1. 2. 8.
මධුපිණ්ඩික සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් නුවර න්‍යග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි සරහා හැඳ පාසිවුරු ගෙන කිඹුල්වතට පිඬු පිණිස වැඩ වදාළ සේක. කිම්බුල්වතෙහි පිඬු පිණිස හැසිර පස්බත පිණ්ඩපාතයෙන් වැළැකුණු සේක් දිවා විහරණය පිණිස මහාවනයට එළඹි සේක. මහාවනයට වැද ගෙන තරුණ බෙලිගසක් මුල දිවාවිහරණ කොට වැඩහුන් සේක. දණ්ඩපාණී සැහැරජරද ජඞ්ඝාවිහරණය පිණිස (කෙණ්ඩා විඩා දුරු කරණු පිණිස) ඔබමොබ සක්මන් කරන්නේ ඔබමොබ හැසිරෙන්නේ, මහාවනයට එළඹියේ ය. මහාවනයට වැද තරුණ බෙලිගස මුල (වැඩහුන්) භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී. තුස්නට නිසි සිහි කරණට නිසි කථා කොට නිමවා දඬුහිස එල්බ ගෙන එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි දණ්ඩපාණී ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
“ශ්‍රමණ තෙමේ කිබඳු දිටුහ ඇත්තේ ද, කුමක් ප්‍රකාශ කරන්නේ දැ?” යි.
“ඇවැත්නි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණබඹුන් සහිත නරදෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි යම් බඳු දෘෂ්ටි ඇත්තෙක් ලෝකයෙහි කිසිවෙකු හාත් විවාද කොට නො සිටී ද, යම් කරුණින් කාමයෙන් විසංයුක්ත කොට විහරණ කරණ විචිකිච්ඡා රහිත සුන් කුකුස් ඇති, කුදු මහත් භවයෙහි පහ වූ තෘෂ්ණා ඇති, ඒ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණයා වෙත සංඥාවෝ (ක්ලේශයෝ) ලැග නො හොවිත් ද, ඇවැත්නි, මම එබඳු වාද ඇත්තෙක්මි. එසේ ප්‍රකාශ කරන්නෙක්මි” යි වදාළ සේක මෙසේ වදාළ කල්හි දණ්ඩපාණී ශාක්‍ය හිස සලා දිව නෙරැනළවා (වෙන්ව පෙණෙන සේ) රැළි තුනක් ඇති නළල් රැළියක් නළලත නංවාගෙන දඬිය හයාගෙන බැස ගියේ ය.
2. එක්බිති, භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පිළිසලණින් නැගී සිටි සේක් න්‍යග්‍රෝධාරාමයට වැඩි සේක. වැඩ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, මම පෙරවරුයෙහි සරහා හැඳ පාසිවුරු ගෙන කිඹුල්වතට පිඬු පිණිස පිවිසියෙමි. කිම්බුල්වත්හි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළැක්කෙම් දිවාවිහරණය පිණිස මහාවනයට එළඹියෙමි. මහාවනයට වැද තරුණ බෙලිගසක් මුල දිවාවිහරණයෙන් හුන්නෙමි. මහණෙනි, දණ්ඩපානී ශාක්‍යරජ ද ජඞ්ඝාවිහරණය පිණිස ඔබමොබ සක්මන් කරන්නේ ඔබමොබ හැසිරෙන්නේ, මහාවනයට එළඹියේ ය. මහාවනයට වැද තරුණ බෙලිගස මුල (හුන්) මා වෙත එළඹියේ ය. එළඹ මා සමග සතුටු වීය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා සෝලු දණ්ඩ එල්බ එකත්පසෙක සිටියේ ය. මහණෙනි, එකත්පසෙක සිටි දණ්ඩපානී ශාක්‍ය මට තෙල සැළ කෙළේ ය: “ශ්‍රමණ තෙමේ කෙබඳු දෘෂ්ටි ඇත්තෙක් ද, කුමක් ප්‍රකාශ කරන්නේ දැ?”යි.
3. මහණෙනි, මෙසේ කී කල්හි දණ්ඩපාණී ශාක්‍යයාට මම තෙල කීමි: “ඇවැත්නි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණ බමුණන් සහිත නරදෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි යම්බඳු වාද ඇත්තෙක් ලෝකයෙහි කිසිවකුත් හා විවාද කොට නො සිටී ද, යම් කරුණෙකින් කාමයෙන් වෙන් ව වසන්නා වූ විචිකිච්ඡා රහිත වූ සිඳලූ කුකුස් ඇත්තා වූ කුදු මහත් භවයෙහි පහ වූ තෘෂ්ණා ඇති ඒ බමුණා වෙත ක්ලේශයෝ ලැග නො විහිත් ද, ඇවැත, මම එවැනි වාද ඇත්තෙක්මි. එසේ ප්‍රකාශ කරන්නෙක්මි”යි. මහණෙනි, මෙසේ කී කල්හි දණ්ඩපානී ශාක්‍ය හිස සලා දිව නෙරා නළවා රැළි තුනක් ඇති නළල්රැල්ල නළලෙහි නංවා සෝලු දණ්ඩ සනාගෙන (තල්ලුයෙන් හයා ගෙන) නික්ම ගියේ ය.
4. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි භාග්‍යවතුන් වහන්සේ කෙබඳු වාද ඇතිසේක්, ලෝකයෙහි කිසිවකුත් හා විරුද්ධවාද නො කොට සිටින සේක් ද, වහන්ස, කෙසේ නම් කාමයෙන් වෙන් ව වාසය කරන කරන විචිකිච්ඡා නැත්තා වූ සිඳලූ කුකුස් ඇති කුදු මහත් භාවයෙහි පහ වූ තෘෂ්ණා ඇති බැහැර කළ පව් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත ක්ලේශයෝ ලැග නො හොවිත් දැ?” යි.