1. 9. 7.
එජා සූත්රය
90. මහණෙනි, තෘෂ්ණාව රෝගයෙකි. තෘෂ්ණාව ගඬෙකි. තෘෂ්ණාව හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහිලා තථාගත තෙමේ තෘෂ්ණා රහිත ව පහ වූ හුල් ඇති ව වෙසේ. මහණෙනි, ඉදින් මෙහි මහණ ද තෘෂ්ණා රහිත ව හුල් නැති ව වෙසෙන්නෙමි යි කැමැති වන්නේ නම්, චක්ෂුස ආත්ම ය යි නො හඟනේ යැ. චක්ෂුසෙහි ආත්මය ඇතැයි නො හඟනේ යැ. චක්ෂුසින් බැහැරැ ආත්මය ඇතැයි නො හඟනේ යැ. චක්ෂුස මාගේ යයි නො හඟනේ යැ. රූපයන් ආත්මය යි නො හඟනේ යැ. රූපයන්හි ආත්මය ඇතැයි නො හඟනේ යැ. රූපයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟනේ යැ. රූපයෝ ආත්මය අයත් යයි නො හඟනේ යැ. චක්ෂුර්විඥානය ආත්මය යි නො හඟනේ යැ. චක්ෂුර්විඥානයෙහි ආත්මය ඇතැයි නො හඟනේ යැ. චක්ෂුර්විඥානයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟනේ යැ. චක්ෂුර්විඥානය ආත්මය අයත් යයි නො හඟනේ යැ. චක්ෂුස්සංස්පර්ශය ආත්මය යි නො හඟනේ යැ. චක්ෂුස්සංස්පර්ශයෙහි ආත්මය ඇතැයි නො හඟනේ යැ. චක්ෂුසංස්පර්ශයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟනේ යැ. චක්ෂුසංස්පර්ශය ආත්මය අයත් යයි නො හඟනේ යැ. චක්ෂුස්පර්ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් එය ආත්මය යි ද නො හඟනේ යැ. එහි ආත්මය ඇතැයි ද නො හඟනේ යැ. එයින් බැහැරැ ආත්මය ඇතියි ද නො හඟනේ යැ. එය මාගේ යයි ද නො හඟනේ යි.
ශ්රෝත්රය ආත්මය යි නො හඟනේ යැ. ශ්රෝත්රයෙහි ආත්මය ඇතැ යි නො හඟනේ යැ. ... ඝ්රාණය ආත්මය යි නො හඟනේ යැ. ඝ්රාණයෙහි ආත්මය ඇතැයි නො හඟනේ යැ. ... ජිහ්වාව ආත්මය යි නො හඟනේ යැ. ජිහ්වායෙහි ආත්මය ඇතැ යි නො හඟනේ යැ. ජිහ්වායෙන් බැහැර ආත්මය ඇතැ යි නො හඟනේ යැ. ජිහ්වාව මාගේ යයි නො හඟනේ යැ. රසය ආත්මය යි නො හඟනේ යැ. ... ජිහ්වාවිඥානය ... ජිහ්වාසංස්පර්ශය ... නො හඟනේ යැ ... ජිහ්වාසංස්පර්ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදනේ නම් එ ද ආත්මය යි නො හඟනේ යැ. එහිදු ආත්මය ඇතැ යි නො හඟනේ යැ. ඉන් බැහැරැ දු ආත්මය ඇතැයි නො හඟනේ යැ. එය මාගේ යයි ද නො හඟනේ යි.
කය ආත්මය යි නො හඟනේ ය. .... සිත ආත්මය යි නො හඟනේ ය. සිතෙහි නො හඟනේ ය. සිතින් නො හඟනේ ය. සිත මාගේ යයි නො හඟනේ ය. දහම් නො හඟනේ ය. මනෝවිඤ්ඤාණය නො හඟනේ ය. ... මනෝසම්ඵස්ස නො හඟනේ ය. ... මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එයත් නො හඟනේ ය. එහිත් නො හඟනේ ය. එයිනුත් නො හඟනේ ය. එයත් මාගේ යයි නො හඟනේ යි.
