1. 2. 5. 6.
සුද්ධික සූත්රය
98. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැලකළේ ය:
වහන්ස, යම් රූපයෙක් නිත්ය නම් ධ්රැව නම් ශාශ්වත නම් නොවෙනස් වන ස්වභාව ඇත්තේ නම් ශාශ්වත් වස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එ බඳු කිසි රූපයෙක් ඇද්ද? වහන්ස, ... කිසි වේදනාවක් ඇද්ද? වහන්ස, ... කිසි සංඥාවක් ඇද්ද? වහන්ස, ... කිසි සංස්කාර කෙනෙක් ඇත්තාහු ද? වහන්ස, යම් විඥානයෙක් නිත්ය නම් ධ්රැව නම් ශාශ්වත නම් නොවෙනස් වන ස්වභාව ඇත් නම් ශාශ්වත් වස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එ බඳු කිසි විඥානයෙක් ඇද්දැ?” යි.
මහණ, යම් රූපයෙක් නිත්ය නම් ධ්රැව නම් ශාශ්වත නම් නොවෙනස් වන ස්වභාව ඇත්තේ නම් ශාශ්වත් වස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එ බඳු කිසි රූපයෙක් නැත් ම යැ.
මහණ, ... කිසි වේදනාවක් නැත් ම ය. කිසි සංඥාවක් ... කිසි සංස්කාර කෙනෙක් ... මහණ, යම් විඥානයෙක් නිත්ය නම් ධ්රැව නම් ශාශ්වත නම් නොවෙනස් වන ස්වභාව ඇත් නම් ශාශ්වත් වස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එ බඳු කිසි විඥානයෙක් නැත් මැ යි.
1. 2. 5. 7.
ගද්දුලබද්ධ සූත්රය
99. සැවැත්නුවර:
මහණෙනි, මෙ සසර අනවරාග්ර යැ. අවිද්යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති භවයෙන් භවයට සංධාවන කරන ච්යුති ප්රතිසන්ධි විසින් සැරිසරන සත්ත්වයන්ගේ මුල් කෙළෙවර නො පෙනේ.
මහණෙනි, යම් කලෙක මේ මහමුහුද සිඳේ ද, වියළේ ද, නො වේ ද, එ බඳු කලෙක් වේ ම යැ. මහණෙනි, අවිද්යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති සංධාවන සංසරණ කරණ සත්ත්වයන්ගේ දුක් කෙළවර කිරීමක් මම නො ම කියමි.
මහණෙනි, යම් කලෙක මේ සිනේරු පර්වතරාජයා දැවේ ද, වැනසේ ද, නො වේ ද, එ බඳු කලෙක් වේ මැ යැ. මහණෙනි, අවිද්යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති දිවෙන සැරිසරන සත්ත්වයන්ගේ දුක කෙළවර කිරීමක් මම නො මැ කියමි.
මහණෙනි, යම් කලෙක මේ මහපොළොව දැවේ ද, වැනසේ ද, නො වේ ද, එ බඳු කලෙක් වේ ම යැ. මහණෙනි, අවිද්යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති දිවෙන සැරිසරන සත්ත්වයන්ගේ දුක කෙළවර කිරීමක් මම නො මැ කියමි.
මහණෙනි, බලුදමින් බැඳුණු ශුනකයෙක් දැඩි හුලෙක හෝ ටැඹෙක බඳනා ලද්දේ යම්සේ ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ වටාගෙන අනුව දිවේ ද, අනුව පෙරළේ ද, මහණෙනි, එසෙයින් මැ ආර්ය්යයන් නොදක්නා ආර්ය ධර්මයෙහි අදක්ෂ ආර්ය ධර්මයෙහි නොහික්මුණු සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්මයෙහි අදක්ෂ සත්පුරුෂධර්මයෙහි නොහික්මුණු අශ්රැතවත් පෘථජ්ජන තෙමේ රූපය ආත්ම වශයෙන් හෝ ආත්මය රූපවත් කොට හෝ ආත්මයෙහි ලා රූපය හෝ රූපයෙහි ලා ආත්මය හෝ දකියි.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය ආත්මය වශයෙන් හෝ ආත්මය විඥානවත්ය යි හෝ ආත්මයෙහි විඥානය ඇතැ යි හෝ විඥානයෙහි ආත්මය ඇතැ යි හෝ දකියි. හේ රූපය මැ අනුව දිවෙයි. රූපය මැ අනුව පෙරළෙයි. වේදනාව ම අනුව දිවෙයි. වේදනාව ම අනුව පෙරළෙයි. සංඥාව ම අනුව දිවෙයි. සංඥාව ම අනුව පෙරළෙයි. සංස්කාර මැ අනුව දිවෙයි. සංස්කාර මැ අනුව පෙරළෙයි. විඥානය මැ අනුව දිවෙයි. විඥානය මැ අනුව පෙරළේ.
හේ රූපය අනුව දිවෙන්නේ අනුව පෙරළෙන්නේ වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනුව දිවෙන්නේ අනුව පෙරළෙන්නේ රූපයෙන් නො මිදෙයි, වේදනාවෙන් නො මිදෙයි, සංඥාවෙන් නො මිදෙයි, සංස්කාරයන් ගෙන් නො මිදෙයි, විඥානයෙන් නො මිදෙයි. ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් කායික දුකෙන් දොම්නසින් දැඩි ආයාසයෙන් නො මිදෙයි. (පස්කඳ) දුකින් නො මිදේ යයි කියමි.