11. 3. 4.
සරකානි සූත්‍රය
3792. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි සරකානිශාක්‍ය තෙමේ කලුරිය කෙළේ වෙයි. හෙතෙමේ විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්”යී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. එහි බොහෝ ශාක්‍යයෝ එක් ව රැස් ව අවමන් කෙරෙත්, ගරහත්, දොස් පහළ කෙරෙත්. පින්වත්නි, අසිරියි. පින්වත්නි, පුදුමයි. යම් සරකානි ශාක්‍යයෙක් කලුරිය කෙළේ ද, හෙතෙමේ විවසව නො හෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් යි භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ ය. මෙහි දැන් කවරෙක් සෝවන් නොවන්නේ ද, සරකානි ශාක්‍ය තෙමේ සිකපද රැකීමෙහි දුබලබවට පැමිණියේ ය. මත්පැන් පූයේ යි.
එකල්හි මහානාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් මහානාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, “මෙහි සරකානි ශාක්‍ය තෙමේ කලුරිය කෙළේ ය. හෙතෙමේ විවසව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්”යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. වහන්ස, එහි බොහෝ ශාක්‍යයෝ එක් ව රැස් ව අවමන් කෙරෙත්. ගරහත්. දොස් පහළ කෙරෙත්. පින්වත්නි, අසිරි යි. පින්වත්නි, පුදුම යි. යම් සරකානි ශාක්‍යයෙක් කලුරිය කෙළේ ද, හෙතෙමේ “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්”යි භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ ය. මෙහි දැන් කවරෙක් සෝවන් නොවන්නේ ද, සරකානි ශාක්‍ය තෙමේ සිකපද රැකීමෙහි දුබලබවට පැමිණියේ ය. මත්පැන් පූයේ යි.
මහානාම, යම් ඒ උවසුවෙක් දිගුකලක් මුළුල්ලෙහි බුදුන් පිහිට කොට ගියේ දහම් පිහිට කොට ගියේ සඟන පිහිට කොට ගියේ නම් හෙතෙමේ කෙසේ නිරයට යන්නේ ද මහානාම, මැනවින් කියන්නෙක් “උවසු තෙමේ දිගුකලක් මුළුල්ලෙහි බුදුන් පිහිට කොට ගියේ දහම් පිහිට කොට ගියේ සඟන පිහිට කොට ගියේයි” ඒ යමෙකු ගෙන කියන්නේ නම් මැනවින් කියන්නා සරකානි ශාක්‍යයා ඇරබ කියන්නේ ය. මහානාම, උවසු වූ සරකානි ශාක්‍ය තෙමේ දිගුකලක් මුළුල්ලෙහි බුදුන් පිහිට කොට ගියේ ය. දහම් පිහිට කොට ගියේ ය. සඟන පිහිට කොට ගියේ ය. හෙතෙමේ කෙසේ නම් නිරයට යන්නේ ද?
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක්: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම්හි ... ලොවට අනුතුරු පින්කෙතැ යි සඟන කෙරෙහි හාසබහුල ප්‍රඥා ඇත්තේ ය. ජවනප්‍රඥා ඇත්තේ ය. විමුක්තියෙන් ද සමන්‍වාගත ය. හෙතෙමේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයෙන් මිදුණේ ය. තිරිසන්යෝනින් මිදුණේ ය. ප්‍රේතවිෂයයෙන් හාත්පසින් මිදුණේ ය. අපායදුර්‍ගති විනිපාතයෙන් මිදුණේ ය.
මහානාම මෙහි ඇතැම් පුඟුලෙක් “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. “ධර්‍මය කෙරෙහි ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර ය”යි සඞ්ඝයා කෙරෙහි ... හාසබහුල ප්‍රඥා ඇත්තේ ය. ජවනප්‍රඥා ඇත්තේ ය. විමුක්තියෙන් නො ද සමන්‍වාගත ය. හෙතෙමේ පස් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් එහි පිරිනිවෙනසුලු එලොවින් පෙරළා නොඑන ස්වභාව ඇති ඕපපාතිකයෙක් වෙයි. මහානාම මේ පුඟුල්තෙමේත් නිරයයෙන් මිදුණේ ය. තිරිසන් යෝනින් මිදුණේ ය. ප්‍රේතවිෂයයෙන් මිදුණේ ය. අපායදුර්‍ගති විනිපාතයෙන් මිදුණේ ය.