4. ජාතිධම්ම වර්ගය
1. 4. 1.
ජාතිධම්ම සූත්රය
33. සැවැත්නුවර–
මහණෙනි, සියල්ල උපදිනසුලු යැ මහණෙනි, කවර සියල්ලක් උපදිනසුලු ද යත්: මහණෙනි, ඇස උපදිනසුලු යැ. රූපයෝ උපදිනසුල්ලහ. චක්ඛුවිඤ්ඤාණය උපදිනසුලු ය. චක්ඛුසම්ඵස්සය උපදෙනසුලු ය. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද උපදිනසුලු යැ.
කන උපදිනසුලු ය. ශබ්දයෝ උපදිනසුල්ලහ. සෝතවිඤ්ඤාණය උපදිනසුලු ය. සෝතසම්ඵස්සය උපදිනසුලු ය. සෝතසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද උපදිනසුලු යැ.
නැහැය උපදිනසුලු ය. ගන්ධයෝ උපදිනසුල්ලහ. ඝානවිඤ්ඤාණය උපදිනසුලු ය. ඝානසම්ඵස්සය උපදිනසුලු ය. ඝානසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද උපදිනසුලු යැ.
දිව උපදිනසුලු ය. රසයෝ උපදිනසුල්ලහ. ජිව්හාවිඤ්ඤාණය උපදිනසුලු ය. ජිව්හාසම්ඵස්සය උපදිනසුලු ය. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් වේ නම් හෙ ද උපදිනසුලු ය.
කය උපදිනසුලු ය. ඵොට්ඨබ්බයෝ උපදිනසුල්ලහ. කායවිඤ්ඤාණය උපදිනසුලු ය. කායසම්ඵස්සය උපදිනසුලු ය. කායසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද උපදින සුලු යැ.
මනස උපදිනසුලු ය. දහම්හු උපදිනසුල්ලහ. මනෝවිඤ්ඤාණය උපදිනසුලු ය. මනෝසම්ඵස්සය උපදිනසුලු ය. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද උපදිනසුලු යි.
මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි … මේ රහත් බැව් පිණිස කළයුතු අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 4. 2.
ජරාධම්ම සූත්රය
34. සැවැත්නුවර–
මහණෙනි, සියල්ල දිරනසුලු ය ...
1. 4. 3.
ව්යාධිධම්ම සූත්රය
35. මහණෙනි, සියල්ල ලෙඩ වනසුලු ය ...
1. 4. 4.
මරණධම්ම සූත්රය
36. මහණෙනි, සියල්ල මැරෙනසුලු ය ...
1. 4. 5.
සෝකධම්ම සූත්රය
37. මහණෙනි, සියල්ල ශෝක ස්වභාව යැ ...
1. 4. 6.
සංකිලෙසධම්ම සූත්රය
38. මහණෙනි, සියල්ල කෙලෙසෙනසුලු ය ...
1. 4. 7.
ඛයධම්ම සූත්රය
39. මහණෙනි, සියල්ල ක්ෂය වනසුලු ය ...
1. 4. 8.
වයධම්ම සූත්රය
40. මහණෙනි, සියල්ල ව්යය වනසුලු ය ...
1. 4. 9.
සමුදයධම්ම සූත්රය
41. මහණෙනි, සියල්ල හටගන්නාසුලු යැ ...