4. සුඛින්ද්රිය වර්ගය
4. 4. 1.
සුද්ධික සූත්රය
1715. මහණෙනි, මේ ඉන්ද්රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්ද්රිය දුක්ඛින්ද්රිය සෝමනස්සින්ද්රිය දෝමනස්සින්ද්රිය උපෙක්ඛින්ද්රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
4. 4. 2.
සෝත සූත්රය
1716. මහණෙනි, මේ ඉන්ද්රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්ද්රිය දුක්ඛින්ද්රිය සෝමනස්සින්ද්රිය දෝමනස්සින්ද්රිය උපෙක්ඛින්ද්රිය යි. මහණෙනි, යම් කලෙක අරීසවු තෙමේ මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී ද, මහණෙනි, මේ අරීසවු තෙමේ සිවුඅපායෙහි නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් යි කියනු ලැබේ යි.
4. 4. 3.
අරහන්ත සූත්රය
1717. මහණෙනි, මේ ඉන්ද්රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්ද්රිය ... උපෙක්ඛින්ද්රිය යි. මහණෙනි, යම් කලෙක මහණ මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත්, ආදීනවයත් නිස්සරණයත් තතුසේ දැන මිදුණේ වේ ද, මහණෙනි, මේ මහණ ක්ෂය කළ ආස්රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි ස්වාර්ත්ථ ඇති සහමුලින් ක්ෂය වූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු රහතැ යි කියනු ලැබේ යි.
4. 4. 4.
සමණබ්රාහ්මණ සූත්රය
1718. මහණෙනි, මේ ඉන්ද්රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්ද්රිය ... උපෙක්ඛින්ද්රිය යි. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිත්ද ... දනිත්ද ... තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.
4. 4. 5.
දුතිය සමණබ්රාහ්මණ සූත්රය
1719. මහණෙනි, මේ ඉන්ද්රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්ද්රිය ... උපෙක්ඛින්ද්රිය යි. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සුඛින්ද්රිය නො දනිත් ද සුඛින්ද්රියසමුදයය නො දනිත් ද සුඛින්ද්රියනිරෝධය නො දනිත් ද සුඛින්ද්රියනිරොධගාමිනීපටිපදාව නො දනිත් ද දුක්ඛින්ද්රිය නො දනිත් ද ... සෝමනස්සින්ද්රිය නො දනිත් ද ... දෝමනස්සින්ද්රිය නො දනිත් ද ... උපෙක්ඛින්ද්රිය නො දනිත්ද ... උපෙක්ඛින්ද්රියසමුදය නො දනිත්ද ... උපෙක්ඛින්ද්රියනිරොධය නො දනිත් ද ... උපෙක්ඛීන්ද්රියනිරොධගාමිනීපටිපදව නො දනිත් ... දනිත් ... තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.
4. 4. 6.
විභඞ්ග සූත්රය
1720. මහණෙනි, මේ ඉන්ද්රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්ද්රිය ... උපෙක්ඛින්ද්රිය යි. මහණෙනි, සුඛින්ද්රිය කවරේ ද යත්: මහණෙනි, කායප්රසාදය වස්තු කොට ඇති සුව වූ කායප්රසාදය වස්තු කොට ඇති මිහිරි වූ කාපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ සුඛින්ද්රිය යි කියනු ලැබේ. මහණෙනි, දුක්ඛින්ද්රිය කවරේ ද යත්: මහණෙනි, කායප්රසාදය වස්තු කොට ඇති දුක් වූ කායප්රසාදය වස්තු කොට ඇති අමිහිරි වූ කාපහසින් හටගත් දුක් වූ අමිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ දුක්ඛින්ද්රිය කියනු ලැබේ. මහණෙනි, සෝමනස්සින්ද්රිය කවරේ ද යත්: මහණෙනි, සිත පිළිබඳ සුව වූ සිත පිළිබඳ මිහිරි වූ මනපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ සෝමනස්සින්ද්රිය යි කියනු ලැබේ. මහණෙනි, දෝමනස්සින්ද්රිය කවරේ ද යත්: මහණෙනි, සිත පිළිබඳ දුක් වූ සිත පිළිබඳ අමිහිරි වූ මනපහසින් හටගත් දුක් වූ අමිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ දෝමනස්සින්ද්රිය යි කියනු ලැබේ. මහණෙනි, උපෙක්ඛින්ද්රිය කවරේ ද යත්: මහණෙනි, චක්ඛු සෝත ඝාන ජිව්හාප්රසාද වස්තු කොට ඇත්තා වූ හෝ සිත පිළිබඳ වූ හෝ නො ම මිහිරි වූත් නොම අමිහිරි වූත් යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ උපෙක්ඛින්ද්රිය යි කියනු ලැබේ. මහණෙනි, මොහු පසිඳුරෝ යි.