1. 14. 10.
බාහිර අනිච්ච සූත්රය
143. මහණෙනි, රූපය අනිත්ය ය. රූපයන්ගේ ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්රත්යය වේ නම් හෙ ද අනිත්ය ය. මහණෙනි, අනිත්ය දැයින් හටගත් රූපය කවර හෙයින් නිත්ය වන්නේ ද? සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනිත්ය ය. දහම්හි ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්රත්යය වේ නම් හෙ ද අනිත්ය ය. මහණෙනි, අනිත්ය දැයින් හටගත් දහම් කවර හෙයින් නිත්ය වන්නේ ද?
මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක රූපයෙහිත් කලකිරෙයි. සදෙහිත් කලකිරෙයි. ගඳෙහිත් කලකිරෙයි. රසෙහිත් කලකිරෙයි. පහස්හිත් කලකිරෙයි. දහම්හිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙ යි ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 14. 11.
බාහිර දුක්ඛ සූත්රය
144. මහණෙනි, රූපයෝ දුක්හ. රූපයන්ගේ ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්රත්යය වේ නම් හෙ ද දුක් ය. මහණෙනි. දුක් හේතුවෙන් හටගත් රූප කවර හෙයින් සුව වන්නේ ද. සද ... ගඳ ... රස ... පහස් ... දහම් දුක් ය. දහම්හි ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්රත්යය වේ නම් හෙ ද දුක් ය. මහණෙනි, දුකින් හටගත් දහම් කවර හෙයින් සැප වන්නේ ද.
මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 14. 12.
බාහිර අනත්ත සූත්රය
145. මහණෙනි, රූපයෝ අනාත්මයහ. රූපයන්ගේ ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්රත්යය වේ නම් හෙ ද අනාත්මය. මහණෙනි, අනාත්මදැයින් හටගත් රූපයෝ කොයින් ආත්ම වන්නෝ ද. සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනාත්මයහ. දහම්හි ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්රත්යය වේ නම් හෙ ද අනාත්ම ය. මහණෙනි, අනාත්ම දැයින් හටගත් දහම් කොයින් ආත්ම වන්නේ ද.
මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
තුදුස්වැනි දේවදහවර්ගය යි.
එහි සූත්ර නාමාවලිය:
දේවදහ, ඛණ, සගය්හ, ගය්හ, යයි සතරෙක් ද, පලාස නමින් දෙකෙක් ද වෙත්, හේතු නමින් ද තුනෙක් කියන ලදි. ඔහු අජ්ඣත්ත බාහිර ය යි සයෙකි. මුළුල්ල දොළසෙකි.