2. 3. 10.
වෙඛනස්ස සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි වෙඛනස්ස පරිව්රාජක භාග්යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්යවතුන් හා සමග සතුටු විය. සතුටුවියයුතු කාලාන්තරයෙහි සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස් වැ සිටියේ යැ. එකත්පස් වැ සිටි වෙඛනස්ස පරිව්රාජක භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ පරම (උත්තම) වර්ණ යැ මේ පරමවර්ණ යැ’යි උදානයක් කෙළේ යැ.
කාත්යායනයෙහි, තෙපි ‘මේ පරමවර්ණ යැ මේ පරමවර්ණ යැ’යි මෙසේ කුමට කියව කාත්යායනයෙනි, ඒ පරමවර්ණ කවරේ දැ?යි.
භවත් ගෞතමයෙනි, යම් වර්ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්රණීතතර වූ හෝ අනෙක් වර්ණයෙක් නැද්ද, හේ පරමවර්ණ යැ’යි.
කච්චානයෙනි, යම් වර්ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්රණීතතර වූ හෝ අනෙක් වර්ණයෙක් නැත් නම් ඒ වර්ණය කවරේ දැ?යි.
භවත් ගෞතමයෙනි, යම් වර්ණයකට වඩා උත්තරිතර වූ හෝ ප්රණීතතර වූ හෝ අනෙක් වර්ණයෙක් නැද්ද, ඒ පරමවර්ණ යැ’යි.
භවත් කාත්යායනයෙනි, (තෙපි) “භවත් ගෞතමයෙනි යම් වර්ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්රණීතතර වූ හෝ අනෙක් වර්ණයෙක් නැද්ද, ඒ ‘පරමවර්ණ යැ’යි කියව, ඒ වර්ණය ද නො පනවව, තොප ගේ තෙල කථාව දික් වැ යන්නේ යැ. යම්සේ කාත්යායනයෙනි, පුරුෂයෙක් මෙසේ කියන්නේ යැ: “මට මෙ දනවියෙහි යම් දනව්කලණක් ඇත් නම් ඇය රුස්නෙමි, ඇය කැමැත්තෙමි”යි. ඒ මොහුට කිසි කෙනෙක් මෙසේ කියන්නාහ: “එම්බා පුරුෂය, තෙපි යම් දනව්කලණක් රුස්නවු ද කැමැත්තවු ද, තෙපි දනවුකලණ ක්ෂත්රියාවක හෝ බ්රාහ්මණියක හෝ වෛශ්යාවක හෝ ශුද්රියක හෝ’යි දනිවු දැ?යි. මෙසේ පුළුවුස්නා ලද්දේ නො දනිමී කියන්නේ යැ. ඒ මොහුට මෙසේ කියන්නාහ: “එම්බා පුරුෂය, තෙපි යම් දනව්කලණක් රුස්නවු ද කැමැත්තවු ද, තෙපි දනවුකලණ මෙ නම් ඇත, මෙවන් ගෝත්ර ඇතැ යි හෝ ... දික් යැ හෝ මිටි යැ හෝ මැදුම් යැ හෝ කැළි යැ හෝ සම්වනැ හෝ මඟුරුසිවි ඇත්තී යැ හො’යි, අසුවල් ගම්හි යැ හෝ නියම්ගම්හි යැ හෝ නුවරෙහි යැ හො’යි දනිවු දැ?යි මෙසේ පුළුවුස්නා ලද්දේ නො දනිමි කියන්නේ යැ. මොහුට මෙසේ කියන්නාහ: එම්බා පුරුෂය, තෙපි යම් තැනැත්තියක නො දන්නවු නම් නො දක්නවු නම් ඇය තෙපි රුස්නවු ද, කැමැත්තවු දැ?යි මෙසේ පුළුවුස්නා ලද්දේ එසේ යැ’යි කියන්නේ යැ. කාත්යායනයෙහි ඒ කිමැ’යි හඟිවු ද? මෙසේ ඇති කල්හි ඒ පුරුෂයා ගේ භාෂිතය නිරර්ත්ථක වන්නේ නො වේ දැ?යි,
භවත් ගෞතමයෙනි, මෙසේ ඇති කල්හි ඒකාන්තයෙන් මැ ඒ පුරුෂයාගේ භාෂිතය නිරර්ත්ථක වන්නේ මැ යි.
