4. 4. 9.
කට්ඨොපම සූත්රය
1723. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්ද්රිය දුක්ඛින්ද්රිය සෝමනස්සින්ද්රිය දෝමනස්සින්ද්රිය උපෙක්ඛින්ද්රිය යි. මහණෙනි, සුව වේදනාවට හිත වූ පහස නිසා සුඛින්ද්රිය උපදි. හෙතෙමේ හටගත් සුව ඇත්තේ ම සුඛිතයෙමි යි දැනගනී. සුවවේදනාව ට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, සුවවේදනාවට හිත වූ පහස නිසා උපන් යම් සුඛින්ද්රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ. එය සන්හිඳේ යි දැනගනී. මහණෙනි, දුක්වේදනාවට හිත වූ පහස නිසා දුක්ඛින්ද්රිය උපදී. හෙතෙමේ හටගත් දුක් ඇත්තේ ම දුක්ඛිතයෙමි යි දැනගනී. දුක්වේදනාවට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, දුක්වේදනාවට හිත වූ පහස නිසා උපන් යම් දුක්ඛින්ද්රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ, එය සන්හිඳේ යි දැනගනී.
මහණෙනි, සෝමනස්සවේදනාවට හිත වූ පහස නිසා සෝමනස්සින්ද්රිය උපදී. හෙතෙමේ සුඛිත සිත් ඇත්තේ ම සුමනස්මි යි දැනගනී. සෝමනස්සවේදනාවට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, සොම්නස් වේදනාවට හිත වූ පහස නිසා උපන් යම් සෝමනස්සින්ද්රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ, එය සන්හිඳේ යි දැනගනී. මහණෙනි, දොම්නස්වේදනාවට හිත වූ පහස නිසා දෝමනස්සින්ද්රිය උපදී. හෙතෙමේ දුක්ඛිත සිත් ඇත්තේ ම දුර්මනස්මි යි දැනගනී. දොම්නස් වේදනාවට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, දොම්නස් වේදනාවට හිත වූ පහස නිසා උපන් යම් දෝමනස්සින්ද්රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ, එය සන්හිඳේ යී දැනගනී. මහණෙනි, මැදහත්වෙදනාවට හිත වූ පහස නිසා උපෙක්ඛින්ද්රිය උපදී. හෙතෙමේ මැදහත් බැව් ඇත්තේ ම උපේක්ෂකයෙමි යි දැනගනී. උපේක්ෂා වේදනාවට හිත වූ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, උපේක්ෂාවේදනාවට හිත වූ පහස නිසා උපන් යම් උපෙක්ඛින්ද්රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ. එය සන්හිඳේ යී දැනගනී.
මහණෙනි, යම්සේ ගිනිගානා දඬු දෙකෙක ගැටීමෙන් හා එක්වීමෙන් උණුසුම උපදී ද, ගින්න හටගනී ද, ඒ දඬු දෙකේ ම වෙන් වීමෙන් වෙන් කොට තැබීමෙන් එයින් හටගත් යම් උණුසුමෙක් වේ නම් එය නිරුද්ධ වේ ද, එය සන්හිඳේ ද, මහණෙනි, එසෙයින් ම සුවවේදනාවට හිත වූ පහස නිසා සුඛින්ද්රිය උපදී. හෙතෙමේ හටගත් සුව ඇත්තේ ම සුබිතයෙමි යි දැනගනී. සුවවේදනාවට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, සුවවේදනාවට හිත වූ පහස නිසා උපන් යම් සුඛින්ද්රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ, එය සන්හිඳේ යී දැනගනී. දුක්වේදනාවට හිත වූ ... සොම්නස්වේදනාවට හිත වූ ... දොම්නස්වේදනාවට හිත වූ ... මැදහත්වේදනාවට හිත වූ පහස නිසා උපෙක්ඛින්ද්රිය උපදී. හෙතෙමේ උපේක්ෂා ඇත්තේ ම උපේක්ෂකයෙමි යී දැනගනී. උපේක්ෂාවේදනාවට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් ගටගත් යම් වේදනාවක්, උපේක්ෂාවේදනාවට හිත වූ පහස නිසා උපන් යම් උපෙක්ඛින්ද්රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ. එය සන්හිඳේ යි දැනගනි යි.
4. 4. 10.
උප්පටිපාටික සූත්රය
1724. මහණෙනි, මේ ඉන්ද්රිය පසෙකි. කවර පසෙක් ද යත්: දුක්ඛින්ද්රිය, දෝමනස්සින්ද්රිය, සුඛින්ද්රිය, සෝමනස්සින්ද්රිය, උපෙක්ඛින්ද්රිය යි. මහණෙනි, මෙහි, නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන මහණහට දුක්ඛින්ද්රිය උපදී. හේ මෙසේ දැනගනී. මට මේ දුක්ඛින්ද්රිය උපන, හෙ ද නිමිති සහිත ය, නිදාන සහිත ය, සංස්කාර සහිත ය, ප්රත්යය සහිත ය, ඒ දුක්ඛින්ද්රිය නිමිති රහිත ව නිදාන රහිත ව සංස්කාර රහිත ව ප්රත්යය රහිත ව උපදනේය යන මෙකරුණ ඒකාන්තයෙන් නැත. හේ දුක්ඛින්ද්රියයත් දැනගනී. දුක්ඛින්ද්රිය සමුදයයත් දැනගනී. දුක්ඛින්ද්රියනිරෝධයත් දැනගනී. යම් තැනක උපන් දුක්ඛින්ද්රිය නිරවශේෂයෙන් නිරුද්ධ වේ නම් එ ද දැනගනී. කොහි උපන් දුක්ඛින්ද්රිය නිරවශේෂයෙන් නිරුද්ධ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුසල් දහමුන්ගෙන් වෙන්ව ම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට පැමිණ වෙසේ. මෙහි උපන් දුක්ඛින්ද්රිය නිරවශේෂයෙන් නිරුද්ධ වෙයි. මහණෙනි, මේ මහණ දුක්ඛින්ද්රියයේ නිරෝධය දත්තේ ය, ඒ බැව් පිණිස සිත එළවා යි කියනු ලැබේ.