2. 2. 10.
අනොත්තප්පමූලකතිකත්තය සූත්‍රය
244. සැවැත්නුවර–
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … අල්පශ්‍රැතයෝ අල්පශ්‍රැතයන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග … පාපභීරුකයෝ පාපභීරුකයන් සමග … බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් සමග … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … පවට බිය නැතියෝ … අල්පශ්‍රැතයෝ … දුෂ්ප්‍රාඥයෝ … පවට බිය ඇතියෝ … බහුශ්‍රැතයෝ … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (පළමුවන තිකය යි.)
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කුසීතයෝ කුසීතයන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග … පාපභීරුකයෝ පාපභීරුකයන් සමග … පිරිපුන් වැර ඇත්තෝ පිරිපුන් වෙර ඇත්තවුන් සමග … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … පවට බිය නැතියෝ … කුසීතයෝ … දුෂ්ප්‍රාඥයෝ … පාපභිරුකයෝ … පිරිපුන් වැර ඇත්තෝ … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (දෙවන තිකය යි.)
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තවුන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග … පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තවුන් සමග … එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තවුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … පවට බිය නැතියෝ … සිහි නැතියෝ … දුෂ්ප්‍රාඥයෝ … පවට බිය ඇත්තෝ … සිහි ඇත්තෝ … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (තෙවන තිකය යි.)
2. 2. 11.
අප්පස්සුතමූලකතිකදවය සූත්‍රය
245. සැවැත්නුවර–
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: අල්පශ්‍රැතයෝ අල්පශ්‍රැතයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කුසීතයෝ කුසීතයන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග … බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් සමග … පිරිපුන් වැර ඇත්තෝ පිරිපුන් වැර ඇත්තවුන් සමග … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග ... සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අතීතයෙහිදු … මහණෙනි, අනාගතයෙහි දු … මහණෙනි, දැන් වත්මන් හි දු … අල්පශ්‍රැතයෝ … කුසීතයෝ … දුෂ්ප්‍රාඥයෝ … බහුශ්‍රැතයෝ … වැර ඇතියෝ … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (පළමුවන තිකය යි.)
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් විසින් ම සැසැඳෙත්, එකතු වෙත්: අල්පශ්‍රැතයෝ අල්පශ්‍රැතයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තවුන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග … බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් සමග … එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තවුන් සමග … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අතීතයෙහිදු … මහණෙනි, අනාගතයෙහි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … අල්පශ්‍රැතයෝ … සිහි නැතියෝ … දුෂ්ප්‍රාඥයෝ … බහුශ්‍රැතයෝ … සිහි ඇතියෝ … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (දෙවන තිකය යි.)
2. 2. 12.
කුසීතමූලකතිකෙක සූත්‍රය
246. සැවැත්නුවර–
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: කුසීතයෝ කුසීතයන් සමග සැසැඳෙත්. එකතු වෙත්. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තවුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැතවුන් සමග … පිරිපුන් වැර ඇත්තෝ පිරිපුන් වැර ඇත්තවුන් සමග … එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තවුන් සමග ... පැණැතියෝ පැණැත්තවුන් සමඟ සැසැඳෙති, එකතු වෙති. මහණෙනි, අතීතයෙහිදු … මහණෙනි, අනාගතයෙහි දු … මහණෙනි, දැන් වත්මන් හි දු … කුසීතයෝ … සිහි නැතියෝ … නුවණ නැතියෝ … පිරිපුන් වැර ඇතියෝ … සිහි ඇතියෝ … පණැතියෝ පණැත්තන් සමග සැසැඳෙති, එකතු වෙති.
සත්තධාතු වර්‍ගය දෙවෙනි යි.
එහි උද්දානය:
සත්තධාතු, සනිදාන සූත්‍ර සහ ගිඤ්ජකාවසථ, හීනාධිමුත්ති, වඞ්කම, සගාථ සූත්‍ර ද, සත්වැනි අස්සධ සූත්‍රය ද, අස්සද්ධමූලකතික පස ද, අහිරිකමූලකතික සතර ද, අනොත්තාපමූලකතික තුණ ද, අප්පස්සුතමූලකතික දෙක ද, කුසීතමුලකතික එක ද යන තික දැක්වෙන සූත්‍ර පස දැ යි මෙසේ සූත්‍රාන්ත (දොළොසෙක්) ද, තික පසළොසෙක් ද වදාරණ ලදි.