1. 14. 29-32.
මේඝ සූත්ර
207-210 මහණෙනි, යම්සේ ග්රීෂ්ම ඍතුවෙහි පැසුළුමස (ඇසළමස) උඩට නැගුනු ඒ මේ රජස්දැල්ල මහත් නොකල්වැස්සෙක් සහමුලින් අතුරුදහන් කෙරේ ද, සන්හිඳුවා ද; මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල් සහමුලින් අතුරුදන් කෙරෙයි. සන්හිඳුවයි. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල් දහම් සහමුලින් අතුරුදන් කෙරේ ද, සන්හිඳුවා ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරිඅටඟිමග වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල් දහම් සහමුලින් අතුරුදන් කෙරේ, සන්හිඳුවා යයි.
1. 14. 33-36.
දුතිය මේඝ සූත්ර
211-214 මහණෙනි, යම්සේ උපන් ඒ මේ මහාමේඝය මහා වාතය අතරමග ම අතුරුදන් කෙරේ ද, සන්හිඳුවා ද, මහණෙනි, එසෙයින් ම මහණතෙමේ අරීඅටඟිමග වඩන්නේ අරීඅටඟිමග බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල් දහම්
අතරමග ම අතුරුදන් කෙරෙයි. සන්හිඳුවයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ අරීඅටඟිමග වඩන්නේ අරීඅටඟිමග බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල් දහම් අතරමගම අතුරුදන් කෙරේ ද, සන්හිඳුවා ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල්දහම් අතරමග ම අතුරුදන් කෙරේ ද, සන්හිඳුවා යයි.
1. 14. 37-40.
නාවා සූත්ර
215-218 මහණෙනි, වේවැල්බැඳුමින් බඳනා ලද සමසක් මුළුල්ලෙහි දියෙහි ඔබිනොබ ගමන් කළ හේමන්තවාතයෙන් ගොඩ නගන ලද මුහුදෙහි වූ නැවක් පිළිබඳ අවුසුළඟින් මඬනා ලද (යම්) බන්ධනයෝ වෙත් ද ඔහු වැසිකල්හි වූ වැස්සෙන් හාත්පසින් තෙමුණාහු නිතැතින් ම යම්සේ ලිහෙද්ද, කුණුවූවාහු වෙත් ද, මහණෙනි, එසෙයින් ම අරීඅටඟිමඟ වඩන අරීඅටඟිමඟ බහුල කරන මහණහුගේ සංයෝජනයෝ නිදුකින් ම සන්හිඳෙත්. ක්ෂය වෙත්. මහණෙනි, කෙසේ නම් අරීඅටඟිමඟ වඩන, අරීඅටඟිමඟ බහුල කරන මහණහුගේ සංයෝජනයෝ නිදුකින් ම සන්හිඳෙද්ද ක්ෂය වූවාහු වෙද්ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට සම්යක්දෘෂ්ටිය වඩයි ... සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ අරීඅටඟිමඟ වඩන අරීඅටඟිමඟ බහුල කරන මහණහුගේ සංයෝජනයෝ නිදුකින් ම සන්හිඳෙත් ක්ෂය වූවාහු වෙති යී.
1. 14. 41-44.
ආගන්තුක සූත්ර
219-222. මහණෙනි, ආගන්තුක ගෘහය යම්සේ ද, එහි පෙරදිගින් ද අවුත් වාස කෙරෙති. පැළදිගින් ද අවුත් වාස කෙරෙති. උතුරු දිගින් ද අවුත් වාස කෙරෙති. දකුණුදිගින්ද අවුත් වාස කෙරෙති. ක්ෂත්රියෝද අවුත් වාස කෙරෙති. බ්රාහ්මණයෝ ද අවුත් වාස කෙරෙති. වෛශ්යයෝ ද අවුත් වාස කෙරෙති ශුද්රයෝ ද අවුත් වාස කෙරෙත්.