6. 4.
1069. (එම්බා දිව්යපුත්රය) පහවූ වලාකුළු ඇති නුබකුසැ චන්ද්රයා යම්සේ අහසේ බබළමින් යේ ද. එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටී.
1070. (තෝ) දේවර්ධියට පැමිණියෙහි, මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්යර්ධි ඇත්තෙහි ද?
1071. මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්ර තෙමේ තුටුසිත් අත්තේ (මෙසේ) පැවසී ය.
1072. මම ද (මාගේ) බිරිය ද මිනිස් ලොවැ (එක්තරා) රහත් නමකට සෙනසුනක් පිදුම්හ. පැහැදුණු සිත් ඇත්තමෝ අහර ද පැන් ද සකසා මහත් දානයක් පිදුම්හ.
1073. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1074. මහත් අනුභාව ඇති ශ්රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
පඨම උපස්සයදායකවිමාන යි.
6. 5.
1075. (එම්බා දිව්යපුත්රය) පහවූ වලාකුළු ඇති නුබකුසැ අන්තරීක්ෂයෙහි හිරු යම් සේ බබළමින් යේ ද , එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටී.
1076. (තෝ) දේවර්ධියට පැමිණියෙහි, මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්යර්ධි ඇත්තෙහි ද?
1077. මුගලන් තෙරුන් විසින් මේ පුණ්යඵලය කවර කර්මයක්හුගේ දැ යි පුළුවුස්නාලද ඒ දිව්යපුත්ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1078. (වහන්ස) මම ද (මාගේ) බිරිය ද මිනිස්ලොවැ (එක්තරා) රහත් නමකට සෙනසුනක් පිදුම්හ. (එමෙන් ම) පහන් සිතැත්තාහු අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් පිදුම්හ.
1079. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1080. මහත් අනුභාව ඇති ශ්රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලුදිගුන් බබුළුවයි.
දුතිය උපස්සයදාකවිමාන යි.
6. 6.
1081. ඉතා උස්වූ පියුම්රාමිණි ආදියෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පසින් දොළොස් යොදුනෙකි. වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රුවන් පෝරු අතුළ බිම් ඇති උදාරවූ යහපත්වූ කුළුගෙවල් සත් සියයෙක් වෙත්.
1082. (තෝ) දේවර්ධියට පැමිණියෙහි මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්යර්ද්ධි ඇත්තේ වෙහි ද?
1083. මුගලන් තෙරුන් විසින් මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හුගේ දැ යි විචාරන ලද ඒ දිව්යපුත්ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.