1. 4. 6.
මහාසච්චක සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්යවතුන් වහන්සේ විසල්පුර මහාවනයෙහි (කැණිමඩුලු දී නැඟු) කුළාරපහා ගදකිළියෙහි වැඩවසන සේක. එසමයෙහි භාග්යවතුන් වහන්සේ පෙරවරු හැඳපෙරෙව පා සිවුරු ගෙන විසල්පුරට පිඬු පිණිස වදනු කැමැත්තාහු වෙති. එකල්හි සච්චක නුවටදරු ජඞ්ඝාවිහාර තකා එතැනින් එතැනට පයින් වැද ඇවිදුනේ මහවනකූටාගාරසාලා ගඳකිළියට ගියේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සච්චක නුවටපුතු දුරින් ම එන්නහු දුටුහ. දැක භගවත්හට තෙල සැළකළහ: “වහන්ස, මේ සච්චක නුවටපුත් එයි. භාෂ්යවිසින් කථාමාර්ග බණන්නෙක, ‘පණ්ඩිතයෙමි’යි කියන්නෙක, බොහෝදෙනා විසින් සාධුසම්මතය. වහන්ස, හෙතෙම බුදුන්ගේ අයුණු කැමැති වෙයි දහම්හි අයුණු කැමැති වෙයි. සඟුන්ගේ අයුණු කැමැති වෙයි. වහන්ස, භාග්යවතුන් වහන්සේ මොහොතක් වැඩ හිඳුනේ මැනැව, අනුකම්පා පිණිස යැ”යි. භාග්යවත්හුදු පැන්වූ අස්නෙහි වැඩහුන්හු. එසඳ සච්චක නුවටදරු බුදුන් කරා ගියේ. ගොස් බුදුන් හා සමග සතුටු වී. තුස්නට නිසි සිහිකරවනුවට නිසි තෙපුල් බැණ නිමවා එකත්පස්ව හින එකත්පස්ව හුන් සච්චක නුවටදරු භාග්යවතුන්වහන්සේට තෙල කී:
2. භවත් ගොයුම්ගොතුව, කායභාවනානුයුක්තව වාස කරන, චිත්තභාවනානුයුක්ත ව වාස නොකරන, කිසි මහණබමුණු කෙනෙක් ඇත. ගොයුම්ගොතුව, ඔහු ශාරීරික දුඃඛ වේදනා වළඳ කෙරෙත් මැය. ගොයුම්ගොතුව, වූවිරිදැයක් කියමි: ආශ්චර්ය්යයෙකි - ශරීරයෙහි සන්නිහිත දුඃඛ වේදනායෙන් පහරන ලදුවහුගේ ඌරුසත්බධතා (දෙකළවේ දැඩිසෙය) ද වෙයි. ළය ද පැළෙයි. උණු ලෙය ද මුවින් නැගෙයි. චිත්තක්ෂේප නම් උන්මාදයට ද පැමිණෙයි. ගොයුම්ගොතුව, උහුගේ තෙල සිත කායානුගත වෙයි, කායවශවර්තතී වෙයි. ඒ කවර හෙයින යත්: චිත්තය අභාවිත බැවින. ගොයුම්ගොතුව, චිත්තභාවනානුයුක්ත ව වාස කරන, කාය භාවනානුයුක්ත ව වාස නොකරන කිසි මහණබමුණ කෙනෙක් ඇත. ගොයුම්ගොතුව, ඔහු චෛතසික දුඃඛවේදනා වළඳ කෙරෙත් මය. ගොයුම්ගොතුව, වූවිරීදැයක් කියමි: ආශ්චර්ය්යයෙකි - චිත්තයෙහි සන්තිහිත දුඃඛවේදනායෙන් පහරන ලදුවහුගේ ඌරුසත්බධතා ද වෙයි. ළය ද පැළෙයි. උණු ලෙය ද මුවින් නැගෙයි. සිත්විකෙවු නම් උන්මාදයට ද පැමිණෙයි. ගොයුම්ගොතුව, උහුගේ තෙල කය චිත්තානුගත වෙයි, චිත්තවශවර්තතී වෙයි. ඒ කවරහෙයින යත්: කය අභාවිත බැවින. ගොයුම්ගොතුව මට මෙසේ සිතෙක් වෙයි: “භවත් ගෞතමයන්ගේ සව්වෝ චිත්තභාවනානුයුක්ත ව වාස කෙරෙති. කායභාවනානුයුක්තව වාස නොකෙරෙත් ම ය” කියායි.
3. ගිනිවෙස්න, තා විසින් කෙසේ කායභාවනා අසන ලද ද?
