1. 3. 10.
ද්විතීය සත්ප්‍රායප්‍රතිපදා සූත්‍රය
32. සැවැත්නුවර–
මහණෙනි, තොපට හැම මඤ්ඤනාසමුද්ඝාතයට සත්ප්‍රාය වූ ප්‍රතිපදා දෙසමි එය අසවු. මහණෙනි, හැම මඤ්ඤනාසමුද්ඝාතයට සත්ප්‍රාය වූ ප්‍රතිපදා කවර යත්:
මහණෙනි, එය කිමැ යි හඟිවු ද චක්‍ෂුස නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව ඇත් නම් එය ‘තෙල මාගේ යැ තෙල මම වෙමි. තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නො නිසි වේ මැ යැ.
රූපයෝ නිත්‍ය වෙත් ද නොහොත් අනිත්‍ය වෙත් ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යැ.
චක්‍ෂුර්විඥානය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එ දුක් වේ ද නොහොත් සුව වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය තෙලෙ මාගේ යැ තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යැ.
චක්ඛුසම්ඵස්සය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස, යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යි.
චක්ඛුසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇත් නම් එද නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව ඇත් නම් එය තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යි.
ජිහ්වා නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් තෙලෙ මාගේ යැ තෙලෙ මම වෙමි. තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙලෙ නිසි නො වේ මැ යි.
රසයෝ නිත්‍ය වෙත් ද නොහොත් අනිත්‍ය වෙත් ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙලෙ නිසි නො වේ මැ යි.
ජිහ්වාවිඥානය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව ඇත් නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නො වේ මැ යි.
ජිහ්වාසම්ඵස්සය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය ය වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව ඇත් නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි. තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යි.
ජිව්හාසම්ඵස්සයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇත් නම් එ ද නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යි.
මනස නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙලෙ මාගේ යැ. තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙලෙ නිසි නො වේ මැ යි.
ධර්‍මයෝ නිත්‍ය වෙත්ද නොහොත් අනිත්‍ය වෙත් ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් ‘තෙලෙ මාගේ යැ තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙලෙ නිසි නො වේ මැ යි.