16. ඕඝ වර්ගය
1. 16. 1-16.
ඕඝ සූත්ර
387-402 මහණෙනි, මේ ඕඝ (සැඩදියපහර) සතරෙකි. කවර සතරෙක යත්: කාමෝඝ (කාමගුණයන්හි දැඩි රාගය) භවොඝ (රූපාරූපභවයන්හි දැඩිරාගය) දිට්ඨොඝ (දෙසැටදිටු) අවිජ්ජෝඝය. මහණෙනි, මොහු සිවු ඕඝයෝ යි. මහණෙනි, මේ සිවුඔඝයන්ගේ වෙසෙස් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සිවු ඕඝයන් වෙසෙසින් දැනීම පිණිස … පිරිසිඳ දැනීම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
(ඒසනාසූත්ර මෙන් සොළොස් සූත්රාන්ත විතරකටයුතුයි.)
1. 16. 17-32.
යෝග සූත්ර
403-418. මහණෙනි, මේ යෝග (යෙදීම්) සතරෙකි. කවර සතරෙක යත්: කාමයෝග භවයෝග දිට්ඨියෝග අවිජ්ජායෝග යි. මහණෙනි, මේ යෝග සතර යි. මහණෙනි, මේ යෝග සතර වෙසෙසින් දැනීම පිණිස … පිරිසිඳ දැනීම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සිවු යෝගයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 33-48.
උපාදාන සූත්ර
419-434. මහණෙනි, මේ උපාදාන (දැඩි ගැනුම්) සතරෙකි. කවර සතරෙක යත්: කාමූපාදාන, දිට්ඨූපාදාන, සීලබ්බතූපාදාන, අත්තවාදූපාදාන යි. මහණෙනි, මේ උපාදාන සතර යි. මහණෙනි, මේ උපාදාන සතර වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සිවු උපාදානයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස මේඅරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 49-64.
ගන්ථ සූත්ර
435-450. මහණෙනි, මේ ගන්ථ (ගෙතීම්) සතරෙකි. කවර සතරෙක යත්: අභිජ්ඣාකායගන්ථ ව්යාපාදකායගන්ථ සීලබ්බතපරාමාසකායගන්ථ ඉදංසච්චාගිනිවේසකායගන්ථ යි. මහණෙනි, මේ ගන්ථ සතර යි. මහණෙනි, මේ ගන්ථසතර වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස .... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සිවු ගන්ථයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 65-80.
අනුසය සූත්ර
451-466. මහණෙනි, මේ අනුසය (නිදිගත්කෙලෙස්) සතෙකි. කවර සතෙක යත්: කාමරාගානුසය පටිඝානුසය දිට්ඨානුසය විචිකිච්ඡානුසය මානානුසය භාවරාගානුසය අවිජ්ජානුසය යි. මහණෙනි, මොහු සත් අනුසයයෝ යි. මහණෙනි, මේ සත් අනුසයයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සත් අනුසයයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 81-96.
කාමගුණ සූත්ර
467-482 මහණෙනි, මේ කාමගුණ පසෙකි. කවර පසෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්රියස්වරූප වූ කාමෝපසංහිත වූ රජනීය වූ ඇසින් දතයුතු රූපයෝ ය … කණින් දතයුතු ශබ්දයෝ ය ... නැහැයෙන් දතයුතු ගන්ධයෝ ය … දිවින් දතයුතු රසයෝ ය. ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්රියස්වභාව වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු ස්පර්ශයෝ යි. මහණෙනි, මොහු පස්කම් ගුණයෝ යි. මහණෙනි, මේ පස්කම් ගුණයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … ප්රහාණය පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ පස්කම් ගුණයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.