1. 3. 5.
ද්විතීය අපරිජාන සූත්රය
27. සැවැත්නුවර–
මහණෙනි, සියල්ල වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්ෂය කිරීමට භව්ය නො වෙයි. මහණෙනි, කවර සියල්ල වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්ෂය කිරීමට අභව්ය වේ යැ යත්:
මහණෙනි, යම් චක්ෂුසෙකුත් වේ ද යම් රූප කෙනෙකුත් ඇත් ද යම් චක්ෂුර්විඥානයෙකුත් වේ ද යම් චක්ෂුර්විඥානයෙන් දතයුතු ධර්ම කෙනෙකුත් ඇද්ද, යම් ශ්රෝත්රයෙකුත් වේ ද යම් ශබ්ද කෙනෙකුත් ඇද් ද යම් ශ්රෝත්රවිඥානයෙකුත් ඇද් ද යම් ශ්රෝතවිඥානයෙන් දතයුතු යම් ධර්ම කෙනෙක් ඇද් ද, ඝ්රාණයෙකුත් වේ ද යම් ගන්ධ කෙනෙකුත් ඇද් ද යම් ඝ්රාණවිඥානයෙකුත් වේ ද යම් ඝ්රාණවිඥානයෙන් දතයුතු ධර්ම කෙනෙකුත් ඇද්ද, යම් ජිහ්වාවකුත් ඇද්ද යම් රසයෙකුත් ඇද්ද යම් ජිහ්වාවිඥානයෙකුත් ඇද්ද යම් ජිහ්වාවිඥානයෙන් දතයුතු ධර්ම කෙනෙකුත් ඇද්ද, යම් කයෙක් වේ ද යම් ස්ප්රෂ්ටව්ය කෙනෙකුත් ඇද්ද යම් කායවිඥානයෙකුත් වේ ද යම් කායවිඥානයෙන් දතයුතු ධර්ම කෙනෙකුත් ඇද්ද, යම් මනසෙකුත් වේ ද යම් ධර්ම කෙනෙකුත් ඇද්ද යම් මනෝවිඥානයෙකුත් වේ ද යම් මනෝවිඥානයෙන් දතයුතු ධර්ම කෙනෙකුත් ඇද්ද, මහණෙනි මේ සියල්ල වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්ෂය කිරීමට අභව්ය වේ.
තව ද මහණෙනි, සියල්ල වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්ෂය කිරීමට භව්ය වෙයි. මහණෙනි, කවර සියල්ල වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්ෂය කිරීමට භව්ය වෙයි යත්:
මහණෙනි, යම් චක්ෂුසෙකුත් ඇද්ද යම් රූප කෙනෙකුත් ඇද්ද යම් චක්ෂුර්විඥානයෙකුත් ඇද්ද යම් චක්ෂුර්විඥානයෙන් දතයුතු ධර්ම කෙනෙකුත් ඇද්ද … යම් ජිහ්වාවකුත් ඇද්ද යම් රස කෙනෙකුත් ඇද්ද යම් ජිහ්වාවිඥානයකුත් ඇද්ද යම් ජිහ්වා විඥානයෙන් දතයුතු ධර්ම කෙනෙකුත් ඇද්ද … යම් මනසෙකුත් ඇද්ද යම් ධර්ම කෙනෙකුත් ඇද්ද යම් මනෝවිඥානයෙකුත් ඇද්ද යම් මනෝවිඥානයෙන් දතයුතු ධර්ම කෙනෙකුත් ඇද්ද, මහණෙනි මෙ සියල්ල වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්ෂය කිරීමට භව්ය වේ.
1. 3. 6.
ආදිත්තපරියාය සූත්රය
28. එක්කලෙක භාග්යවතුන් වහන්සේ ගයාගම්නුදුරෙහි ගයා ශිර්ෂයෙහි (එනම් ගල්තලාවෙහි) භික්ෂූන් දහසක් හා සමග වැඩවසන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.
මහණෙනි, සියල්ල ඇවිලගන්නා ලදි. මහණෙනි, කවර සියල්ල ඇවිලගන්නා ලද යැ යත්: මහණෙනි, චක්ෂුස ඇවිලගන්නා ලද යැ. රූපයෝ ඇවිලගන්නා ලදහ. චක්ඛුවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. චක්ඛුසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් එ ද ඇවිලගන්නා ලද යැ. කිමෙකින් ඇවිලගන්නා ලද යැ යත්: රාග ගින්නෙන් දෝස ගින්නෙන් මෝහ ගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජරාමරණයෙන් ඇවිලගන්නා ලද යැ. සෝකයෙන් පරිදේවයෙන් දුඃඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.
ශ්රෝත්රය ඇවිලගන්නා ලද යැ. ශබ්දයෝ ඇවිලගන්නා ලදහ. සෝතවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. සෝතසම්ඵස්සය ඇවිලගන්නා ලදයැ. සෝතසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙ ද ඇවිලගන්නා ලද යැ. කිමෙකින් ඇවිලගන්නා ලද යැ යත්: රාගගින්නෙන් දෝසගින්නෙන් මෝහගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජරාමරණයෙන් ඇවිලගන්නා ලද යැ. සෝකයෙන් පරිදේවයෙන් දුඃඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.