9. ගඞ්ගාපෙය්යාල වර්ගය
2. 9. 1-12.
ගඞ්ගාදි සූත්ර
723-734. මහණෙනි, යම්සේ ගඞ්ගානදිය පෙරදිගට නැමුණි පෙර දිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ සත්බොජඟ වඩන්නේ සත්බොජඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බරවූයේ වේ. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ සත්බොජඟ වඩන්නේ සත්බොජඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ මහණ සත්බොජඟ වඩන්නේ සත්බොජඟ බහුල කරන්නේ නිවනට නැමුණේ, නිවනට නැඹුරු වූයේ, නිවනට බර වූයේ යි … නිවනට බර වූයේ යි. (දොළොස් සූත්රාන්තයෝ විස්තර කට යුත්තාහ)
නවවැනි ගඞ්ගාපෙය්යාල වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
පාචීනනින්න සූත්ර සයෙකි. සමුද්දනින්න සූත්ර සයෙකි. මේ ෂට්ක දෙක සූත්ර දොළසෙක් වේ. එයින් වර්ග යි කියනු ලැබේ.
10. අප්පමාද වර්ගය
2. 10. 1-10.
තථාගතාදි සූත්ර
735-744. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිව්පා වූ ද බහුපා වූ ද යම් තාක් සත්ත්වයෝ වෙද්ද … බහුල කෙරේ යි.
(බොජ්ඣඞ්ග වශයෙන් දශසූත්රාන්තයෝ විතර කටයුතු.)
දශවැනි අප්පමාද වර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සූරිය, වත්ථ යී සූත්ර දශයෙකි.
11. බලකරණීය වර්ගය
2. 11. 1-12.
බලාදි සූත්ර
745-756 මහණෙනි, යම්සේ යම්කිසි බලකරණීය කර්මාන්තයෝ කරනු ලැබෙද්ද, … බහුල කෙරේ යි.
(බොජ්ඣඞ්ග වශයෙන් දොළොස් සූත්රාන්තයෝ විතර කටයුතු.)
එකොළොස්වැනි බලකරණීයවර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
බල, බීජ, නාම, රුක්ඛ, කුම්භ, සූක, ආකාස සූත්ර ද මේඝ සූත්ර දෙක ද නාවා, ආගන්තුක, නදී සූත්ර දැ යි දොළසෙකි.
12.ඒසනා වර්ගය
2. 12. 1-40.
එසනාදි සූත්ර
757-796 මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: කාමේසනා, භාවේසනා, බ්රහ්මචරියේසනා යි. … වැඩිය යුත්තේ යි.
(මග්ග සංයුත්තයෙහි ඒසනාවර්ගය මෙන් විතර කටයුතු)
දොළොස්වැනි ඒසනා වර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා යී චතුෂ්ක දශයෙකි. සූත්ර මුළුල්ල සාලිසෙකි.
13. ඕඝ වර්ගය
2. 13. 1-40.
ඕඝාදි සූත්ර
797-836 මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: කාමෝඝ, භවොඝ, දිට්ඨොඝ, අවිජ්ජොඝ යී … වැඩිය යුත්තේ යි.
(මග්ගසංයුත්තයෙහි ඕඝවර්ගය මෙන් විතර කටයුතු.)
තෙළෙස්වැනි ඕඝවර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
ඕඝ, යොඝ, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ ඕරම්භාගිය, උද්ධම්භාගිය යි චතුෂ්ක දශයෙකි. මුළුල්ල සාලිසෙකි.