1. 18. 4.
ඛීරරුක්ඛොපම සූත්රය
231. මහණෙනි යම්කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ ඇසින් දත යුතු රූහි යම් රාගයෙක් වේ නම් එය ඇද්ද, යම් දෝසයෙක් වේ නම් එය ඇද්ද, යම් මෝහයෙක් වේ නම් එය ඇද්ද, යම් රාගයෙක් වේ නම් එය පහ නොවූයේ ද, යම් දෝසයෙක් වේ නම් එය පහ නොවූයේ ද, යම් මෝහයෙක් වේ නම් එය පහ නොවූයේ ද, ඉදින් මද (අනිටු) වූ ද ඇසින් දතයුතු රූ ඔහුගේ ඇස් හමුවට පැමිණේ නම් ඔහුගේ සිත හාත්පසින් මැඩගනී ම ය. ඉතා මහත් (ඉටු) රූ ගැන කවර කථා ද, ඒ කවර හෙයින යත්: මහණෙනි යම් රාගයෙක් වේ නම් එය ඇත. යම් දෝසයෙක් වේ නම් එය ඇත. යම් මෝහයෙක් වේ නම් එය ඇත. යම් රාගයෙක් වේ නම් එය අප්රහීණය. යම් දෝසයෙක් වේ නම් එය අප්රහීණ ය. යම් මෝහයෙක් වේ නම් එය අප්රහීණ වේ.
මහණෙනි, යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ සිතින් දතයුතු දහම්හි යම් රාගයෙක් වේ නම් එය ඇද් ද, යම් දෝසයෙක් වේ නම් එය ඇද් ද, යම් මෝහයෙක් වේ නම් එය ඇද් ද, යම් රාගයෙක් වේ නම් එය අප්රහීණ ද, යම් දෝසයෙක් වේ නම් එය අප්රහීණ ද,යම් මෝහයෙක් වේ නම් එය අප්රහීණ ද, ඉඳින් මඳ වූ ද සිතින් දත යුතු දහම් ඔහුගේ සිත හමුවට පැමිණේ නම් ඔහුගේ සිත හාත්පසින් මැඩගනීම ය. ඉතා මහත් දහම් ගැන කවර කථා ද? ඒ කවර හෙයින යත්: මහණෙනි යම් රාගයෙක් වේ නම් එය ඇත. යම් දෝසයෙක් වේ නම් එය ඇත. යම් මෝහයෙක් වේ නම් එය ඇත. යම් රාගයෙක් වේ නම් එය අප්රහීණය. යම් දෝසයෙක් වේ නම් එය අප්රහීණය, යම් මෝහයෙක් වේ නම් එය අප්රහීණ ය.
මහණෙනි, යම් සේ ළපටි තරුණ කුඩා ඇසතු හෝ නුග හෝ පුලිල හෝ දිඹුල් හෝ කිරිගසෙක් වේ ද, පුරුෂයෙක් ඒ මේ ගස තියුණු කෙටේරියකින් යම් යම් තැනකින් සිඳින්නේ නම් කිරි වැගිරෙන්නේ වේ දැ යි. වහන්ස එසේ ය. ඒ කවර හෙයින් ද? වහන්ස යම් කිරක් වේ නම් එය ඇතැ යි. මහණෙනි එසෙයින් ම යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ ඇසින් දත යුතු රූහි යම් රාගයෙක් වේ නම් එය ඇද්ද, යම් දෝසයෙක් වේ නම් එය ඇද්ද, යම් මෝහයෙක් වේ නම් එය ඇද්ද, යම් රාගයෙක් වේ නම් එය අප්රහීණ ද, යම් දෝසයෙක් වේ නම් එය අප්රහීණ ද, යම් මෝහයෙක් වේ නම් එය අප්රහීණ ද ඉඳින් මඳ වූ ද ඇසින් දත යුතු රූ ඔහුගේ ඇස් හමුවට පැමිණේ නම් ඔහුගේ සිත හාත්පසින් මැඩගනී මැ යි. ඉතා මහත් රූ ගැන කවර කතා ද? ඒ කවර හෙයින යත්: යම් රාගයෙක් වේ නම් එය ඇත. යම් දෝසයෙක් වේ නම් එය ඇත. යම් මෝහයෙක් වේ නම් එය ඇත. යම් රාගයෙක් වේ නම් එය අප්රහීණ ය. යම් දෝසයෙක් වේ නම් එය අප්රහීණ ය. යම් මෝහයෙක් වේ නම් එය අප්රහීණ ය ...
මහණෙනි, යම්කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ දිවින් දතයුතු රසයන්හි යම් රාගයෙක් වේ නම් එය ඇද්ද, ... මහණෙනි, යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ සිතින් දතයුතු දහම්හි යම් රාගයෙක් වේ නම් එය ඇද්ද, යම් දෝසයෙක් වේ නම් එය ඇද්ද, යම් මෝහයෙක් වේ නම් එය ඇද්ද, යම් රාගයෙක් වේ නම් එය අප්රහීණ ද, යම් දෝසයෙක් වේ නම් එය අප්රහීණ ද, යම් මෝහයෙක් වේ නම් එය අප්රහීණ ද, ඉඳින් මඳ වූ ද සිතින් දත යුතු දහම් ඔහුගේ සිත්හමුවට පැමිණේ නම් ඔහුගේ සිත හාත්පසින් මැඩගනී මැ යි. ඉතාමහත් දහම් ගැන කවර කථා ද? ඒ කවර හෙයින යත්: යම් රාගයෙක් වේ නම් එය ඇත. යම් දෝසයෙක් වේ නම් එය ඇත. යම් මෝහයෙක් වේ නම් එය ඇත. යම් රාගයෙක් වේ නම් එය අප්රහීණ ය. යම් දෝසයෙක් වේ නම් එය අප්රහීණ ය. යම් මෝහයෙක් වේ නම් එය අප්රහීණ ය.