1. 15. 9.
ඉන්ද්රියසම්පන්න සූත්රය
154. සැවැත්නුවර–
එකල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, ඉන්ද්රියසම්පන්න ය, ඉන්ද්රියසම්පන්න ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ඉන්ද්රියසම්පන්න වේ දැ? යි.
මහණ, ඉදින් චක්ඛුන්ද්රියයෙහි උදයව්යය අනුව දකිමින් වෙසෙන්නේ චක්ඛුන්ද්රියයෙහි කලකිරේ ද ... සෝතින්ද්රියයෙහි ... ඝානින්ද්රියයෙහි ... ජිව්හින්ද්රියයෙහි ... කායින්ද්රියයෙහි ... මහණ, ඉදින් මනින්ද්රියයෙහි උදයව්යය අනුව දකිමින් වෙසෙන්නේ මනින්ද්රියයෙහි කලකිරේ ද, කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලුම් හෙයින් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී. මහණ, මෙතෙකින් ඉන්ද්රියසම්පන්න වේ යි.
1. 15. 10.
ධම්මකථික සූත්රය
155. සැවැත්නුවර–
එකල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, ධම්මකථික ය, ධම්මකථික ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ධම්මකථික වේ දැ? යි.
මහණ, ඉදින් ඇසෙහි නිර්වේදය පිණිස විරාගය පිණිස, නිරෝධය පිණිස දහම් දෙසන්නේ නම් මහණ තෙමේ ධම්මකථික ය”යි කියන්නට සුදුසු ය. මහණ, ඉදින් ඇසෙහි නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම් මහණ තෙමේ දහමට අනුලොම් පිළිවෙතෙහි පිළිපන්නේ යයි කියන්නට සුදුසු ය. මහණ, ඉදින් ඇසෙහි නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුණේ වේ නම් මහණ තෙමේ දිටුදැමියෙහි නිවනට පැමිණියේ යයි කියන්නට සුදුසු ය.
කනෙහි ... නැහැයෙහි ... දිවෙහි ... කයෙහි ... මහණ, ඉදින් සිතෙහි නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස දහම් දෙසන්නේ නම් මහණ තෙමේ ධම්මකථික ය යි කියන්නට සුදුසු ය. මහණ, ඉදින් සිතෙහි නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම් මහණ තෙමේ දහමට අනුලොම් පිළිවෙතෙහි පිළිපන්නේ යයි කියන්නට සුදුසු ය. මහණ, ඉදින් සිතෙහි නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුණේ වේ නම් මහණ තෙමේ දිටුදැමියෙහි නිවන් පැමිණියේ යයි කියන්නට සුදුසු යයි.
පසළොස් වැනි නවපුරාණ වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
කම්ම සූත්රය, සප්පාය සූත්ර සතර ය, අනන්තෙවාසි කිමත්ථිය සූත්ර දෙක ය, අතථිනුඛොපරියාය සූත්රය, ඉන්ද්රියසම්පන්න ධම්මකථික සූත්ර දෙක ය යි සූත්ර දශයෙකි.
එහි වර්ගනාමාවලිය:
යෝගක්ඛේම, ලෝක වර්ග දෙකෙන් ද, ගහපති, දේවදහ වර්ග දෙකෙන් ද, ඒ නවපුරාණ වර්ගයෙන් ද තෙවන පඤ්ඤාසකය කියනු ලැබේ යි.
තෙවන පඤ්ඤාසකය නිමි.