12. 5. 2.
පපාත සූත්රය
3884. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක: මහණෙනි, “යමු දිවාවිහරණය පිණිස පටිභානකූටය වෙත එළඹෙන්නෙමු” යි. ‘එසේ ය වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ බොහෝ භික්ෂූන් සමග පිලිබහන්කුළ වෙත එළඹිසේක. එක්තරා මහණෙක් පිළිබහන්කුළෙහි මහත් ප්රපාතයක් දිටී. දැක භාග්යවතුන් වහන්සේට මෙය සැල කෙළේය: “වහන්ස, මේ ප්රපාතය ඒකාන්තයෙන් මහති. වහන්ස, මේ ප්රපාතය ඒකාන්තයෙන් ඉතා මහති. වහන්ස, මේ ප්රපාතයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අනෙක් ප්රපාතක් ඇද්දෝ” යි “මහණ, මේ ප්රපාතයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අනෙක් ප්රපාතක් ඇතැ”යි. වහන්ස, මේ ප්රපාතයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අනෙක් ප්රපාතය කවරේ දැ යි.
මහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතු සේ නො දනිද් ද, “මේ දුක් හට ගැනුමැ”යි තතු සේ නො දනිද්ද, “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ”යි තතු සේ නො දනිද්ද, ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. ජරාව පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. මරණය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ජරාව පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු මරණය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත්. ජරාව පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත්. මරණය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත්.
ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට ජරාව පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට මරණය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට, ජාති ප්රපාතයට ද වැටෙත්. ජරාප්රපාතයට ද වැටෙත්. මරණ ප්රපාතයට ද වැටෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාසප්රපාතයට ද වැටෙත්. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දොමනසසයෙන් උපායාසයෙන් නො මිදෙත්. දුකින් නො මිදෙති යි කියමි.
මහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතුසේ දනිද්ද ... “මේ දුක් වැළැක්මට පුමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනිද් ද ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත්. ජරාව පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත්. මරණය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලුණාහු ජරාව පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලුණාහු මරණය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලුණාහු සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලුණාහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කෙරෙත්. ජරාව පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කෙරෙත්. මරණය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කෙරෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කෙරෙත්.
ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කොට ජරාව පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කොට මරණය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කොට සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කොට, ජාති ප්රපාතයට ද නො වැටෙත්. ජරාප්රපාතයට ද නො වැටෙත්. මරණ ප්රපාතයට ද නො වැටෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාසප්රපාතයට ද නො වැටෙත්. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දොමනසසයෙන් උපායාසයෙන් මිදෙත්. (සියලු) දුකින් මිදෙති යි කියමි. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ “දුක්ඛ” යි වීර්ය්ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදා” යි වීර්ය්ය කටයුතු යි.