1. 14. 25-28.
ආකාස සූත්‍ර
203-206. මහණෙනි, යම්සේ අහසෙහි විවිධවාතයෝ හමද්ද පෙරදිගිනුදු වාතය හමයි, පෑළදිගිනුදු වාතය හමයි. උතුරු දිගිනුදු වාතය හමයි, දකුණු දිගිනුදු වාතය හමයි. රජස් සහිත වාතය ද හමයි, රජස් රහිත වාතය ද හමයි, සිහිල් වාතය ද හමයි. උණුසුම් වාතය ද හමයි, මද වූ වාතය ද හමයි, බොහෝ වූ වාතය ද හමයි.
මහණෙනි, එසෙයින් ම අරීඅටඟිමඟ වඩන අරීඅටඟිමඟ බහුල කරන මහණහුගේ සතරසතිපට්ඨානයොත් භාවනායෙන් පිරිපුන් බවට යෙති. සතරසම්මප්පාධානයෝත් භාවනායෙන් පිරිපුන් බවට යෙති. සතර ඍද්ධිපාදයොත් භාවනායෙන් පිරිපුන් බවට යෙති. පඤ්ච ඉන්‍ද්‍රියයොත් භාවනායෙන් පිරිපුන් බවට යෙති. පඤ්ච බලයෝත් භාවනායෙන් පිරිපුන් බවට යෙති. සත්ත බොජ්ඣඞ්ගයොත් භාවනායෙන් පිරිපුන් බවට යෙති. මහණෙනි, කෙසේ නම් අරීඅටඟිමඟ වඩන අරීඅටඟිමඟ බහුල කරන මහණහුගේ සතර සතිපට්ඨානයොත් භාවනායෙන් පිරිපුන් බවට යෙත් ද, සතර සම්මප්පධානයොත් ... සතර ඉද්ධිපාදයෝත් ... පඤ්ච ඉන්‍ද්‍රියයොත් ... පඤ්ච බලයෝත් ... සත්ත බොජ්ඣඞ්ගයොත් භාවනායෙන් පිරීමට යෙත්ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ අරීඅටඟිමඟ වඩන අරිඅටඟිමග බහුල කරන මහණහුගේ සතර සතිපට්ඨානයොත් භාවනායෙන් පිරිපුන් බවට යති. සතර සම්මප්පධානයොත් ... සතර ඉද්ධිපාදයොත් ... පඤ්ච ඉන්‍ද්‍රියයොත්, පඤ්ච බලයෝත් ... සත්ත බොජ්ඣඞ්ගයොත් භාවනායෙන් පිරීමට යෙති යි.
1. 14. 29-32.
මේඝ සූත්‍ර
207-210 මහණෙනි, යම්සේ ග්‍රීෂ්ම ඍතුවෙහි පැසුළුමස (ඇසළමස) උඩට නැගුනු ඒ මේ රජස්දැල්ල මහත් නොකල්වැස්සෙක් සහමුලින් අතුරුදහන් කෙරේ ද, සන්හිඳුවා ද; මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල් සහමුලින් අතුරුදන් කෙරෙයි. සන්හිඳුවයි. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල් දහම් සහමුලින් අතුරුදන් කෙරේ ද, සන්හිඳුවා ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරිඅටඟිමග වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල් දහම් සහමුලින් අතුරුදන් කෙරේ, සන්හිඳුවා යයි.
1. 14. 33-36.
දුතිය මේඝ සූත්‍ර
211-214 මහණෙනි, යම්සේ උපන් ඒ මේ මහාමේඝය මහා වාතය අතරමග ම අතුරුදන් කෙරේ ද, සන්හිඳුවා ද, මහණෙනි, එසෙයින් ම මහණතෙමේ අරීඅටඟිමග වඩන්නේ අරීඅටඟිමග බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල් දහම්