එසෙයින් මැ කාත්යානයෙනි, තෙපි “භවත් ගෞතමයෙනි, යම් වර්ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්රණීතතර වූ හෝ අන්යවර්ණයෙක් නැත් ද ඒ ‘පරමවර්ණ යැ’යි කියව, ඒ වර්ණය ද නො පනවව’යි.
යම්සේ භවත් ගෞතමයෙනි, සුන්දර වූ ජාතිමත් වූ අටැස් ඇති වෙරළුමිණක් මැනැවින් පිරියම් කරන ලද්දේ පඬුඇඹුලෙකැ (රත් පලසෙකැ) බහාලන ලද්දේ බබළන්නේත් දීප්ත වන්නේත් වෙසෙසින් දීප්ත වන්නේත් වේ ද, මෙබඳු වර්ණ ඇති ආත්මය මරණින් මතු ආරෝග වේ යයි.
කාත්යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? සුන්දර වූ ජාතිමත් වූ අටැස් ඇති මොනොවට පිරියම් කළ යම් වෙරළුමිණක් පඬුඇඹුලෙකැ බහන ලද්දේ බබළන්නේත් දීප්ත වන්නේත් වෙසෙසින් දීප්ත වන්නේත් හෝ වේ ද, රාත්රි බහලාන්ධකාරයෙහි යම් කදෝපැණි කෘමියෙක් හෝ වේ ද, මේ වර්ණ දෙක අතුරින් කවර වර්ණයෙක් අතිශයින් සුන්දරතරත් ප්රණීතතරත් වේ දැ?යි.
භවත් ගෞතමයෙනි, රැය බොල් අඳුරෙහි යම් කදෝපැණි කෘමියෙක් වේ ද, මේ තෙමේ මෙ වර්ණ දෙක අතුරින් අතිශයින් සුන්දරතරත් ප්රණීතතරත් වේ යයි.
කාත්යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රැය බොල් අඳුරෙහි යම් කදෝපැණි කෘමියෙක් හෝ වේ ද, රැය බොල් අඳුරෙහි යම් තෙල්පහනෙක් හෝ වේ ද, මේ වර්ණ දෙක අතුරින් කවර වර්ණයෙක් අතිශයින් සුන්දරතරත් ප්රණීතතරත් වේ දැ?යි.
භවත් ගෞතමයෙනි, රැය බොල් අඳුරෙහි යම් තෙල්පහනෙක් වේ ද, මේ මෙ වර්ණ දෙක අතුරින් අතිශයින් සුන්දරතරත් ප්රණීතතරත් වේ යයි.
කාත්යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රැය බොල් අඳුරෙහි යම් තෙල්පහනෙක් හෝ වේ ද, රැය බොල් අඳුරෙහි මහගිනිකඳෙක් හෝ වේ ද, මේ වර්ණ දෙක අතුරින් කවර වර්ණයෙක් අතිශයින් සුන්දරතරත් ප්රණීතතරත් වේ දැ?යි.
භවත් ගෞතමයෙනි, රැය බොල් අඳුරෙහි යම් මහගිනිකඳෙක් වේ ද, මේ මෙ වර්ණ දෙක අතුරින් අතිශයින් සුන්දරතරත් ප්රණීතතරත් වේ යයි.
කාත්යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රැය බොල් අඳුරෙහි යම් මහගිනිකඳෙක් හෝ වේ ද, රැය අලුයම් වේලෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි යම් ඕසධී (පහන්) තාරකාවක් හෝ වේ ද, මේ වර්ණ දෙක අතුරින් කවර වර්ණයෙක් අතිශයින් සුන්දරතරත් ප්රණීතතරත් වේ දැ?යි.
භවත් ගෞතමයෙනි, රැය අලුයම් වේලෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි යම් ඕසධීතාරකාවක් වේ ද, මේ මෙ වර්ණ දෙක අතුරින් අතිශයින් සුන්දරතරත් ප්රණීතතරත් වේ යයි.