සියල්ල නො හඟනේ ය. සියල්ලෙහි නො හඟනේ ය. සියල්ලෙන් නො හඟනේ ය. සියල්ල මාගේ යයි නො හඟනේ ය. හෙ මෙසේ නො හඟනේ ලොව කිසිවක් (තෘෂ්ණා දෘෂ්ටිවශයෙන්) නො ගනී. නො ගන්නේ නො තැතිගනී. නො තැතිගන්නේ තෙමේ ම පිරිනිවෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
1. 9. 8.
දුතිය එජා සූත්රය
91. මහණෙනි, තෘෂ්ණාව රෝගයෙකි. තෘෂ්ණාව ගඬෙකි. තෘෂ්ණාව හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා තථාගත තෙමේ තෘෂ්ණා රහිත ව පහ වූ හුල් ඇති ව වෙසේ. මහණෙනි, එහෙයින් ඉදින් මෙසස්නෙහි මහණ තෘෂ්ණා රහිත ව පහ වූ හුල් ඇති ව වෙසෙන්නෙමි යි කැමැති වන්නේ නම් ඇස තෘෂ්ණාවශයෙන් නො හඟනේ ය. ඇසෙහි නො හඟනේ ය. ඇසින් නො හඟනේ ය. චක්ෂුස මාගේ යයි නො හඟනේ ය. රූප නො හඟනේ ය ... චක්ෂුර්විඥානය නො හඟනේ ය ... චක්ඛුසම්ඵස්සය නො හඟනේ ය ... චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එයත් නො හඟනේ ය. එහිත් නො හඟනේ ය. එයිනුත් නො හඟනේ ය. එයත් මාගේ යයි නො හඟනේ ය. මහණෙනි, යමක් තෘෂ්ණාවශයෙන් හඟී ද, යමෙක්හි හඟී ද යමකින් හඟී ද, යමක් මාගේ යයි හඟී ද එයින් එය අන් පරිදි වේ. අන් පරිදි වනසුලු වූ භවයෙහි අලුනු ලෝවැසි තෙමේ භවය ම පතයි.
ශොත්රය නො හඟනේ ය … ඝ්රාණය නො හඟනේ ය. ජිහ්වාව ආත්මය යි නො හඟනේ ය. ජිව්හායෙහි ආත්මය ඇතැ යි නො හඟනේ ය. ජිව්හායෙන් බැහැර ආත්මය ඇතැ යි නො හඟනේ ය. ජිව්හා මාගේ යයි නො හඟනේ ය. රස ආත්මය යි නො හඟනේ ය … ජිව්හාවිඤ්ඤාණය ආත්මය යි නො හඟනේ ය … ජිව්හාසම්ඵස්සය ආත්මය යි නො හඟනේ ය … ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එයත් ආත්මය යි නො හඟනේ ය. එහිත් ආත්මය ඇතැ යි නො හඟනේ ය. එයින් බැහැර ද ආත්මය ඇතැයි නො හඟනේ ය. එයත් මාගේ යයි නො හඟනේ ය. මහණෙනි, යමක් තෘෂ්ණා වශයෙන් හඟී ද යමෙක්හි හඟී ද යමකින් හඟී ද යමක් මාගේ යයි හඟී ද එයින් එය අන් පරිදි වේ. අන් පරිදි වනසුලු වූ භවයෙහි ඇලුනු ලෝවැසි තෙමේ භවය ම පතයි.
කය ආත්මය යි නො හඟනේ ය. … සිත ආත්මය යි නො හඟනේ ය. සිතෙහි ආත්මය ඇතැ යි නො හඟනේ ය. සිතින් බැහැර ආත්මය ඇතැයි නො හඟනේ ය. සිත මාගේ යයි නො හඟනේ ය.