1. 2. 8.
දුතිය අභිනන්ද සූත්රය
20. සැවැත්නුවර–
මහණෙනි, යමෙක් රූප අභිනන්දනා කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා කරයි. යමෙක් දුක අභිනන්දනා කෙරේ නම් හෙතෙම දුකින් නො මිදුනේ යයි කියමි. යමෙක් ශබ්ද … ගන්ධ … රස … ස්පර්ශ … ධර්ම අභිනන්දනා කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා කරයි. යමෙක් දුක අභිනන්දනා කෙරේ නම් හෙතෙම දුකින් නො මිදුනේ ය යි කියමි.
මහණෙනි, යමෙක් රූප අභිනන්දනා නො කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා නො කරයි. යමෙක් දුක අභිනන්දනා නො කෙරේ නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් ශබ්ද … ගන්ධ … රස … ස්පර්ශ … ධර්ම අභිනන්දනා නො කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා නො කරයි. යමෙක් දුක අභිනන්දනා නො කෙරේ නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි යි.
1. 2. 9.
උප්පාද සූත්රය
21. සැවැත්නුවර–
මහණෙනි, ඇසෙහි යම් ඉපදීමෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපදීම යි, රෝගයන්ගේ පැවැත්ම යි, ජරාමරණයෙහි පහළවීම යි. කනෙහි යම් … නැහැයෙහි යම් … දිවෙහි යම් … කයෙහි යම් … සිතෙහි යම් ඉපැදීමෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැදීම යි, රෝගයන්ගේ පැවැත්ම යි, ජරාමරණයෙහි පහළවීම යි.
මහණෙනි, ඇසෙහි යම් නිරෝධයෙක් ව්යපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධය යි, රෝගයන්ගේ ව්යපශම ය යි, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි. කනෙහි යම් නිරෝධයෙක් ව්යපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධය යි. රෝගයන්ගේ ව්යපශමය යි, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි. නැහැයෙහි යම් … දිවෙහි යම් … කයෙහි යම් … සිතෙහි යම් … නිරෝධයෙක් ව්යපශමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ ය යි, රෝගයන්ගේ ව්යපශමය යි, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි.
1. 2. 10.
දුතිය උප්පාද සූත්රය
22. සැවැත්නුවර–
මහණෙනි, රූපයන්ගේ යම් ඉපැදීමෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැදීම යි, රෝගයන්ගේ පැවැත්ම යි, ජරාමරණයෙහි පහළවීම යි. ශබ්දයන්ගේ යම් … ගන්ධයන්ගේ යම් … රසයන්ගේ යම් … ස්ප්රෂ්ටව්යයන්ගේ යම් … ධර්මයන්ගේ යම් ඉපදීමෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපදීම යි, රෝගයන්ගේ පැවැත්ම යි, ජරාමරණයෙහි පහළවීම යි.
මහණෙනි, රූපයන්ගේ යම් නිරෝධයෙක් ව්යපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධය යි, රෝගයන්ගේ ව්යපශමය යි. ජරාමරණයේ අස්තඞ්ගමය යි. ශබ්දයන්ගේ යම් … ගන්ධයන්ගේ යම් … රසයන්ගේ යම් … ස්ප්රෂ්ටව්යයන්ගේ යම් … ධර්මයන්ගේ යම් නිරෝධයෙක් ව්යපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධය යි. රෝගයන්ගේ ව්යපශමය යි, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි.
දෙවැනි යමක වර්ග යි.
එහි සූත්රනාමාවලිය :
සම්බෝධ නමින් දෙකෙක් කියන ලදී, අස්සාද නමින් අනෙක් දෙකෙකි. නො චෙ යන්නෙන් ද දෙකෙක් කියන ලදී. අභිනන්ද නමින් ද අනෙක් දෙකෙකි. උප්පාද නමින් ද දෙකෙක් කියන ලදී. එයින් වර්ගය යි කියනු ලැබේ.