7. 3. 4.
සුද්ධක සූත්‍රය
3146. මහණෙනි, මේ ඉද්ධිපාද සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ සිවු ඉදුපා යි.
7. 3. 5.
ඵල සූත්‍රය
3147. මහණෙනි, මේ ඉදුපා සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ සිවු ඉදුපා යි. මහණෙනි, මේ සතර ඉද්ධිපාද වැඩූ බැවින් බහුල කළ බැවින් ඵලද්වය අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතු. දිටුදැමියෙහි ම රහත් බව හෝ උපාදානසේස ව ඇති කල්හි අනගැමි බව හෝ යි.
7. 3. 6.
දුතියඵල සූත්‍රය
3148. මහණෙනි, මේ ඉදුපා සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ සතර ඉද්ධිපාද යි.
මහණෙනි, මේ සතර ඉද්ධිපාද වැඩූ බැවින් බහුල කළ බැවින් සත් ඵල කෙනෙක් සත් අනුසස් කෙනෙක් කැමති විය යුතු. කවර සත් ඵල කෙනෙක් සත් අනුසස් කෙනෙක් ද යත්: දිටුදැමියෙහි ම පෙරාතු ව රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතු ව රහත් බව නො ලබා නම් එකල්හි මරණසමයෙහි රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතු ව රහත් බව නො ලබා නම් ඉදින් මැරෙන කල්හි රහත් බව නො ලබා නම් එකල්හි පස් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් අතර කෙලෙස් පිරිනිවෙනින් පිරිනිවෙනසුලු වේ. (ආයුමැද ඉක්මවා) ආයුකෙළවරට ළං ව කෙලෙස්පිරිනිවෙනින් පිරිනිවෙනසුලු වෙයි. පියෝ නැති ව කෙලෙස්පිරිනිවෙනින් පිරිනිවෙනසුලු වෙයි. පියෝ ඇති ව කෙලෙස් පිරිනිවෙනින් පිරිනිවෙනසුලු වෙයි. අකනිට්ඨගාමී උද්ධංසෝත වෙයි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මේ සත්පල සත් අනුසස් කැමති විය යුතු යි.
7. 3. 7.
ආනන්‍ද සූත්‍රය
3149. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ ... එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, ඉද්ධි කවරේ ද ඉද්ධිපාද කවරේ ද ඉද්ධිපාදභාවනා කවරේ ද ඉද්ධිපාදභාවනාගාමිනීපටිපදා කවරේ දැ”යි.
ආනන්‍ද, මෙහි මහණ නන් වැදෑරුම් ඉදුකොටස් විඳියි: “එකෙක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක් දු කයින් වසයෙහි පවත්වයි”. ආනන්‍ද, මේ ඉදු යි කියනු ලැබේ. ආනන්‍ද, ඉදුපා කවරේ ද යත්: ආනන්‍ද, යම් මඟෙක් යම් පිළිවෙතෙක් ඉදු ලැබුම ඉදු පිළිලැබුම පිණිස පවතී නම් ආනන්‍ද, මේ ඉදුපා යි කියනු ලැබේ. ආනන්‍ද, ඉදුපා වැඩුම කවරේද යත්: ආනන්‍ද, මෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. ආනන්‍ද, මේ ඉදුපා වැඩුමැ යි කියනු ලැබේ. ආනන්‍ද, ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟි මඟ මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. ආනන්‍ද, මේ ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙතැයි කියනු ලැබේ යි.
7. 3. 8.
දුතිය ආනන්‍ද සූත්‍රය
3150. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “ආනන්‍ද, ඉදු කවරේ ද, ඉදුපා කවරේ ද, ඉදුපා වැඩුම කවරේ ද, ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙත කවරේ ද”යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... ආනන්‍ද, මෙහි මහණ නන් වැදෑරුම් ඉදුකොටස් විඳියි ... ආනන්‍ද, මේ ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙතැ යි කියනු ලැබේ යි.
7. 3. 9.
සම්බහුලභික්ඛු සූත්‍රය
3151. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත් පස් ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, ඉදු කවරේ ද, ඉදුපා කවරේ ද, ඉදුපා වැඩුම කවරේ ද, ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙත කවරේ දැ”යි. මහණෙනි, මෙහි මහණ නන් වැදෑරුම් ඉදුකොටස් විඳී: එකෙක් ව ද බොහෝ අයුරු වේ ... මහණෙනි, මේ ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙතැ යි කියනු ලැබේ යි.