1. 13. 10.
වේරහච්චානි සූත්රය
133. එක්කලෙක ආයුෂ්මත් උදායි තෙරණුවෝ කාමණ්ඩා නුවර තෝදෙය්ය බමුණුගේ අඹවෙනෙහි වැඩවෙසෙති. එකල්හි වේරහච්චානි ගොත් ඇති බැමිණියගේ අතැවැසි මණෙවු ආයුෂ්මත් උදායි තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරණුවන් සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කතාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ මණෙව්වාට ආයුෂ්මත් උදායි තෙරණුවෝ දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. සතුටු කරවූහ.
ඉක්බිති ඒ මණෙවු ආයුෂ්මත් උදායි තෙරුන් විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වන ලද්දේ සමාදන්කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ සතුටු කරවන ලද්දේ හුනස්නෙන් නැගිට වේරහච්චානිගොත් බැමිණිය වෙත එළඹියේ ය. එළඹ වේරහච්චානිගොත් බැමිණියට මෙය කී ය. පින්වතිය කිම දන්නෙහි ද? “උදායි ශ්රමණයෝ මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්යඤ්ජන සහිත සියල්ල පිරිපුන් පිරිසිදු බඹසර පවසති” යි.
මණෙව්ව, එසේ වී නම් තෙපි මාගේ වචනයෙන් උදායි මහණහු සෙට පිණිස බතින් පවරවු යි. එසේ ය පින්වතිය යි ඒ මණෙවු තෙමේ වේරහච්චානිගොත් බැමිණියට පිළිවදන් දී ආයුෂ්මත් උදායි තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙය සැලකෙළේ ය; “භවත් උදායි තෙරණුවෝ අප ඇදුරු බිරිය වූ වේරහච්චානිගොත් බැමිණියගේ සෙට පිණිස වූ බත ඉවසත්වා යි. ආයුෂ්මත් උදායි තෙරණුවෝ මුවෙන් නො බැණ ඉවසූහ.
ඉක්බිති ආයුෂ්මත් උදායි තෙරණුවෝ ඒ රැය ඇවෑමෙන් පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන වේරහච්චානිගොත් බැමිණියගේ නිවෙස වෙත එළඹියහ. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන්හ. එකල්හි වේරහච්චානි ගොත් බැමිණිය ආයුෂ්මත් උදායි තෙරුණුවන් ප්රණීත වූ කෑයුතු බිදිය යුතු දැයින් සියතින් සැතැප්වූ. මැනවින් පැවරවූ. ඉක්බිති වේරහච්චානි ගොත් බැමිණිය ආයුෂ්මත් උදායි තෙරුණුවන් වළඳා නිම වූවන් පාත්රයෙන් ඉවත් කළ අත් ඇත්තවුන් (දැන) වහන් නැඟී උස්අස්නෙක හිඳ හිස වසා පෙරෙව ගත්තී ආයුෂ්මත් උදායී තෙරුන්ට මහණ “බණ කියනු මැනව” යි මෙය කිවු ය. නැගෙණියෙනි, “(මතු එයට) කාලයෙක් වන්නේ ය” යි වදාරා හුනස්නෙන් නැගිට වැඩියහ.
දෙවන වට දු ඒ මණෙවු තෙමේ ආයුෂ්මත් උදායි තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරණුවන් සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය.
එකත්පස් ව හුන් ඒ මණෙවුහට ආයුෂ්මත් උදායි තෙරණුවෝ දැහැමිකතාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙදගැන්වූහ. සතුටු කරවූහ. දෙවනවට දු ඒ මණෙවු ආයුෂ්මත් උදායී තෙරුණුවන් විසින් දැහැමිකතාවෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ සතුටු කරවන ලද්දේ හුනස්නෙන් නැඟිට වේරහච්චානි ගොත් බැමිණිය වෙත එළඹියේ ය. එළඹ වේරහච්චානිගොත් බැමිණියට මෙය කී ය: පින්වතිය, කිම දන්නෙහි ද? උදායි මහණහු මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්යඤ්ජන සහිත සියල්ල පිරිපුන් පිරිසිදු බඹසර පවසති යි. මණෙව්ව, තෙපි මෙසේ ම උදායි මහණහුගේ ගුණ කියව. උදායි මහණ වනාහි මහණ, බණ කියනු මැනව යි කියන ලදුයේ ම නැගණියෙනි, (එයට) “කලෙක් වන්නේ ය” යි කියා හුනස්නෙන් නැඟිට වෙහෙරට ගියේ යි.
ඒ එසේම ය. පින්වතිය, තෙපි වහන් නැඟී උස් අස්නෙක හිඳ හිස වසා පෙරෙව මහණ “බණ කියනු මැනවැ” යී මෙය කීහු. ඒ භවත්හු ධර්මය ගුරු කොට ඇත්තෝ ධර්මයට ගෞරව කරන්නෝ යි. මණෙව්ව එසේ නම් තෙපි මාගේ වචනයෙන් උදායි මහණහු සෙට පිණිස බතින් පවරවු යි. “එසේය පින්වතිය” යි ඒ මණෙවු තෙමේ වේරහච්චානිගොත් බැමිණියට පිළිතුරු දී ආයුෂ්මත් උදායි තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරණුවන්ට මෙය සැලකෙළේ ය:
භවත් උදායි තෙරණුවෝ අප ඇදුරුබිරිය වූ වේරහච්චානිගොත් බැමිණියගේ සෙට පිණිස වූ බත ඉවසත්වා යි. ආයුෂ්මත් උදායි තෙරණුවෝ මුවෙන් නො බැණ ඉවසූහ. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙරණුවෝ ඒ රැය ඇවෑමෙන් පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන වේරහච්චානිගොත් බැමිණියගේ නිවස වෙත එළඹියහ. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන්හ. එකල්හි වේරහච්චානිගොත් බැමිණිය ආයුෂ්මත් උදායී තෙරහු ප්රණීත වූ කෑයුතු බිදියයුතු දැයින් සියතින් සැතැප්වූ. මැනවින් පැවරවූ. ඉක්බිති වේරහච්චානිගොත් බැමිණිය ආයුෂ්මත් උදායි තෙරණුවන් වළඳා නිම වූවන් පාත්රයෙන් ඉවත් කළ අත්ඇත්තවුන් (දැන) වහනින් බැස මිටි අස්නෙක හිඳ හිස විවර කොට ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙය කිවු ය.