6. 6.
තෘතීයනානාතීර්ත්ථක සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් නම් වූ අනේපිඬුහු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වූ කලි බොහෝ නන්තොටුවෝ මහණ බමුණු පිරිවැජියෝ නානා දෘෂ්ටි ඇත්තෝ, නානා ලබ්ධි ඇත්තෝ, නානාරුචි ඇත්තෝ, නානා දෘෂ්ටිකාරණයෙහි ඇලුණාහු, සැවැත්නුවරැ වෙසෙත්.
(ඔවුන් අතුරෙහි) ‘ආත්මය ද ලෝකය ද ශාශ්වත ය. මෙය ම සත්ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත. (1)
‘ආත්මයත් ලෝකයත් අශාශ්වත ය. මෙය ම සත්ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත. (2)
‘ආත්මයත් ලෝකයත් ශාශ්වතත් අශාශ්වතත් වේ. මෙය ම සත්ය ය. සෙස් ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (3)
‘ආත්මයත් ලෝකයත් ශාශ්වතත් නො ම වේ, අශාශ්වතත් නො ම වේ. මෙය ම සත්ය ය, සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (4)
‘ආත්මයත් ලෝකයත් ස්වයංකෘත ය, මෙය ම සත්ය ය. සෙස්ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (5)
‘ආත්මයත් ලෝකයත් පරකෘත ය, මෙය ම සත්ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (6)
‘ආත්මයත් ලෝකයත් ස්වයංකෘත ද පරකෘත ද වේ. මෙය ම සත්ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (7)
‘ආත්මයත් ලෝකයත් අස්වයංකාර ද අපරාකර ද වේ. යදෘච්ඡාසමුත්පන්න ය, මෙය ම සත්ය ය, සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (8)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මෙ හැම ශාශ්වත ය, මෙය ම සත්ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (9)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මෙ හැම අශාශ්වත ය, මෙය ම සත්ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (10)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද ශාශ්වතත් අශාශ්වතත් වේ. මෙය ම සත්ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (11)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද ශාශ්වතත් නොම වේ. අශාශ්වතත් නොම වේ යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (12)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මෙ හැම ස්වයංකෘත ය, මෙය ම සත්ය ය. සෙස්ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති, ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (13)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද පරකෘත ය, මෙය ම සත්ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (14)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මෙ හැම ස්වයංකෘතත් පරකෘතත් වේ. මෙය ම සත්ය ය. සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (15)