1. 3. 8.
සාරුප්පපටිපදා සූත්රය
30. සැවැත්නුවර–
මහණෙනි, තොපට සියලු (තෘෂ්ණාදෘෂ්ටිමාන) මඤ්ඤනා සමුග්ඝාතයට නිසි ප්රතිපදාව දෙසමි. එය අසවු.
මහණෙනි, ඒ සියලු මඤ්ඤනා සමුග්ඝාතයට නිසි ප්රතිපදා කවර යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ චක්ෂුස ‘මම වෙමි’ යි (තෘෂ්ණාදෘෂ්ටිමාන වශයෙන්) නො හඟියි. ‘මම චක්ෂුසෙහි පිහිටියෙමි’යි නො හඟියි. ‘මම චක්ෂුසින් බැහැරැ වෙමි’ යි නො හඟියි. චක්ෂුස මාගේ යයි නො හඟියි. රූපයන් ‘මම වෙමි’යි නො හඟියි. රූපයන්හි ආත්මය ඇතැයි නො හඟියි. රූපයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි. රූපයෝ තමා අයත් වෙතී නො හඟියි. චක්ෂුර්විඥානය ආත්ම යයි නො හඟියි. චක්ෂුර්විඥානයෙහි ආත්මය ඇතැ යි නො හඟියි. චක්ෂුර්විඥානයෙන් බැහැරැ ආත්මය ඇතැ යි නො හඟියි. චක්ෂුර්විඥානය තමා අයත් යයි නො හඟියි. චක්ඛුසම්ඵස්සය ආත්ම යයි නො හඟියි. චක්ඛුසම්ඵස්සයෙහි ආත්මය ඇතැ යි නො හඟියි. චක්ඛුසම්ඵස්සයෙන් බැහැරැ ආත්මය ඇතැ යි නො හඟියි. චක්ඛුසම්ඵස්සය මාගේ යයි නො හඟියි. චක්ඛුසම්ඵස්සප්රත්යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ‘ආත්ම’යයි නො හඟියි. ආත්මය එහි වෙතී ද නො හඟියි. ආත්මය ඉන් බැහැරැ වෙතී ද නො හඟියි. එය මාගේ යයි නො හඟී.
ජිව්හාව ආත්ම යයි නො හඟියි. ජිව්හායෙහි ‘ආත්මය ඇතැ’යි නො හඟියි. ජිව්හායෙන් බැහැරැ ‘ආත්මය ඇතැ’යි නො හඟියි. ජිව්හාව මාගේ යයි නො හඟියි. රසයන් ආත්ම යයි නො හඟියි. රසයෙහි ආත්මය ඇතැ යි නො හඟියි. රසයෙන් බැහැරැ ආත්මය ඇතැ’යි නො හඟියි. රසයෝ මාගේ යයි නො හඟියි. ජිව්හාවිඤ්ඤාණය ආත්ම යයි නො හඟියි. ජිව්හාවිඤ්ඤාණයෙහි ආත්මය ඇතැ යි නො හඟියි. ජිව්හාවිඤ්ඤාණයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි. ජිව්හාවිඤ්ඤාණය මාගේ යයි නො හඟියි. ජිව්හාසම්ඵස්සය ආත්මය යි නො හඟි යි.
ජිව්හාසම්ඵස්සයෙහි ආත්මය ඇතැයි නො හඟියි. ජිව්හාසම්ඵස්සයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි. ජිව්හාසම්ඵස්සය මාගේ යයි නො හඟි, ජිව්හාසම්ඵස්සප්රත්යයෙන් උපන් සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ආත්ම යයි නො හඟියි. එහි දු ආත්මය ඇතැ යි නො හඟියි. එයින් බැහැරැ දු ආත්මය ඇතැ’යි නො හඟියි. එය මාගේ යයි ද නො හඟියි.
මනස ‘ආත්ම’ යයි නො හඟියි, මනසෙහි ආත්මය ඇතැ’යි නො හඟියි, මනසින් බැහැරැ ආත්මය ඇතැ’යි නො හඟියි, මනස ආත්මය අයත් යයි නො හඟියි. ධර්මයන් ‘ආත්ම’ යයි නො හඟියි, ධර්මයන්හි ආත්මය ඇතැ යි නො හඟියි. ධර්මයෙන් බැහැරැ ආත්මය ඇතැ’යි නො හඟියි, ධර්මය ආත්මය අයත් යයි නො හඟියි. මනෝවිඥානය ආත්ම යයි නො හඟියි, මනෝවිඥානයෙහි ආත්මය ඇතැ’යි නො හඟියි, මනෝවිඥානයෙන් බැහැරැ ආත්මය ඇතැ’යි නො හඟියි, මනෝවිඥානය ආත්මය අයත් යයි නො හඟියි. මනෝසම්ඵස්සය ආත්ම යයි නො හඟියි, මනෝසම්ඵස්සයෙහි ආත්මය ඇතැ’යි නො හඟියි, මනෝසම්ඵස්සයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි, මනෝසම්ඵස්සය ආත්මය අයත් යයි නො හඟියි, මනෝසම්ඵස්සප්රත්යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ආත්ම යයි නො හඟියි. එහිදු ආත්මය ඇතැ’යි නො හඟියි. එයින් බැහැරැ ද ආත්මය ඇතැ’යි නො හඟියි. එය ආත්මය අයත් යයි නො හඟී.
සියල්ල ආත්ම යයි නො හඟියි, සියල්ලෙහි ආත්මය ඇතැ’යි නො හඟියි, සියල්ලෙන් බැහැර ආත්මය ඇතැ’යි නො හඟියි, සියල්ල ආත්මය අයත් යයි නො හඟී, මෙසේ මඤ්ඤනා නො කරන්නේ ලෝකයෙහි කිසිවක් උපාදාන නො කෙරෙයි. උපාදාන නො කරනුයේ තෘෂ්ණා නො කෙරෙයි. තෘෂ්ණා නො කරනුයේ මෙ අත්බැව්හි මැ පිරිනිවෙයි. ජාති ක්ෂය වූ යැ. මඟබඹසර වැස නිමවන ලද. කරණී කරනලද. මෙ රහත්බව පිණිස කළයුතු අන් කිසෙක් නැතැ’යි දැනගනී.
මහණෙනි, මේ වූකලී ඒ සියලු (තෘෂ්ණා දෘෂ්ටි මාන) මඤ්ඤනා සමුග්ඝාතයට නිසි ප්රතිපාදා යි.
1. 3. 9.
සප්පායපටිපදා සූත්රය
31. සැවැත්නුවර–
මහණෙනි, තොපට සියලු මඤ්ඤනාසමුග්ඝාතයට සත්ප්රාය වූ ප්රතිපාදාව දෙසමි. එය අසවු.
මහණෙනි, ඒ සියලු මඤ්ඤනාසමුග්ඝාතයට සත්ප්රාය වූ ප්රතිපදා කවර යත්: