1. 2. 2. 5.
දුක්ඛ සූත්රය
67. සැවැත්නුවර:
එකල්හි එක්තරා මහණෙක් ... එකත්පසෙක හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැලකළේ ය:
වහන්ස, මම් ... නිවන් කරා යොමුකළ සිතැති වැ වාස කෙරෙම් නම් භාග්යවතුන් වහන්සේ මට එබඳු දහමක් සැකෙවින් දෙසනසේක් නම් මැනවි යි.
මහණ, යමක් දුක් ද එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්දය හළයුතු යි.
භාග්යවතුන් වහන්ස, දන්නා ලද යැ, සුගතයන් වහන්ස, දන්නා ලදැ යි.
මහණ, මා විසින් සැකෙවින් දේශිත වචනයාගේ අර්ත්ථ කවර අයුරකින් තෙපි විස්තර වශයෙන් දනිවු දැයි.
වහන්ස, රූපය දුක් යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්දය හළයුතු වෙයි. වේදනාව දුක් යැ, ... සංඥාව දුක් යැ ... සංස්කාර දුක් යැ ... විඥානය දුක් යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්දය හළයුතු වෙයි. වහන්ස, භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ ධර්මයාගේ අර්ත්ථ මම් විස්තර වශයෙන් මෙසේ දනිමි යි.
මැනවි මැනවි මහණ. මහණ මා විසින් සැකෙවින් කියන ලද වචනයාගේ අර්ත්ථ තෙපි විස්තර වශයෙන් දනිවු, මහණ, රූපය දුක් යැ, එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්දය හළයුතු ය. වේදනාව දුක් යැ ... සංඥාව දුක් යැ ... සංස්කාර දුක් යැ ... විඥානය දුක් යැ. ... එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්දය හළයුතු යි. මහණ මා විසින් සැකෙවින් දේශිත මේ වචනයාගේ අර්ත්ථ විස්තර වශයෙන් මෙසේ දතයුත්තේ යි.
එ කල්හි, ඒ මහණ භාග්යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන ... ඒ මහණ රහතුන් අතර අන්යතරයෙක් වූයේ යි.
1. 2. 2. 6.
අනත්ත සූත්රය
68. සැවැත්නුවර:
එකල්හි එක්තරා මහණෙක් ... එකත්පසෙක හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ:
වහන්ස, මම් ... නිවන් කරා යොමු කළ සිතැති වැ වාස කෙරෙම් ද භාග්යවතුන් වහන්සේ මට එබඳු දහමක් සැකෙවින් දෙසනසේක් නම් මනා යි.
මහණ, යමක් අනාත්ම ද එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්ද ප්රහාණ කළයුතු.
භාග්යවතුන් වහන්ස, දන්නා ලද යැ, සුගතයන් වහන්ස දන්නා ලදැ යි.
මහණ, මා විසින් සැකෙවින් පවසන ලද වචනයාගේ අරුත් තෙපි කිසෙයින් විතර විසින් දනිවු දැ යි?
වහන්ස, රූපය අනාත්ම යි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්දය ප්රහාණ කළයුතු වෙයි. වේදනාව අනාත්ම යි ... සංඥාව අනාත්ම යි ... සංස්කාර අනාත්ම යි ... විඥානය අනාත්ම යි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්දය ප්රහාණය කළයුතු වේ. වහන්ස, භාග්යවතුන් වහන්සේ විසින් දේශිත ධර්මයාගේ අර්ත්ථ මම මෙසේ විස්තර වශයෙන් දනිමි යි.
මහණ, මැනවි මැනවි. මහණ, මා විසින් සැකෙවින් පවසන ලද වචනයාගේ අරුත් තෙපි විතර විසින් මෙසේ දනිවු, ඒ මැනවි. මහණ, රූපය අනාත්ම යි, එහි ලා තෘෂ්ණාච්ඡන්දය ප්රහාණ කටයුතු යි, වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනාත්ම යි, එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්දය ප්රහාණ කටයුතු. මහණ, මා විසින් සැකෙවින් පැවසූ වචනයාගේ අරුත් විතර විසින් මෙසේ දතයුත්තේ යි.
එකල්හි ඒ මහණ භාග්යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන ... ඒ මහණ රහතුන් අතර අන්යතරයෙක් වූයේ යි.