11. 6. 9.
පටිලාභ සූත්රය
3827. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු නුවණ පිළිලැබුම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්මශ්රවණ, යෝනිසෝමනස්කාර, ධර්මානුධර්මප්රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු නුවණ පිළිලැබුම පිණිස පවතිත් යි.
11. 6. 10.
වුඩ්ඪි සූත්රය
3828. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු නුවණ වැඩුම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්මශ්රවණ, යෝනිසෝමනස්කාර, ධර්මානුධර්මප්රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු නුවණ වැඩුම පිණිස පවතිත් යි.
11. 6. 11.
වේපුල්ල සූත්රය
3829. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු නුවණ විපුලබව පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්මශ්රවණ, යෝනිසෝමනස්කාර, ධර්මානුධර්මප්රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු නුවණ විපුලබව පිණිස පවතිත් යි.
සවැනි සප්පඤ්ඤවර්ග යි.
එහි සූත්රනාමමාලාව :
සගාථක, වස්සංවුත්ථ, ධම්මදින්න, ගිලානක යි සතරෙකි. පලසුතුරු ද සතරෙකි. පටිලාභ, වුඩ්ඪී, වේපුල්ල නම් තුනෙකැ යි මුළුල්ල එකොළොසෙකි.
7. මහාපඤ්ඤ වර්ගය
11. 7. 1.
මහාපඤ්ඤ සූත්රය
3830. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මහපැනැති බව පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්මශ්රවණ, යෝනිසෝමනස්කාර, ධර්මානුධර්ම ප්රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මහපැනැති බව පිණිස පවතිත් යි.
11. 7. 2.
පුථුපඤ්ඤ සූත්රය
3831. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... ලොවුතුරු පැනැති බව පිණිස පවතිත් යි.
11. 7. 3.
විපුලපඤ්ඤ සූත්රය
3832. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... විපුලපැනැති බව පිණිස පවතිත් යි.
11. 7. 4.
ගම්භීරපඤ්ඤ සූත්රය
3833. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... ගැඹුරුපැනැති බව පිණිස පවතිත් යි.
11. 7. 5.
අසාමන්තපඤ්ඤ සූත්රය
3834. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... අසාමන්ත (නො සමීප) පැනැති බව පිණිස පවතිත් යි.
11. 7. 6.
භූරිපඤ්ඤ සූත්රය
3835. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... බොහෝ පැනැති බව පිණිස පවතිත් යි.
11. 7. 7.
පඤ්ඤාබාහුල්ල සූත්රය
3836. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... පැන බහුලබව පිණිස පවතිත් යි.