7. 2. 10.
විභඞ්ග සූත්රය
3142. මහණෙනි, මේ සතර ඍද්ධිපාද වඩන ලද්දේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සතර ඍද්ධිපාද මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්දය ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය ... පච්ඡාපුරේ සඤ්ඤා ඇත්තේ ද වෙසේ. මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
“පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ ය. යට යම් සේ නම් උඩත් එසේ ය. උඩ යම්සේ නම් යටත් එසේ ය. දහවල යම් සේ නම් රෑත් එසේ ය. රෑ යම්සේ නම් දහවලුත් එසේ ය”යි පච්ඡා පුරෙසඤ්ඤා ඇත්තේ ද වෙසේ.
මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
මහණෙනි, ඉතා සැඟවුණු ඡන්දය කවරේ ද යත්: මහණෙනි, යම් ඡන්දයෙක් කුසීතබව සහගියේ කුසීතබව සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා සැඟවුණු ඡන්දය යි කියනු ලැබේ. මහණෙනි, ඉතා දැඩි කොට ගන්නා ලද ඡන්දය කවරේ ද යත්: මහණෙනි, යම් ඡන්දයෙක් උද්ධච්චය සහගියේ උද්ධච්චය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා දැඩි කොට ගන්නා ලද ඡන්ද යයි කියනු ලැබේ. මහණෙනි, ඇතුළත හැකුළුණු ඡන්දය කවරේ ද යත්: මහණෙනි, යම් ඡන්දයෙක් ථීනමිද්ධය සහගියේ ථීනමිද්ධය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඇතුළත හැකුළුණු ඡන්ද යයි කියනු ලැබේ. මහණෙනි, පිටත විසුරුණු ඡන්දය කවරේ ද යත්: මහණෙනි, යම් ඡන්දයෙක් පිටත පස්කම්ගුණ ඇරබ අනු ව විසුරුණේ අනු ව විසළේ වේ ද, මහණෙනි, මේ පිටත විසුරුණු ඡන්ද යයි කියනු ලැබේ.
මහණෙනි, මහණ කෙසේ නම් “පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ යයි පච්ඡාපුරේසඤ්ඤා ඇති ව වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණහු විසින් පච්ඡාපුරේසඤ්ඤාව මැනවින් ගන්නා ලද්දී මොනවට මෙනෙහි කරන ලද්දී මැනවින් දරන ලද්දී නුවණින් මොනවට පිළිවිදුනා ලද්දී වේ ද, මහණෙනි, මෙසේ මහණ තෙමේ “පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ ය”යි පච්ඡාපුරේසඤ්ඤා ඇති ව වෙසේ.
මහණෙනි, කෙසේ නම් මහණ යට යම්සේ නම් උඩත් එසේ ව උඩ යම් සේ නම් යටත් එසේ ව වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණ පාදතලයෙන් උඩ කෙස්මතුයෙන් යට සිවිය කෙළවර කොට ඇති නන් වැදෑරුම් අසුචියෙන් පිරුණු මේ කය ම ප්රත්යවේක්ෂා කෙරෙයි. මේ කයෙහි කෙස් ලොම් නිය දත් සිවි මස් නහර ඇට ඇටමිදුලු වකුගඩු හදමස අක්මා දලබුව බඩදිව පපුමස අතුනු අතුනුබහන් නොපැසුණු අහර පැසුණු අහර පිත් සෙම් පූයා ලේ ඩහ මේදතෙල කඳුළු වුරුණු තෙල කෙල මුකුනු සඳමිදුලු මූ ඇතැ”යි. මහණෙනි, මෙසේ මහණ තෙමේ යට යම් බඳු නම් උඩත් එසේ ව උඩ යම් බඳු නම් යටත් එසේ ව වෙසේ.
මහණෙනි, කෙසේ නම් මහණ දහවල් යම් බඳු නම් රෑත් එසේ ව රෑ යම් බඳු නම් දහවලුත් එසේ ව වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණ යම් කොටස්වලින් යම් සටහන්වලින් යම් වැටහීම්වලින් දහවල් ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩා ද, හෙතෙමේ ඒ කොටස්වලින් ඒ සටහන්වලින් ඒ වැටහීම් වලින් රෑත් ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. යම් කොටස්වලින් හෝ යම් සටහන්වලින් හෝ යම් වැටහීම්වලින් හෝ රෑ ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩා ද, හෙතෙමේ ඒ කොටස්වලින් ඒ සටහන්වලින් ඒ වැටහීම්වලින් දහවලුත් ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මෙසේ මහණතෙමේ දහවල් යම් බඳු නම් රෑත් එසේ ව රෑ යම් බඳු නම් දහවලුත් එසේ ව වෙසේ.
මහණෙනි, කෙසේ නම් මහණ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩා ද යත්: මහණෙනි, මෙහි මහණහු විසින් ආලෝකසඤ්ඤාව මැනවින් ගන්නා ලද්දී දිවාසඤ්ඤාව මැනවින් තබන ලද්දී වේ ද, මහණෙනි, මෙසේ මහණ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
මහණෙනි, ඉතා සැඟවුණු වීර්ය්යය කවරේ ද යත්: මහණෙනි, යම් වීර්ය්යයෙක් කෝසජ්ජය සහගියේ කෝසජ්ජය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා සැඟවුණු වීර්ය්යය යි කියනු ලැබේ. මහණෙනි, ඉතා දැඩි කොට ගන්නා ලද වීර්ය්යය කවරේ ද යත්: මහණෙනි, යම් වීර්ය්යයෙක් උද්ධච්චය සහගියේ උද්ධච්චය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා දැඩි කොට ගන්නා ලද වීර්ය්යය යි කියනු ලැබේ. මහණෙනි, ඇතුළත හැකුළුණු වීර්ය්යය කවරේ ද යත්: මහණෙනි, යම් වීර්ය්යයෙක් ථීනමිද්ධය සහගියේ ථීනමිද්ධය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඇතුළත හැකුළුණු වීර්ය්යය යි කියනු ලැබේ. මහණෙනි, පිටත විසුරුණු වීර්ය්යය කවරේ ද යත්: මහණෙනි, යම් වීර්ය්යයෙක් පිටත පස්කම් ගුණ ඇරබ අනු ව විසුරුණේ අනු ව විසළේ වේ ද, මහණෙනි, මේ පිටත විසුරුණු වීර්ය්යය යි කියනු ලැබේ ... බැබළුම් සහිත සිත වඩයි.