14. බලකරණීය වර්‍ගය
1. 14. 1.
බල සූත්‍රය
179. සැවැත්නුවර:
මහණෙනි, යම්සේ කායබලයෙන් කළ යුතු යම් කිසි කර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ බලකරණීය කර්‍මාන්තයෝ කරනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරෙයි. මහණෙනි, මහණ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩා ද අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට පිරිනැමෙන සම්මාදිට්ඨිය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට පිරිනැමෙන සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමග බහුල කෙරේ යයි.
1. 14. 2.
දුතියබල සූත්‍රය
180. මහණෙනි, යම්සේ කාය බලයෙන් කළයුතු යම් කිසි කර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ බලකරණීය කර්‍මාන්තයෝ කරනු ලැබෙත්. මහණෙනි එසෙයින් ම මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරෙයි. මහණෙනි, මහණ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩාද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ රාගවිනය පර්‍ය්‍යාවසාන වූ දෝසවිනය පර්‍ය්‍යාවසාන වූ මෝහවිනය පර්‍ය්‍යාවසාන වූ සම්මාදිට්ඨිය වඩයි ... රාගවිනය පර්‍ය්‍යාවසාන දෝසවිනය පර්‍ය්‍යාවසාන වූ මෝහවිනය පර්‍ය්‍යාවසාන වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරිඅටඟිමග බහුල කෙරේ යයි.
1. 14. 3.
තතිය බල සූත්‍රය
181. මහණෙනි, යම්සේ කායබලයෙන් කළයුතු යම් කිසි කර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ බලකරණීය කර්‍මාන්තයෝ කරනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරෙයි. මහණෙනි, මහණ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩාද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට ඇතුළත් වූ නිවන පිහිටකොට ඇති, නිවන කෙළවර කොට ඇති සම්මාදිට්ඨිය වඩයි ...
නිවනට ඇතුළත් වූ නිවන පිහිට කොට ඇති නිවන කෙළවර කොට ඇති සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි, අරිඅටඟිමග බහුල කෙරේ යයි.
1. 14. 4.
චතුත්‍ථබල සූත්‍රය
182. මහණෙනි, යම් සේ යම් කිසි බලකරණීය කර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ බලකරණීය කර්‍මාන්තයෝ කරනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරෙයි. මහණෙනි, මහණ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩාද අරීඅටඟිමඟ බහුල කෙරේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට නැමුණු, නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාදිට්ඨිය වඩයි ... නිවනට නැමුණු නිවනට නැඹුරු වූ, නිවනට බර වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරිඅටඟිමග බහුල කෙරේ යයි.
1. 14. 5-8.
බීජ සූත්‍ර
183-186. මහණෙනි, යම්සේ යම් කිසි ඇටවර්‍ග පැලවර්‍ගයෝ වැඩීමට ස්ථීරත්‍වයට විපුලත්‍වයට පැමිණෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ ඇටවර්‍ග පැලවර්‍ගයෝ වැඩීමට ස්ථීරත්‍වයට විපුලත්‍වයට පැමිණෙත්. මහණෙනි, එසෙයින් ම මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරි අටඟි මග බහුල කරන්නේ දහම්හි ලා වැඩීමට ස්ථීරත්‍වයට විපුලත්‍වයට පැමිණේ. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා වැඩීමට ස්ථීරත්‍වයට විපුලත්‍වයට පැමිණේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා වැඩීමට ස්ථීරත්‍වයට විපුලත්‍වයට පැමිණේ යයි.