“ඒ මෙසෙයින් ඇසීමි: වාත්ස්යායන නන්දය, සාංකෘත්යායන කිසය, මක්ඛලිගෝසාලය - ගොයුම්ගොතුව, තුලුහු තුන්දෙනා සෙලුහ. (බැහැර කළ පිළි ඇතියහ.) හළ ආචාර ඇතියහ. පිඬු නිමි කල අත ලෝනාහු වෙති. ‘එව වහන්සැ’යි කීකල නො එනු සිල්කොට ඇතියාහ. ‘සිටුව, වහන්සැ’යි කීකල නොසිටිනු සිල්කොට ඇතියාහ. පළමු එළවූ අහර නොපිළිගන්නාහ. උදෙසා කළ අහර නොපිළිගන්නාහ. නිමන්ත්රණ නො පිළිගනිති. ඔහු කළමුවින් උදුරා අළ අහර නොපිළිගනිති. ඔහු සැළමුවින් අළ අහර නොපිළිගනිති. එළිපත අතර කොට දෙන අහර නොපිළිගනිති. දඬු අතර කොට දෙන අහර නොපිළිගනිති. මොහොල අතර කොට දෙන අහර නොපිළිගනිති. අහර වළඳ කරන දෙදෙනකුන් අතුරින් එකකු නැගී දෙන අහර නොපිළිගනිති. ගැබිණිලිය දෙන අහර නොපිළිගනිති. කිරිපොවනුලිය දෙන අහර නොපිළිගනිති. පුරුෂාන්තරගත ස්ත්රිය දෙන අහර නොපිළිගනිති. සමාදන් කොට පිසූ කල දෙන අහර නොපිළිගනිති. යම් ම තැනෙක බලු එළඹ සිටියේ වේ නම් එහි දී දෙන අහර නොපිළිගනිති. යම් ම තැනෙක මැසිමුළු ගළගළ ව හැසිරෙත් නම් එහිදී දෙන අහර නොපිළිගනිති. මත්ස්ය නොපිළිගනිති. මාංශ නොපිළිගනිති. රහ නො බොති. මෙර නො බොති. කළකැඳ නො බොති. ඔහු එක්ගෙයෙකින් පිඬු ලැබ නවත්නාහු හෝ වෙති. එක් ආලෝපයකින් යැපෙන්නාහු හෝ වෙති. දෙගෙයෙකින් පිඬු ලැබ නවත්නාහු හෝ වෙති. ආලෝප දෙකෙකින් යැපෙන්නාහු හෝ වෙති. සත්ගෙයෙකින් පිඬු ලැබ නවත්නාහු හෝ වෙති. ආලෝප සතෙකින් යැපෙන්නාහු හෝ වෙති. එක් දැත්තෙකිනුදු යැපෙති. දෙදැත්තෙකිනුදු යැපෙති. සත් දැත්තෙකිනුදු යැපෙති. එක් දවසක් අතර කොට ගන්නා අහර ද වළඳ කෙරෙති. දෙදවසක් අතර කොට ගන්නා අහර ද වළඳ කෙරෙති. සත්දවසක් අතර කොට ගන්නා අහර ද වළඳ කෙරෙති. මෙසෙයින් මෙබඳු අඩමසක් අතර කොට ගන්නා අහර දැයි වාරභක්ත භෝජනයෙහි ආශක්ත වූවාහු වාස කෙරෙති”යි කී.
4. කිම ගිනිවෙස්න, උහු එතෙකින් ම යැපෙත් දැ? යි (වදාළහ.)
“භවත් ගොයුම්ගොතුව, එතෙක් ම නොද වෙයි. භවත් ගොයුම්ගොතුව, කිසි දවසෙක උතුම් උතුම් (පිට්ඨඛජ්ජකාදි) ඛාද්ය කති. උතුම් උතුම් (හත්තපායාසාදි) භෝජ්යය වළඳ කෙරෙති. උතුම් උතුම් ආස්වාද්යය ආස්වාද කෙරෙති. උතුම් උතුම් (අඹපැන් ඈ) පැනුදු බොති. (මෙසෙසින්) උහු මෙ කය බල ගන්වන්නාහු නම් වෙති, වඩන්නාහු නම් වෙති, මේදොබහුල කෙරෙතියි” කී.
ගිනිවෙස්න සම්හෙයෙකින් ඔහු මුලැ කී දුෂ්කරක්රියා හැරැ පියා පැසුළු ඉපිණි ඛාද්යාදීන් සතපත් ද, මෙසෙයින් මේ කය පිළිබඳ (කලින් කල වන) වෘද්ධිපරිහාණිමාත්රයෙක් ම ඇත. (කායභාවනායෙක් නම් නැත.)
5. ගිනිවෙස්න, කෙසේ නම් තා විසින් චිත්තභාවනා අසනලද දැ? යි (භගවත්හු අනුයෝග කළසේක) භගවත්හු විසින් සච්චක නුවටදරු චිත්තභාවනායෙන් පුළුවුස්නා ලදුයේ පිළිතුරු සපයා බණන්නට අශක්ත වී.