1. 13. 37-40.
වත්ථු සූත්ර
175-178. මහණෙනි, යම්සේ නූලින් වියන ලද යම් කිසි වස්ත්ර වේ ද, කසීවත ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙද්ද, ඒ සියල්ලෝ අප්රමාදය මුල් කොට ඇතියහ. අප්රමාදය සමග පවත්නාහ. අප්රමාදය ඔවුනට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතුයි. මහණෙනි, නොපමා මහණ තෙමේ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ නිවනට නැමෙන සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, නොපමා මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
(සියල්ල සැවත ම නිදාන කොට ඇත.)
(සියලු සූත්ර තථාගතසූත්ර මෙන් විස්තර කටයුතු).
(සියලු සූත්ර තථාගතසූත්ර මෙන් විස්තර කටයුතු).
තෙළෙස්වැනි අප්රමාද වර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සූරිය යී චතුෂ්ක නවයෙකි. වත්ථ නමින් දශවන චතුෂ්ක පදය වේ. (වර්ගයෙහි සූත්රමුළුල්ල සාලිසෙකි)
14. බලකරණීය වර්ගය
1. 14. 1.
බල සූත්රය
179. සැවැත්නුවර:
මහණෙනි, යම්සේ කායබලයෙන් කළ යුතු යම් කිසි කර්මාන්තයෝ කරනු ලැබෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ බලකරණීය කර්මාන්තයෝ කරනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරෙයි. මහණෙනි, මහණ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩා ද අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට පිරිනැමෙන සම්මාදිට්ඨිය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට පිරිනැමෙන සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමග බහුල කෙරේ යයි.
1. 14. 2.
දුතියබල සූත්රය
180. මහණෙනි, යම්සේ කාය බලයෙන් කළයුතු යම් කිසි කර්මාන්තයෝ කරනු ලැබෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ බලකරණීය කර්මාන්තයෝ කරනු ලැබෙත්. මහණෙනි එසෙයින් ම මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරෙයි. මහණෙනි, මහණ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩාද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ රාගවිනය පර්ය්යාවසාන වූ දෝසවිනය පර්ය්යාවසාන වූ මෝහවිනය පර්ය්යාවසාන වූ සම්මාදිට්ඨිය වඩයි ... රාගවිනය පර්ය්යාවසාන දෝසවිනය පර්ය්යාවසාන වූ මෝහවිනය පර්ය්යාවසාන වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරිඅටඟිමග බහුල කෙරේ යයි.
1. 14. 3.
තතිය බල සූත්රය
181. මහණෙනි, යම්සේ කායබලයෙන් කළයුතු යම් කිසි කර්මාන්තයෝ කරනු ලැබෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ බලකරණීය කර්මාන්තයෝ කරනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරෙයි. මහණෙනි, මහණ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩාද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට ඇතුළත් වූ නිවන පිහිටකොට ඇති, නිවන කෙළවර කොට ඇති සම්මාදිට්ඨිය වඩයි ...