11. 3. 3.
තතිය මහානාම සූත්රය
3791. එක්කලෙක භාග්යවතුන් වහන්සේ ශාක්යදනව්වෙහි කිඹුල්වත්පුර නිග්රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහානාමශාක්ය තෙමේ ගෝධාශාක්යයන් වෙත එළඹියේ ය. එළඹ ගෝධාශාක්යයන්ට මෙය කී ය: ගෝධාවෙනි, “තෙපි විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා කෙතෙක් දහමින් යුතු ය”යි දනිවු දැයි? මහානාමයෙනි, “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා තුන් දහමෙකින් යුතු ය”යි මම දනිමි. කවර තුනෙකින යත්: මහානාමයෙනි, “මෙහි අරීසවු තෙමේ “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම්හි ... භාග්යවතුන් වහන්සේ ගේ සවුසඟන සුපිළිපන් ය ... ලොවට අනුතුරු පින්කෙතැ”යි සඟන කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මහානාමයෙනි, “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා මේ තුන්දහමින් යුතු ය”යි මම දනිමි.
මහානාමයෙනි, “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා කෙතෙක් දහමින් යුතු ය”යි තෙපි දනිවු දැයි? භවත් ගෝධාවෙනි, විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා සිවු දහමෙකින් යුතු යයි මම දනිමි. කවර සිවු දහමෙකින යත්: භවත් ගෝධාවෙනි, මෙහි අරීසවු “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනු දු ... දෙවිමිනිසුන්ට, ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම් කෙරෙහි ... සඟන කෙරෙහි ... අඛණ්ඩ වූ සමාධිසංවර්තනික වූ ආර්ය්යකාන්තශීලයෙන් සමන්වාගත වෙයි. ගෝධාවෙනි, විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා මේ සිවු දහමින් යුතු ය යි මම දනිමි යි. මහානාමයෙනි, තෙපි ඉවසවු. මහානාමයෙනි, තෙපි ඉවසවු. “මේ දහමින් යුතු හෝ නොයුතු හෝ”යි භාග්යවතුන් වහන්සේ ම මෙය දන්නා සේකැ”යි. ගෝධාවෙනි, යමු, භාග්යවතුන් වහන්සේ වෙත එළඹෙම්හ. එළඹ භාග්යවතුන් වහන්සේට මෙකරුණ සැල කරම්හ”යි.
එකල්හි මහානාමශාක්ය තෙමේත් ගෝධාශාක්ය තෙමේත් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් මහානාම ශාක්ය තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස, “මෙහි මම ගෝධා ශාක්යයන් වෙත එළඹියෙමි. එළඹ ගෝධාශාක්යයන්ට මෙය කීමි. ගෝධාවෙනි, විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා කෙතෙක් දහමින් යුතු ය”යි තෙපි දනිවු දැ යි? වහන්ස එසේ කී කල්හි ගෝධා ශාක්ය තෙමේ මට මෙය කීය:
“මහානාමයෙනි, විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා තුන් දහමෙකින් යුතු යයි මම දනිමි. කවර තුනකින යත්: මහානාමයෙනි, මෙසස්නෙහි අරීසවු “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම් කෙරෙහි ... භාග්යවතුන් වහන්සේ ගේ සවුසඟන සුපිළිපන් ය ... ලොවට අනුතුරු පින් කෙතැ”යි සඟන කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මහානාමයෙනි, විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා මේ තුන් දහමින් යුතු ය”යි මම දනිමි. මහානාමයෙනි, තෙපි වනාහි “විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා කෙතෙක් දහමින් යුතු යයි” දනිව් දැයි? වහන්ස, එසේ කී කල්හි ගෝධා ශාක්යයන්ට මම මෙය කීමි:
ගෝධාවෙනි, “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා සිවු දහමෙකින් යුතු ය”යි මම දනිමි. කවර සිවු දහමෙකින යත්: ගෝධාවෙනි, “මෙහි අරීසවු තෙමේ ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම් කෙරෙහි ... සඟන කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධි සංවර්තනික වූ ආර්ය්යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. ගෝධාවෙනි, විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා මේ සිවු දහමින් යුතු ය”යි මම දනිමි”යි. වහන්ස, එසේ කී කල්හි ගෝධා ශාක්යයෝ මට මෙය කීහ:
මහානාමයෙනි, තෙපි ඉවසවු, මහානාමයෙනි, තෙපි ඉවසවු. “මේ දහමෙන් යුතු හෝ නොයුතු හෝ”යි මෙය භාග්යවතුන් වහන්සේ ම දැන වදාරන සේක. වහන්ස, මෙහි කිසියම් කරුණෙක් උපදනේ ය. භාග්යවතුන් වහන්සේ එක්පසෙක වන සේක, බික්සඟනද එක්පසෙක වන්නේ ය. භාග්යවතුන් වහන්සේ යම් පසෙක වන සේක් නම් මමත් එහි ම වන්නෙමි. වහන්ස, මෙසේ පහන් වූ මා භාග්යවතුන් වහන්සේ දරන සේක්වා.
වහන්ස, මෙහි කිසියම් කරුණෙක් උපදනේය, භාග්යවතුන් වහන්සේ එක්පසෙක වන සේක. බික්සඟන එක්පසෙක ද මෙහෙණ සඟන එක් පසෙක ද වන්නා හ. භාග්යවතුන් වහන්සේ යම් පසෙක නම් මමත් එහි ම වන්නෙමි. වහන්ස, මෙසේ පහන් වූ මා භාග්යවතුන් වහන්සේ දරන සේක්වා.