1. 2. 5. 2.
පුප්ඵ සූත්රය
94. සැවැත්නුවර:
මහණෙනි, මම ලෝකයා සමග විවාද නො කරමි. මහණෙනි, ලෝකයා වූ කලී මා සමග විවාද කෙරෙයි. මහණෙනි, ධර්මවාදියෙක් ලොව කිසිවකු සමග විවාද නො කෙරෙයි.
මහණෙනි, ලොව පණ්ඩිතයන් විසින් යමෙක් නැතැ යි සම්මත නම් මම ද එය නැතැ යි කියමි. මහණෙනි , ලොව යෙමෙක් පණ්ඩිතයන් විසින් ඇතැ යි සම්මත නම් මම ද එය ඇතැ යි කියමි.
මහණෙනි, මම යම් නැතැ යි කියම් ද, ලොව එ බඳු කිමෙක් පණ්ඩිතයන් විසින් නැතැ යි සම්මත ද යත්:
මහණෙනි, නිත්ය ධ්රැව ශාශ්වත අවිපරිණාමධර්ම රූපයක් ලොව නැතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ. මම ද එය නැතැ යි කියමි. නිත්ය ධ්රැව ශාශ්වත අවිපරිණාමධර්ම වේදනාවක් නැතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ. මම ද එය නැතැ යි කියමි. සංඥාවක් ... නිත්ය ධ්රැව ශාශ්වත අවිපරිණාමධර්ම සංස්කාර ලොව නැතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ. මම ද එය නැතැ යි කියමි. නිත්ය ධ්රැව ශාශ්වත අවිපරිණාමධර්ම විඥානයක් ලොව නැතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ. මම ද එය නැතැ යි කියමි. මහණෙනි, මම යමක් නැතැ යි කියම් ද, මේ වූකලී ලෝකයෙහි පණ්ඩිතයන් විසින් නැතැ යි සම්මත යි.
මහණෙනි, මම යෙමෙක් ඇතැ යි කියම් ද, ඒ කිමෙක් ලොව පණ්ඩිතයන් විසින් ඇතැ යි සම්මත ද යත්:
මහණෙනි, අනිත්ය, දුඃඛ, විපරිණාමධර්ම රූපයක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත ය. මම ද එය ඇතැ යි කියමි. අනිත්ය, දුඃඛ, විපරිණාමධර්ම වේදනාවක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ . මම ද එය ඇතැ යි කියමි. සංඥාවක් ... අනිත්ය, දුඃඛ, විපරිණාමධර්ම සංස්කාර ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ . මම ද එය ඇතැ යි කියමි. අනිත්ය, දුඃඛ, විපරිණාමධර්ම විඥානයක් පණ්ඩිතයන් විසින් ලොව ඇතැ යි සම්මත යැ, මම ද එය ඇතැ යි කියමි.
මහණෙනි, මම යමෙක් ඇතැ යි කියම් ද, මෙය වූකලී පණ්ඩිතයන් විසින් ලොව ඇතැ යි සම්මත යි.
මහණෙනි, තථාගත තෙමේ යමක් මොනොවට අවබෝධ කෙරෙයි ද, මොනොවට දැනගනියි ද, මොනොවට අවබෝධ කොට මොනොවට දැනගෙන කියයි ද, දේශනා කෙරෙයි ද, පනවයි ද, පිහිටුවයි ද, විවර්ණ කෙරෙයි ද, බෙදයි ද, උඩුහුරු කෙරෙයි ද, ඒ ලෝකධර්මය (ස්කන්ධ පඤ්චකය) ලොව ඇති. මහණෙනි, තථාගත තෙමේ යමක් මැනවින් අවබෝධ කෙරෙයි නම් මනාකොට දැනගනියි නම් අවබෝධ කොට දැන කියා නම් දේශනා කෙරේ නම් පනවා නම් පිහිටුවා නම් විවරණය කෙරේ නම් බෙදා නම් උඩුහුරු කෙරේ නම් ලොව ඒ ලෝකධර්මය කිමෙක යත්:
මහණෙනි, රූපය ලොව ලෝකධර්මයෙකි. තථාගත තෙමේ එය මැනවින් අවබෝධ කෙරෙයි, මැනවින් දැනගනියි. මැනවින් අවබෝධ කොට මැනවින් දැනගෙන කියයි, දෙසයි, පනවයි, පිහිටුවයි, විවරණ කෙරෙයි, බෙදයි, උඩුහුරු කෙරෙයි. මහණෙනි, තථාගතයන් විසින් මෙසේ කියනු ලබන කල්හි දේශනා කරනු ලබන කල්හි පනවනු ලබන කල්හි පිහිටුවනු ලබන කල්හි විවරණ කරනු ලබන කල්හි බෙදනු ලබන කල්හි උඩුහුරු කරනු ලබන කල්හි යමෙක් නො දනී නම් නො දකී නම්, මහණෙනි, අන්ධ වූ ඇස් නැති නො දන්නා නො දක්නා ඒ බාල පුහුදුන්හට මම කුමක් කෙරෙම් ද?
මහණෙනි, වේදනාව ලොවැ ලෝකධර්මයෙකි ... මහණෙනි, සංඥාව ලොවැ ලෝකධර්මයෙකි ... මහණෙනි, සංස්කාරයෝ ලොවැ ලෝකධර්මයෝ ය. මහණෙනි, විඥානය ලොවැ ලෝකධර්මයෙකි. තථාගත තෙමේ එය මැනවින් අවබෝධ කෙරෙයි, මැනවින් දැනගනී. මැනවින් අවබෝධ කොට මැනවින් දැන කියයි, දේශනා කෙරෙයි , පනවයි, පිහිටුවයි, විවරණ කෙරෙයි, බෙදයි, උඩුහුරු කෙරෙයි. මහණෙනි, තථාගතයන් විසින් මෙසේ කියනු ලබන කල්හි දේශනා කරනු ලබන කල්හි පනවනු ලබන කල්හි පිහිටුවනු ලබන කල්හි විවරණ කරනු ලබන කල්හි බෙදනු ලබන කල්හි උඩුහුරු කරනු ලබන කල්හි යමෙක් නො දනීයි නම් නො දකී නම්, මහණෙනි, අන්ධ වූ ඇස් නැති නො දන්නා නො දක්නා ඒ බාල පුහුදුන්හට මම කුමක් කෙරෙම් ද?
මහණෙනි, දියෙහි හටගත් දියෙහි වැඩුණු උපුලෙක් හෝ පියුමෙක් හෝ හෙළපියුමෙක් හෝ දියෙන් නැගී දියෙන් නො ගැටී යම්සේ සිටුනේ ද, මහණෙනි, එසෙයින් ම තථාගත තෙමේ ලොවැ උපන්නේ ලොවැ වැඩුණේ ලොව මැඩගෙන ලෝකයා හා නො ගැටී වාස කෙරේ යි.
1. 2. 5. 3.
ඵෙණ පිණ්ඩූපම සූත්රය
95. එක්සමයෙක භාග්යවතුන් වහන්සේ අයෝධ්යා නගර සමීපයෙහි ගංගා නම් ගංඉවුරෙහි වැඩවසන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක: