7. 3. 3.
භික්ඛු සූත්රය
3145. මහණෙනි, මේ ඉද්ධිපාද සතරෙකි. කවර සතරෙක්ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ ඉද්ධිපාද සතර යි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මහණ ආස්රවයන් ක්ෂය කිරීමෙන් අනාස්රව වූ ඵලසමාධියත් ඵලප්රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
7. 3. 4.
සුද්ධක සූත්රය
3146. මහණෙනි, මේ ඉද්ධිපාද සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ සිවු ඉදුපා යි.
7. 3. 5.
ඵල සූත්රය
3147. මහණෙනි, මේ ඉදුපා සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ සිවු ඉදුපා යි. මහණෙනි, මේ සතර ඉද්ධිපාද වැඩූ බැවින් බහුල කළ බැවින් ඵලද්වය අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතු. දිටුදැමියෙහි ම රහත් බව හෝ උපාදානසේස ව ඇති කල්හි අනගැමි බව හෝ යි.
7. 3. 6.
දුතියඵල සූත්රය
3148. මහණෙනි, මේ ඉදුපා සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ සතර ඉද්ධිපාද යි.
මහණෙනි, මේ සතර ඉද්ධිපාද වැඩූ බැවින් බහුල කළ බැවින් සත් ඵල කෙනෙක් සත් අනුසස් කෙනෙක් කැමති විය යුතු. කවර සත් ඵල කෙනෙක් සත් අනුසස් කෙනෙක් ද යත්: දිටුදැමියෙහි ම පෙරාතු ව රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතු ව රහත් බව නො ලබා නම් එකල්හි මරණසමයෙහි රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතු ව රහත් බව නො ලබා නම් ඉදින් මැරෙන කල්හි රහත් බව නො ලබා නම් එකල්හි පස් ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් අතර කෙලෙස් පිරිනිවෙනින් පිරිනිවෙනසුලු වේ. (ආයුමැද ඉක්මවා) ආයුකෙළවරට ළං ව කෙලෙස්පිරිනිවෙනින් පිරිනිවෙනසුලු වෙයි. පියෝ නැති ව කෙලෙස්පිරිනිවෙනින් පිරිනිවෙනසුලු වෙයි. පියෝ ඇති ව කෙලෙස් පිරිනිවෙනින් පිරිනිවෙනසුලු වෙයි. අකනිට්ඨගාමී උද්ධංසෝත වෙයි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මේ සත්පල සත් අනුසස් කැමති විය යුතු යි.