1. 18. 3.
බාලිසිකෝපම සූත්රය
230. මහණෙනි යම් සේ බිලී වැද්දෙක් ඇම සහිත බිලිය ගැඹුරු දියවිලක බහාලන්නේ ද, ඒ මේ බිලිය ඇමට යොමු වූ ඇස් ඇති එක්තරා මසෙක් ගිලින්නේ ය. මහණෙනි මෙසේ ඒ මසු බිලී වැද්දාගේ ගිලි බිලිය ඇත්තේ දුකට පැමිණියේ විපතට පැමිණියේ බිලි වැද්දා විසින් කැමති පරිදි කළහැක්කෙක් වන්නේ ය. මහණෙනි එසෙයින් මැ ලොව සතුන්ට දුක් පිණිස ප්රාණීන්ට පීඩා පිණිස මේ බිලී සයෙක් වේ. කවර සයෙක් ද යත්;
මහණෙනි ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්රිය ස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, මහණෙනි මේ මහණ තෙමේ මරුහුගේ ගිලි බිලිය ඇත්තේ ය යි කියනු ලැබේ. මහණෙනි කනින් දතයුතු සද්ද ඇත. ... මහණෙනි නැහැයෙන් දත යුතු ගඳ ඇත. … මහණෙනි දිවෙන් දත යුතු රස ඇත
... මහණෙනි කයින් දත යුතු පහස් ඇත. … මහණෙනි ඉටු කැමති මනවඩන ප්රිය ස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද ගුණ කියා ද ගැලී සිටී ද, මහණෙනි මේ මහණ මරුගේ ගිලි බිලිය ඇත්තේ දුකට පැමිණියේ විපතට පැමිණියේ මරහු විසින් කැමති පරිදි කළහැක්කේ ය යි කියනු ලැබේ.
මහණෙනි ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්රිය ස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නො පතා ද ගුණ නො කියා ද ගැලී නො සිටී ද, මහණෙනි මේ මහණ තෙමේ මරුහුගේ නොගිලි බිලිය ඇත්තේ බිලිය බින්දේ ය. දුකට නො පැමිණියේ විපතට නො පැමිණියේ මරහු විසින් කැමති පරිදි නොකට හැක්කේ ය යි කියනු ලැබේ.
මහණෙනි කනින් දතයුතු සද්ද ඇත. ... මහණෙනි නැහැයෙන් දතයුතු ගඳ ඇත. … මහණෙනි, දිවෙන් දතයුතු රස ඇත ... මහණෙනි කයින් දතයුතු පහස් ඇත. ... මහණෙනි ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්රිය ස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, මහණෙනි මේ මහණ මරුගේ නො ගිලි බිලිය ඇත්තේ බිලිය බින්දේ ය. දුකට නො පැමිණියේ විපතට නො පැමිණියේ මරහු විසින් කැමති පරිදි නොකළ හැක්කේ ය යි කියනු ලැබේ යි.
1. 18. 4.
ඛීරරුක්ඛොපම සූත්රය
231. මහණෙනි යම්කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ ඇසින් දත යුතු රූහි යම් රාගයෙක් වේ නම් එය ඇද්ද, යම් දෝසයෙක් වේ නම් එය ඇද්ද, යම් මෝහයෙක් වේ නම් එය ඇද්ද, යම් රාගයෙක් වේ නම් එය පහ නොවූයේ ද, යම් දෝසයෙක් වේ නම් එය පහ නොවූයේ ද, යම් මෝහයෙක් වේ නම් එය පහ නොවූයේ ද, ඉදින් මද (අනිටු) වූ ද ඇසින් දතයුතු රූ ඔහුගේ ඇස් හමුවට පැමිණේ නම් ඔහුගේ සිත හාත්පසින් මැඩගනී ම ය. ඉතා මහත් (ඉටු) රූ ගැන කවර කථා ද, ඒ කවර හෙයින යත්: මහණෙනි යම් රාගයෙක් වේ නම් එය ඇත. යම් දෝසයෙක් වේ නම් එය ඇත. යම් මෝහයෙක් වේ නම් එය ඇත. යම් රාගයෙක් වේ නම් එය අප්රහීණය. යම් දෝසයෙක් වේ නම් එය අප්රහීණ ය. යම් මෝහයෙක් වේ නම් එය අප්රහීණ වේ.