2. 2. 9.
අහිරිකමූලකතිකචතුක්ක සූත්රය
243. සැවැත්නුවර–
මහණෙනි, සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තවුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයු කල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … [ලජ්ජා නැතියෝ … පවට බිය නැතියෝ … නුවණ නැතියෝ … ලජ්ජා ඇතියෝ … පවට බිය ඇතියෝ … පැණැතියෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.] (පළමුවන තිකය යි.)
මහණෙනි, සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. නූගත්තු නූගතුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … උගත්තු උගතුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාගතයෙහි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … [ලජ්ජා නැතියෝ … නූගත්තෝ … නුවණ නැතියෝ … ලජ්ජා ඇතියෝ … උගත්තෝ … පැණැතියෝ පැණැත්තන් සමග සැසැඳෙත්, එකතු වෙත්.] (දෙවන තිකය යි.)
මහණෙනි, සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කුසීතයෝ කුසීතයන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … පිරිපුන් වැර ඇත්තෝ පිරිපුන් වෙර ඇත්තවුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග ... සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … [ලජ්ජා නැතියෝ … කුසීතයෝ … නුවණ නැතියෝ … ලජ්ජා ඇතියෝ … පරිපුන් වැර ඇතියෝ … පැණැතියෝ පැණැත්තන් සමග සැසැඳෙත්, එකතු වෙත්.] (තෙවන තිකය යි.)
මහණෙනි, සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තවුන් සමග … දුෂ්ප්රාඥයෝ දුෂ්ප්රාඥයන් සමග … ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තවුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග ... සැසැඳෙති, එකතු වෙති. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … [ලජ්ජා නැතියෝ … සිහි නැතියෝ … ලජ්ජා ඇතියෝ … සිහි ඇතියෝ … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති යි.] (සිවුවන තිකය යි.)
2. 2. 10.
අනොත්තප්පමූලකතිකත්තය සූත්රය
244. සැවැත්නුවර–
මහණෙනි, සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … අල්පශ්රැතයෝ අල්පශ්රැතයන් සමග … දුෂ්ප්රාඥයෝ දුෂ්ප්රාඥයන් සමග … පාපභීරුකයෝ පාපභීරුකයන් සමග … බහුශ්රැතයෝ බහුශ්රැතයන් සමග … ප්රාඥයෝ ප්රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … පවට බිය නැතියෝ … අල්පශ්රැතයෝ … දුෂ්ප්රාඥයෝ … පවට බිය ඇතියෝ … බහුශ්රැතයෝ … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (පළමුවන තිකය යි.)
මහණෙනි, සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කුසීතයෝ කුසීතයන් සමග … දුෂ්ප්රාඥයෝ දුෂ්ප්රාඥයන් සමග … පාපභීරුකයෝ පාපභීරුකයන් සමග … පිරිපුන් වැර ඇත්තෝ පිරිපුන් වෙර ඇත්තවුන් සමග … ප්රාඥයෝ ප්රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … පවට බිය නැතියෝ … කුසීතයෝ … දුෂ්ප්රාඥයෝ … පාපභිරුකයෝ … පිරිපුන් වැර ඇත්තෝ … ප්රාඥයෝ ප්රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (දෙවන තිකය යි.)
මහණෙනි, සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තවුන් සමග … දුෂ්ප්රාඥයෝ දුෂ්ප්රාඥයන් සමග … පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තවුන් සමග … එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තවුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … පවට බිය නැතියෝ … සිහි නැතියෝ … දුෂ්ප්රාඥයෝ … පවට බිය ඇත්තෝ … සිහි ඇත්තෝ … ප්රාඥයෝ ප්රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (තෙවන තිකය යි.)