2. 3. 3.
ඨානි සූත්රය
569. මහණෙනි, කාමරාගයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් කාමච්ඡන්දයත් උපදී. උපන් කාමච්ඡන්දයත් බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී. මහණෙනි, ව්යාපාදයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් ව්යාපාදයත් උපදී. උපන් ව්යාපාදයත් බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී. මහණෙනි, ථීනමිද්ධයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් ථීනමිද්ධයත් උපදී. උපන් ථීනමිද්ධයත් බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී. මහණෙනි, උද්ධච්චකුක්කුච්චයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් උද්ධච්චකුක්කුච්චයත් උපදී. උපන් උද්ධච්චකුක්කුච්චයත් බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී. මහණෙනි, විචිකිච්ඡාවට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් විචිකිච්ඡාවත් උපදී. උපන් විචිකිච්ඡාවත් බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී.
මහණෙනි, සතිසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් සතිසම්බොජ්ඣඞ්ගයත් උපදී. උපන් සතිසම්බොජ්ඣඞ්ගයත් වැඩීමෙන් පිරීමට යේ … මහණෙනි, උපෙඛාසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් උපෙඛාසම්බොජ්ඣඞ්ගයත් උපදී. උපන් උපෙඛාසම්බොජ්ඣඞ්ගයත් වැඩීමෙන් පිරීමට යේ යි.
2. 3. 4.
යෝනිසෝ සූත්රය
570. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නහුට නූපන් කාමච්ඡන්දයත් උපදී. උපන් කාමච්ඡන්දයත් බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී. නූපන් ව්යාපාදයත් උපදී. උපන් ව්යාපාදයත් බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී. නූපන් ථීනමිද්ධයත් උපදී. උපන් ථීනමිද්ධයත් බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී. නූපන් උද්ධච්චකුක්කුච්චයත් උපදී. උපන් උද්ධච්චකුක්කුච්චයත් බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී. නූපන් විචිකිච්ඡාවත් උපදී. උපන් විචිකිච්ඡාවත් බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී. නූපන් සතිසම්බොජ්ඣඞ්ගය නූපදී. උපන් සතිසම්බොජ්ඣඞ්ගයත් නිරුද්ධ වෙයි ... නූපන් උපෙඛාසම්බොජ්ඣඞ්ගයත් නූපදී. උපන් උපෙඛාසම්බොජ්ඣඞ්ගයත් නිරුද්ධ වෙයි.
මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නූපන් කාමච්චන්දයත් නූපදී. උපන් කාමච්චන්දයත් ප්රහීණ වෙයි. නූපන් ව්යාපාදයත් නූපදී. උපන් ව්යාපාදයත් ප්රහීණ වෙයි. නූපන් ථීනමිද්ධයත් නූපදී. උපන් ථීනමිද්ධයත් ප්රහීණ වෙයි. නූපන් උද්ධච්චකුක්කුච්චයත් නූපදී. උපන් උද්ධච්චකුක්කුච්චයත් ප්රහීණ වෙයි. නූපන් විචිකිච්ඡාවත් නූපදී. උපන් විචිකිච්ඡාවත් ප්රහීණ වෙයි. නූපන් සතිසම්බොජ්ඣඞ්ගයත් උපදී. උපන් සතිසම්බොජ්ඣඞ්ගයත් වැඩීමෙන් පිරීමට යෙයි ... නූපන් උපේඛාසම්බොජ්ඣඞ්ගයත් උපදී. උපන් උපේඛාසම්බොජ්ඣඞ්ගයත් වැඩීමෙන් පිරීමට යේ යි.
2. 3. 5.
අපරිහානිය සූත්රය
571. මහණෙනි, සත්අපරිහානිය (නො පිරිහීමට කරුණු වූ) දහම් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සත්අපරිහානිය දහම් කවරහු ද යත්: මේ සත්තබොජ්ඣඞ්ගයෝ යි. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය ය ... උපේඛාසම්බොජ්ඣඞ්ගය ය යි. මහණෙනි, මොහු සත්අපරිහානිය දහම්හු යි.