2. ධාතු සංයුත්තය
1. නානත්ත වර්ගය
2. 1. 1.
ධාතුනානත්ත සූත්රය
225. සැවැත්නුවර–
මහණෙනි, තොපට ධාතුනානාත්වය දේශනා කරන්නෙමි. එය අසවු, මැනවින් මෙනෙහි කරවු. දේශනා කරන්නෙමි යි ඒ භික්ෂූහු “වහන්ස එසේ ය” යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක:
මහණෙනි, ධාතුනානාත්වය කිමෙක යත්: චක්ඛුධාතු ය, රූපධාතු ය, චක්ඛුවිඤ්ඤාණධාතු ය, සෝතධාතු ය, සද්දධාතු ය, සෝතවිඤ්ඤාණධාතු ය, ඝානධාතු ය, ගන්ධධාතු ය, ඝානවිඤ්ඤාණධාතු ය, ජිව්හාධාතු ය, රසධාතු ය, ජීව්හාවිඤ්ඤාණධාතු ය, කායධාතු ය, ඵොට්ඨබ්බධාතු ය, කායවිඤ්ඤාණධාතු ය, මනෝධාතු ය, ධම්මධාතු ය, මනෝවිඤ්ඤාණධාතු ය යි. මහණෙනි, මේ ධාතුනානාත්වය යි කියනු ලැබේ යි.
2. 1. 2.
ඵස්සනානත්ත සූත්රය
226. සැවැත්නුවර–
මහණෙනි, ධාතුනානාත්වය නිසා ඵස්සනානාත්වය උපදී. මහණෙනි, ධාතුනානාත්වය කවරේ ද යත්: චක්ඛුධාතු ය, සෝතධාතු ය, ඝානධාතු ය, ජිව්හාධාතු ය, කායධාතු ය, මනෝධාතු ය යි. මහණෙනි, මෙය ධාතුනානාත්ව ය යි කියනු ලැබේ.
මහණෙනි, කෙසේ නම් ධාතුනානාත්වය නිසා ඵස්සනානාත්වය උපදී ද? මහණෙනි, චක්ඛුධාතුව නිසා චක්ඛුසම්ඵස්සය උපදී. සෝතධාතුව නිසා සෝතසම්ඵස්සය උපදී. ඝාණධාතුව නිසා ඝාණසම්ඵස්සය උපදී. ජිව්හාධාතුව නිසා ජිව්හාසම්ඵස්සය උපදී. කායධාතුව නිසා කායසම්ඵස්සය උපදී. මනෝධාතුව නිසා මනෝසම්ඵස්සය උපදී. මහණෙනි, මෙසෙයින් ධාතුනානාත්වය නිසා ඵස්සනානාත්වය උපදී යි.
2. 1. 3.
නො ඵස්සනානත්ත සූත්රය
227. සැවැත්නුවර–
මහණෙනි, ධාතුනානාත්වය නිසා ඵස්සනානාත්වය උපදී. ඵස්සනානාත්වය නිසා ධාතුනානාත්වය නූපදී.
මහණෙනි, ධාතුනානාත්වය කවරේද යත්: චක්ඛුධාතු ය ... මනෝධාතු ය යි. මහණෙනි, මේ ධාතුනානාත්වය යි කියනු ලැබේ.
මහණෙනි, කෙසේ නම් ධාතුනානාත්වය නිසා ඵස්සනානාත්වය උපදී ද? ඵස්සනානාත්වය නිසා ධාතුනානාත්වය නූපදී ද? මහණෙනි, චක්ඛුධාතුව නිසා චක්ඛුසම්ඵස්සය උපදී. චක්ඛුසම්ඵස්සය නිසා චක්ඛුධාතුව නූපදී … මනෝ ධාතුව නිසා මනෝසම්ඵස්සය උපදී. මනෝසම්ඵස්සය නිසා මනෝධාතුව නූපදී. මහණෙනි, මෙසේ ධාතුනානාත්වය නිසා ඵස්සනානාත්වය උපදී. ඵස්සනානාත්වය නිසා ධාතුනානාත්වය නූපදී යි.
2. 1. 4.
වේදනා සූත්රය
228. සැවැත්නුවර–
මහණෙනි, ධාතුනානාත්වය නිසා ඵස්සනානාත්වය උපදී. ඵස්සනානාත්වය නිසා වේදනානානාත්වය උපදි.
මහණෙනි, ධාතුනානාත්වය කවරේ ද යත්: චක්ඛුධාතු ය … මනෝ ධාතු යි මහණෙනි, මේ ධාතුනානාත්වය යි කියනු ලැබේ.
මහණෙනි, කෙසේ නම් ධාතුනානාත්වය නිසා ඵස්සනානාත්වය උපදී ද? ඵස්සනානාත්වය නිසා වේදනානානාත්වය උපදී ද? මහණෙනි, චක්ඛුධාතුව නිසා චක්ඛුසම්ඵස්සය උපදී. චක්ඛුසම්ඵස්සය නිසා චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව උපදී … මනෝධාතුව නිසා මනෝසම්ඵස්සය උපදී. මනෝසම්ඵස්සය නිසා මනෝසම්ඵස්සයෙන් උපන් වේදනා උපදී. මහණෙනි, මෙසේ ධාතුනානාත්වය නිසා ඵස්සනානාත්වය උපදී. ඵස්සනානාත්වය නිසා වේදනානානාත්වය උපදී යි.
2. 1. 5.
නොවේදනා සූත්රය
229. සැවැත්නුවර–
මහණෙනි, ධාතුනානාත්වය නිසා ඵස්සනානාත්වය උපදී. ඵස්සනානාත්වය නිසා වේදනානානාත්වයක් උපදී. වේදනානානාත්වය නිසා ඵස්සනානාත්වය නූපදී. ඵස්සනානාත්වය නිසා ධාතුනානාත්වය නූපදී.
මහණෙනි, ධාතුනානාත්වය කවරේ ද යත්: චක්ඛුධාතු ය … මනෝ ධාතු යි. මහණෙනි, මේ ධාතුනානාත්වය යි කියනු ලැබේ.
මහණෙනි, කෙසේ නම් ධාතුනානාත්වය නිසා ඵස්සනානාත්වය උපදී ද? ඵස්සනානාත්වය නිසා වේදනානානාත්වය උපදී ද? වේදනානානාත්වය නිසා ඵස්සනානාත්වය නූපදී ද?. ඵස්සනානාත්වය නිසා ධාතුනානාත්වය නූපදී ද? මහණෙනි, චක්ඛුධාතුව නිසා චක්ඛුසම්ඵස්සය උපදී. චක්ඛුසම්ඵස්සය නිසා චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව උපදි. චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිසා චක්ඛුසම්ඵස්සය නූපදී. චක්ඛුසම්ඵස්සය නිසා චක්ඛුධාතුව නූපදී … මනෝධාතුව නිසා මනෝසම්ඵස්සය උපදී. මනෝසම්ඵස්සය නිසා මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව උපදී. මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිසා මනෝසම්ඵස්සය නූපදී. මනෝසම්ඵස්සය නිසා මනෝධාතුව නූපදී.
මහණෙනි, මෙසේ ධාතුනානාත්වය නිසා ඵස්සනානාත්වය උපදී. ඵස්සනානාත්වය නිසා වේදනානානාත්වය උපදී. වේදනානානාත්වය නිසා ඵස්සනානාත්වය නූපදී. ඵස්සනානාත්වය නිසා ධාතුනානාත්වය නූපදී යි.