1. 2. 9.
උප්පාද සූත්රය
21. සැවැත්නුවර–
මහණෙනි, ඇසෙහි යම් ඉපදීමෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපදීම යි, රෝගයන්ගේ පැවැත්ම යි, ජරාමරණයෙහි පහළවීම යි. කනෙහි යම් … නැහැයෙහි යම් … දිවෙහි යම් … කයෙහි යම් … සිතෙහි යම් ඉපැදීමෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැදීම යි, රෝගයන්ගේ පැවැත්ම යි, ජරාමරණයෙහි පහළවීම යි.
මහණෙනි, ඇසෙහි යම් නිරෝධයෙක් ව්යපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධය යි, රෝගයන්ගේ ව්යපශම ය යි, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි. කනෙහි යම් නිරෝධයෙක් ව්යපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධය යි. රෝගයන්ගේ ව්යපශමය යි, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි. නැහැයෙහි යම් … දිවෙහි යම් … කයෙහි යම් … සිතෙහි යම් … නිරෝධයෙක් ව්යපශමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ ය යි, රෝගයන්ගේ ව්යපශමය යි, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි.
1. 2. 10.
දුතිය උප්පාද සූත්රය
22. සැවැත්නුවර–
මහණෙනි, රූපයන්ගේ යම් ඉපැදීමෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැදීම යි, රෝගයන්ගේ පැවැත්ම යි, ජරාමරණයෙහි පහළවීම යි. ශබ්දයන්ගේ යම් … ගන්ධයන්ගේ යම් … රසයන්ගේ යම් … ස්ප්රෂ්ටව්යයන්ගේ යම් … ධර්මයන්ගේ යම් ඉපදීමෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපදීම යි, රෝගයන්ගේ පැවැත්ම යි, ජරාමරණයෙහි පහළවීම යි.
මහණෙනි, රූපයන්ගේ යම් නිරෝධයෙක් ව්යපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධය යි, රෝගයන්ගේ ව්යපශමය යි. ජරාමරණයේ අස්තඞ්ගමය යි. ශබ්දයන්ගේ යම් … ගන්ධයන්ගේ යම් … රසයන්ගේ යම් … ස්ප්රෂ්ටව්යයන්ගේ යම් … ධර්මයන්ගේ යම් නිරෝධයෙක් ව්යපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධය යි. රෝගයන්ගේ ව්යපශමය යි, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි.
දෙවැනි යමක වර්ග යි.
එහි සූත්රනාමාවලිය :
සම්බෝධ නමින් දෙකෙක් කියන ලදී, අස්සාද නමින් අනෙක් දෙකෙකි. නො චෙ යන්නෙන් ද දෙකෙක් කියන ලදී. අභිනන්ද නමින් ද අනෙක් දෙකෙකි. උප්පාද නමින් ද දෙකෙක් කියන ලදී. එයින් වර්ගය යි කියනු ලැබේ.
3. සබ්බ වර්ගය
1. 3. 1.
සබ්බ සූත්රය
23. සැවැත්නුවර–
මහණෙනි, තොපට සියල්ල දෙසමි. එය අසව. මහණෙනි, සියල්ල යනු කිම යත්: චක්ෂුස යැ, රූපයෝ යැ ශ්රෝත්ර යැ ශබ්දයෝ යැ ඝ්රාණ යැ ගන්ධයෝ යැ ජිහ්වා යැ රසයෝ යැ කාය යැ ස්ප්රෂ්ටව්යයෝ යැ මනස යැ ධර්මයෝ යි. මහණෙනි, මේ සියල්ල යි කියනු ලැබේ.
මහණෙනි, යමෙක් “මම තෙල සියල්ල පිළිකෙව් කොට අන් සියල්ලක් පනවමි” යි මෙසේ කියා නම් ඔහුගේ ඒ වදන් වචන මාත්ර මැ වන්නේ යැ. එ කවර හෙයින යත්: මහණෙනි, අවිෂය හෙයිනි යි.
1. 3. 2.
ප්රහාණ සූත්රය
24. සැවැත්නුවර–
මහණෙනි, තොපට සර්වප්රහාණයට දහම් දෙසමි. එය අසව මහණෙනි, සර්වප්රහාණයට දහම් කවරෙ යත්: මහණෙනි, චක්ෂුස (උපදවන තෘෂ්ණාව) ප්රහාණය කටයුතු යැ. රූපයෝ ප්රහාණ කටයුත්තාහ. චක්ෂුර්විඥානය ප්රහාණ කටයුතු යැ. චක්ෂුස්සංස්පර්ශය ප්රහාණ කටයුතු යැ. චක්ෂුස්සංස්පර්ශප්රත්යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් ඒ ද ප්රහාණ කටයුතු ...
ජිහ්වා (උපදවන තෘෂ්ණාව) ප්රහාණ කටයුතු යැ. රසයෝ ප්රහාණ කටයුත්තාහ. ජිහ්වාවිඥානය ප්රහාණ කටයුතු යැ. ජිහ්වාසංස්පර්ශය ප්රහාණ කටයුතු යැ. ජිහ්වාසංස්පර්ශප්රත්යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ප්රහාණ කටයුතු ...
භවඞ්ගචිත්ත සඞ්ඛ්යාත මනස (උපදවන තෘෂ්ණාව) ප්රහාණ කටයුතු යැ ආලම්බන සඞ්ඛ්යාත ධර්මයෝ ප්රහාණ කටයුත්තාහ. මනෝවිඥානය ප්රහාණය කටයුතු යැ. මනස්සංස්පර්ශය ප්රහාණ කටයුතු යැ. මනස්සංස්පර්ශප්රත්යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ප්රහාණ කටයුතු .