6. 5.
1075. (එම්බා දිව්යපුත්රය) පහවූ වලාකුළු ඇති නුබකුසැ අන්තරීක්ෂයෙහි හිරු යම් සේ බබළමින් යේ ද , එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටී.
1076. (තෝ) දේවර්ධියට පැමිණියෙහි, මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්යර්ධි ඇත්තෙහි ද?
1077. මුගලන් තෙරුන් විසින් මේ පුණ්යඵලය කවර කර්මයක්හුගේ දැ යි පුළුවුස්නාලද ඒ දිව්යපුත්ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1078. (වහන්ස) මම ද (මාගේ) බිරිය ද මිනිස්ලොවැ (එක්තරා) රහත් නමකට සෙනසුනක් පිදුම්හ. (එමෙන් ම) පහන් සිතැත්තාහු අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් පිදුම්හ.
1079. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1080. මහත් අනුභාව ඇති ශ්රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලුදිගුන් බබුළුවයි.
දුතිය උපස්සයදාකවිමාන යි.
6. 6.
1081. ඉතා උස්වූ පියුම්රාමිණි ආදියෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පසින් දොළොස් යොදුනෙකි. වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රුවන් පෝරු අතුළ බිම් ඇති උදාරවූ යහපත්වූ කුළුගෙවල් සත් සියයෙක් වෙත්.
1082. (තෝ) දේවර්ධියට පැමිණියෙහි මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්යර්ද්ධි ඇත්තේ වෙහි ද?
1083. මුගලන් තෙරුන් විසින් මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හුගේ දැ යි විචාරන ලද ඒ දිව්යපුත්ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1084. (වහන්ස) මම මිනිසුන් අතරැ මිනිසෙක් වූයෙම් හටගත් පවස් ඇති ක්ලාන්ත වූ එක් මහණකු දැක (මා සඳහා පිළියෙල වූ) එක බතක් පිදීමි. එකල්හි (ඔහු) බතින් යුතුවූවකු කෙළෙමි.
1085. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1086. මහත් අනුභාව ඇති ශ්රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්යර්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
භික්ඛාදායක විමානයි.
6. 7.
1087. ඉතා උස්වූ පියුම්රාමිණි ආදියෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පසින් සොළොස් යොදුනෙකි. වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රුවන්පෝරු ඇතුරූ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙත්.
1088. එහි (තෝ) සිටිනෙහි ය. පානය කරනෙහි ය, අනුභව කරනෙහි ය, දිව්ය වීණාවෝ ද මිහිරි සේ වාදනය වෙති, සූ සැටක් පමණ වූ පුහුණු වූ සොඳුරු සැහැවි ඇති දෙව්ලොව සුවසේ හැසිරෙන්නා වූ උදාර වූ දිව්යකන්යාවෝ ද නටති ගයති ප්රමෝද වෙත්.
1089. (තෝ) දේවර්ධියට පැමිණියෙහි මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්ය වූයෙහි කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්යර්ධි ඇත්තෙහි ද?
1090. මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හු ගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්ර තෙමේ තුටු සිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1091. (වහන්ස) මම මිනිසුන් අතුරෙහි මිනිසෙක් වූයෙම් යව පල්ලෙක් විමි. (එකල්හි) පහවූ රාගාදි රජස් ඇති වෙසෙසින් පහන් වූ කෙලෙස් කිලුටෙන් නො කැලඹුණු සිත් ඇති පැවිද්දකු දුටිමි.
1092. මම පහන් වූයෙම් කොමුපිඬු කොටසක් උන්වහන්සේට සියතින් පිදීමි. (ඒ කොමුපිඬු) පිදීමෙන් නදුන්වෙනෙහි සතුටු වෙමි.