11. 6. 7.
තතියඵල සූත්‍රය
3825. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු අනගැමිපල පසක් කිරීම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනස්කාර, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු අනගැමිපල පසක් කිරීම පිණිස පවතිත් යි.
11. 6. 8.
චතුත්‍ථඵල සූත්‍රය
3826. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු රහත්පල පසක් කිරීම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනස්කාර, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු රහත්පල පසක් කිරීම පිණිස පවතිත් යි.
11. 6. 9.
පටිලාභ සූත්‍රය
3827. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු නුවණ පිළිලැබුම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනස්කාර, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු නුවණ පිළිලැබුම පිණිස පවතිත් යි.
11. 6. 10.
වුඩ්ඪි සූත්‍රය
3828. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු නුවණ වැඩුම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනස්කාර, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු නුවණ වැඩුම පිණිස පවතිත් යි.
11. 6. 11.
වේපුල්ල සූත්‍රය
3829. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු නුවණ විපුලබව පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනස්කාර, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු නුවණ විපුලබව පිණිස පවතිත් යි.
සවැනි සප්පඤ්ඤවර්‍ග යි.
එහි සූත්‍රනාමමාලාව :
සගාථක, වස්සංවුත්‍ථ, ධම්මදින්න, ගිලානක යි සතරෙකි. පලසුතුරු ද සතරෙකි. පටිලාභ, වුඩ්ඪී, වේපුල්ල නම් තුනෙකැ යි මුළුල්ල එකොළොසෙකි.