1. 3. 6.
ආදිත්තපරියාය සූත්රය
28. එක්කලෙක භාග්යවතුන් වහන්සේ ගයාගම්නුදුරෙහි ගයා ශිර්ෂයෙහි (එනම් ගල්තලාවෙහි) භික්ෂූන් දහසක් හා සමග වැඩවසන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.
මහණෙනි, සියල්ල ඇවිලගන්නා ලදි. මහණෙනි, කවර සියල්ල ඇවිලගන්නා ලද යැ යත්: මහණෙනි, චක්ෂුස ඇවිලගන්නා ලද යැ. රූපයෝ ඇවිලගන්නා ලදහ. චක්ඛුවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. චක්ඛුසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් එ ද ඇවිලගන්නා ලද යැ. කිමෙකින් ඇවිලගන්නා ලද යැ යත්: රාග ගින්නෙන් දෝස ගින්නෙන් මෝහ ගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජරාමරණයෙන් ඇවිලගන්නා ලද යැ. සෝකයෙන් පරිදේවයෙන් දුඃඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.
ශ්රෝත්රය ඇවිලගන්නා ලද යැ. ශබ්දයෝ ඇවිලගන්නා ලදහ. සෝතවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. සෝතසම්ඵස්සය ඇවිලගන්නා ලදයැ. සෝතසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙ ද ඇවිලගන්නා ලද යැ. කිමෙකින් ඇවිලගන්නා ලද යැ යත්: රාගගින්නෙන් දෝසගින්නෙන් මෝහගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජරාමරණයෙන් ඇවිලගන්නා ලද යැ. සෝකයෙන් පරිදේවයෙන් දුඃඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.
ඝානය ඇවිලගන්නා ලද යැ ගන්ධයෝ ඇවිලගන්නා ලදහ. ඝානවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. ඝානසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ ඝාණසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වු හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද ඇවිලගන්නා ලදි. කිමෙකින් ඇවිලගන්නා ලදැ යැ යත්: රාග ගින්නෙන් දෝස ගින්නේ මෝහ ගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජාමරණයෙන් ඇවිල ගන්නා ලදැ යැ. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.
ජිව්හාව ඇවිලගන්නා ලද යැ. රසයෝ ඇවිලගන්නා ලදහ. ජිව්හාවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. ජිව්හාසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එද ඇවිලගන්නා ලදි. කිමෙකින් ඇවිලගන්නා ලදයැ යත්: රාග ගින්නෙන් දෝසගින්නෙන් මෝහගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජරාමරණයෙන් ඇවිලගන්නා ලදයැ. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.
කය ඇවිලගන්නා ලද යැ. ඵොට්ඨබ්බයෝ ඇවිලගන්නා ලදහ. කායවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ කායසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ. කායසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එද ඇවිලගන්නා ලදි. කිමෙකින් ඇවිලගන්නා ලද යැ. යත්: රාගගින්නෙන් දෝසගින්නෙන් මෝහගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජාමරණයෙන් ඇවිලගන්නා ලද යැ සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැ යි කියමි.
මනස ඇවිලගන්නා ලද යැ. ධර්මයෝ ඇවිලගන්නා ලදහ. මනෝවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. මනෝසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එද ඇවිලගන්නා ලදි. කිමෙකින් ඇවිලගන්නා ලද යැ යත්; රාගගින්නෙන් දෝසගින්නෙන් මෝහගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජරාමණෙයෙන් ඇවිලගන්නා ලද යැ. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැ යි කියමි.
මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක ඇසෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් වේ නම් එහිත් කලකිරෙයි … දිවෙහිත් කලකිරෙයි. රසයන්හිත් කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් වූ හෝ නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි … සිතෙහිත් කලකිරෙයි. ධර්මයන්හිත් කලකිරෙයි. මනෝවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි.