1. 18. 9.
හත්ථපාදූපම සූත්රය
236. මහණෙනි අත් ඇති කල්හි ගැනීම බහා තැබීම පැනෙයි. පා ඇති කල්හි ඉදිරි ගමන ආපසු ගමන පැනෙයි. පුරුක් ඇති කල්හි හැකිලීම දිග හැරීම පැනෙයි. කුස ඇති කල්හි සාපවස පැනෙයි. මහණෙනි එසෙයින් ම ඇස ඇති කල්හි ඇස්පහස නිසා තමා තුල සුවදුක් උපදී. කන ඇති කල්හි සෝපහස නිසා තමා තුල සුවදුක් උපදී. නැහැය ඇති කල්හි නැහැපහස නිසා තමා තුළ සුවදුක් උපදී. දිව ඇති කල්හි දිව්පහස නිසා තමා තුල සුවදුක් උපදී. කය ඇති කල්හි කාපහස නිසා තමාතුළ සුවදුක් උපදී. මන ඇති කල්හි මනපහස නිසා තමා තුල සුවදුක් උපදී.
මහණෙනි, අත් නැති කල්හි ගැනීම බහා තැබීම නො පැනෙයි. පා නැති කල්හි ඉදිරි ගමන ආපසු ගමන නො පැනෙයි. පුරුක් නැති කල්හි හැකිලීම දිගහැරීම නො පැනෙයි. කුස නැති කල්හි සාපවස නො පැනෙයි. මහණෙනි, එසෙයින් ම ඇස නැති කල්හි ඇස්පහස නිසා තමා තුළ සුවදුක් නූපදී. කන නැති කල්හි … නැහැය නැති කල්හි ... දිව නැති කල්හි දිව් පහස නිසා තමා තුළ සුවදුක් නූපදී. කය නැති කල්හි ... සිත නැති කල්හි … මනපහස නිසා තමා තුළ සුවදුක් නූපදී යි.
1. 18. 10.
දුතිය හත්ථපාදූපම සූත්රය
237. මහණෙනි, අත් ඇති කල්හි ගැනීම බහා තැබීම වෙයි. පා ඇති කල්හි ඉදිරි ගමන ආපසුගමන වෙයි. පුරුක් ඇති කල්හි හැකිලීම දිගහැරීම වෙයි. කුස ඇති කල්හි සාපවස වෙයි. මහණෙනි, එසෙයින් ම ඇස ඇති කල්හි ඇස්පහස නිසා තමා තුළ සුවදුක් උපදී. කන …නැහැය … දිව ... කය … සිත ඇති කල්හි මනපහස නිසා තමා තුළ සුවදුක් උපදී.
මහණෙනි, අත් නැති කල්හි ගැනීම බහා තැබීම නො වෙයි. පා නැති කල්හි ඉදිරි ගමන ආපසු ගමන නො වෙයි. පර්ව (පුරුක්) නැති කල්හි හැකිලීම දිග හැරීම නො වෙයි. කුස නැති කල්හි සාපවස නො වෙයි. මහණෙනි, එසෙයින් ම ඇස නැති කල්හි ඇස්පහස නිසා තමා තුළ සුවදුක් නූපදී. කන නැති කල්හි … නැහැය නැති කල්හි ... දිව නැති කල්හි … කය නැති කල්හි ... සිත නැති කල්හි මනපහස නිසා තමා තුළ සුවදුක් නූපදී යි.
අටළොස්වැනි සමුද්ද වර්ග යි.
එහි සූත්රනාමාවලිය :
සමුද්ද සූත්ර දෙකෙකි. බාළිසික, ඛීරරුක්ඛොපම, කොට්ඨිත , කාමභූ, උදායී, ආදිත්ත යයි සයෙකි. හත්ථපාදූපම සූත්ර දෙකෙකැ යි. එයින් වර්ගය යි කියනු ලැබේ.