාපය මැටිමුවාපයැයි දෙ පාත්රයෙකි. උත්කෘෂ්ට පාත්ර යැ මධ්යම පාත්ර යැ ඔමක පාත්ර යැයි පාත්රය පිළිබඳ ප්රමාණ තුනෙකි. උත්කෘෂ්ට පාත්රය නම් මගද නැළියෙන් දෙ නැළියක බත් ද ඉන් සිවු වැනි කොටසක් පමණ වූ මුද්ග සූපය ද එයට සරිලන ව්යඤ්ජනය ද ගන්නේ වෙයි. මාධ්යම පාත්රය නම් නැළියක බත් ද ඉන් සිවුවැනි කොටසක් පමණ වූ මුද්ගසූපය ද එයට සරිලන ව්යඤ්ජනය ද ගන්නේ වෙයි. ඔමක පාත්රය නම් අඩ නැළියක බත් ද ඉන් සිවුවැනි කොටසක් පමණ වූ මුද්ගසූපය ද එයට සරිලන ව්යඤ්ජනය ද ගන්නේ වෙයි. ඒ උත්කෘෂ්ට පාත්රයෙන් උත්කෘෂ්ට වූයේ අපාත්රය වෙයි. (ඒ ඔමක පාත්රයෙන්) ඔමක වූයේ අපාත්රය වේ.
සන්නිචයං කරෙය්ය: නො ඉටු නො විකැපූ පය යි.
නිස්සග්ගියො හොති: අරුණ නැඟීම සමඟ නිසැඟි වෙයි. සඞ්ඝයාට හෝ ගණයාට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි, නිසැජිය යුතුයි. ඒ මෙහෙණ විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟසිවුර එකස් කොට වැඩිමහලු මෙහෙණන්ගේ පා වැඳ උත්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ “ආර්ය්යාවෙනි, මාගේ මේ පාත්රය රැයක් ඉක්ම ගියේ නිසැඟි විය. මම මෙය සඞ්ඝයාට නිසජමි” යි මෙසේ කිය යුතු වන්නේ යැ. නිසැජැ ඇවැත් දෙසිය යුතුයි. ව්යක්ත වූ ප්රතිබල වූ මෙහෙණක විසින් ඇවැත් පිළිගත යුතුයි. නිසැජූ පය දිය යුතුයි.
ආර්ය්යාවෙනි, සඞ්ඝතෙමේ මවදන් අසාවා. මෙනම් ඇති මෙහෙණගේ මේ පාත්රය තෙමේ නිසැඟි වූයේ සඞ්ඝයාට නිසඳන ලද්දේ යැ. ඉදින් සඟනට පැමිණි කල් ඇත්තේ නම් මේ පාත්රය සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මෙහෙණහට දෙන්නේ යැයි.
ඒ මෙහෙණ විසින් බොහෝ මෙහෙණන් වෙත එළඹ උතුරුසඟසිවුර එකස් කොට වැඩිමහලු මෙහෙණන්ගේ පා වැඳ උත්කුටුකයෙන් හිඳ, “ආර්ය්යාවෙනි, මාගේ මේ පාත්රය රැයක් ඉක්මගියේ නිසඟි විය. මම මෙය ආර්ය්යාවනට නිසජමි” යි මෙසේ කියයුතු වන්නාහ. නිසැජැ ඇවැත් දෙසිය යුතුයි. ව්යක්ත වූ ප්රතිබල වූ මෙහෙණක විසින් ඇවැත් පිළිගත යුතුයි. නිසැජූ පය දිය යුතුයි.
ආර්ය්යාවෝ, මා වදන් අසත්වා. මෙ නම් ඇති මෙහෙණගේ මේ පාත්රය තෙමේ නිසැඟි වූයේ ආර්ය්යාවනට නිසඳන ලද්දේ යැ. ඉදින් ආර්ය්යාවනට පැමිණි කල් ඇත්තේ නම් ආර්ය්යාවෝ මේ පාත්රය මෙ නම් ඇති මෙහෙණහට දෙන්නාහු නම් මැනැවැ යි.
ඒ මෙහෙණ විසින් එක් මෙහෙණක වෙත එළඹ උතුරුසඟසිවුර එකස් කොට උත්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ “ආර්ය්යාවෙනි, මාගේ මේ පාත්රය තෙමේ රැයක් ඉක්මගියේ නිසැඟි විය. මම මෙය ආර්ය්යාවහට නිසජමි” යි මෙසේ කියයුතු වන්නී යැ. නිසැජැ ඇවැත් දෙසිය යුතුයි. ඒ මෙහෙණ විසින් ඇවැත් පිළිගත යුතුයි. මේ පාත්රය ආර්ය්යාවහට දෙමියි නිසැජූ පය දිය යුතුයි.