1. 16. 97-112.
නීවරණ සූත්ර
483-498. මහණෙනි, මේ නීවරණ පසෙකි. කවර පසෙක යත්: කාමච්ඡන්දනීවරණ ය ව්යාපාදනීවරණ ය ථීනමිද්ධනීවරණ ය උද්ධච්චකුක්කුච්චනීවරණ ය විචිකිච්ඡානීවරණ ය යි. මහණෙනි, මේ නීවරණ පස යි.මහණෙනි, මේ නීවරණ පස වෙසෙසින් දැනීම පිණිස … පිරිසිඳ දැනීම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ නීවරණ පස වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස … ක්ෂය කරන පිණිස … ප්රහාණය පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 113-128.
උපාදානක්ඛන්ධ සූත්ර
499-514 මහණෙනි, මේ උපාදානස්කන්ධ පසෙකි. කවර පසෙක යත්: රූපූපාදානක්ඛන්ධය වේදනූපාදානක්ඛන්ධය සඤ්ඤූපාදානක්ඛන්ධය සඞ්ඛාරූපාදානක්ඛන්ධය විඤ්ඤාණූපාදානක්ඛන්ධ යි. මහණෙනි, මේ උපාදානස්කන්ධ පස යි. මහණෙනි, මේ උපාදානස්කන්ධ පස වෙසෙසින් දැනීම පිණිස … පිරිසිඳ දැනීම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නම්යවූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ උපාදානස්කන්ධ පස වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ක්ෂය කරන පිණිස … ප්රහාණය පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 129-144.
ඕරම්භාගියසංයෝජන සූත්ර
515-530. මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක යත් සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස කාමච්ඡන්ද ව්යාපාදය යි. මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පස යි. මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පස වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පස වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ක්ෂය කරනු පිණිස … ප්රහාණය පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 145-160.
උද්ධම්භාගියසංයෝජන සූත්ර
531-546 මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ක්ෂය කරනු පිණිස … ප්රහාණය පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි සමණ විවේකනිඃශ්රිත වූ විරාගනිඃශ්රිත වූ නිරෝධනිඃශ්රිත වූ නිර්වාණයට නම්ය වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ පඤ්චඋද්ධම්භාගිය සංයෝජනයන්ගේ අභිඥාව පිණිස ... පරිඥාව පිණිස ක්ෂය කරන පිණිස ... ප්රහාණය පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
(ඒසනා සූත්ර මෙන් සියලු පෙය්යාලයන්හි සූත්ර සොළස සොළස විතර කටයුතු යි.)
සොළොස් වැනි ඕඝවර්ගය යි.
එහි සූත්රනාමාවලිය:
ඕඝ, යොඝ, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි ෂොඩශක දශයෙකි. සූත්ර එක්සිය සැටෙකි යි.
මග්ගසංයුත්තය නිමියේ යි.
එහි වර්ගනාමාවලිය:
පළමුවැන්න අවිජ්ජාවර්ගය යි. දෙවැන්න විහාරවර්ගය යි කියනු ලැබේ. තෙවැන්න මිච්ඡත්තවර්ගය යි. සිවුවැන්න පටිපත්ති වර්ගය යි. පස්වැන්න අඤ්ඤතිත්ථිවර්ගය යි. සවැන්න සූරියපෙය්යාල යි. ඒකධම්මවර්ග දෙකෙකි. ගඞ්ගාපෙය්යාල ද සතරෙකි. තෙළෙස්වැන්න අප්පමාදවර්ගය යි. තුදුස්වැන්න බලකරණීයවර්ගය යි. පසළොස්වැන්න ඒසනාවර්ගය යි. සොළොස්වැන්න ඕඝවර්ගය යි.