6. 5.
ද්විතීයනානාතීර්ත්ථක සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි බොහෝ නන් තොටු මහණ බමුණු පිරිවැජියෝ නානා දෘෂ්ටි ඇත්තාහු, නානා ලබ්ධි ඇත්තාහු, නානා රුචි ඇත්තාහු, නානා දෘෂ්ටි නිඃශ්රය ඇසුරු කළාහු, සැවැත් නුවරැ වෙසෙත්.
ඔවුන් අතුරෙහි ආත්මයත් ලෝකයත් ශාශ්වත ය, මෙය ම සත්ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත. (1)
‘ආත්මයත් ලෝකයත් අශාශ්වතය මෙය ම සත්ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත. (2)
‘ආත්මයත් ලෝකයත් ශාශ්වතත් අශාශ්වතත් වෙතියි, ‘මෙය ම සත්ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (3)
‘ආත්මයත් ලෝකයත් ශාශ්වතත් නොවෙති. අශාශ්වතත් නොවෙති. මෙය ම සත්ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (4)
‘ආත්මයත් ලෝකයත් ස්වයංකෘත යැ, ‘මෙය ම සත්ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (5)
‘ආත්මයත් ලෝකයත් පරකෘත යැ, මෙය ම සත්ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (6)
‘ආත්මයත් ලෝකයත් ස්වයංකෘත ද, පරකෘත ද වෙත්. මෙය ම සත්ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ගත් ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (7)
‘ආත්මයත් ලෝකයත් තමන් ම මවා ගැන්මක් හෝ අනුන්ගේ මැවීමක් ඇතියෝ නො වෙත්. යදෘච්ඡාසමුත්පන්නය (කාරණයක් නැති ව තුමූ ම පහළ වූහ). මෙය ම සත්ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (8)
‘සුව දුක් ද ආත්මය ද ලෝකය ද යන මේ හැම ශාශ්වත ය. මෙය ම සත්ය ය. සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (9)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මෙ හැම අශාශ්වතය. මෙයම සත්ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (10)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මේ හැම ශාශ්වත ද අශාශ්වත ද වේ. මෙය ම සත්ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (11)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මේ හැම නොම ශාශ්වත ය. නොම අශාශ්වත ය. මෙය ම සත්ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (12)
‘සුවදුක් ආත්මය ද ලෝකය ද යන මේ හැම ස්වයංකෘත ය. මෙ යම සත්ය ය. සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (13)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද පරකෘත ය. මෙ යම සත්ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (14)
‘සුවදුක් ආත්මය ද ලෝකය ද යන මේ හැම ස්වයංකෘත ය, පරකෘතයැයි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (15)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මේ හැම ස්වයංකාර පරකාර රහිත ය, යදෘච්ඡාසමුත්පන්න ය. මෙය ම සත්ය ය. සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (16)
ඔහු “ධර්මය මෙබඳු ය. ධර්මය එබඳු නොවේ. ධර්මය මෙබඳු නොවේ. ධර්මය එබඳු යැ”යි හටගත් ඩබර ඇත්තෝ, හටගත් කලහ ඇත්තෝ, විරුද්ධවාදයට බටුවෝ උනුන් මුව නැමැති අඩයටිවලින් විදිමින් වෙසෙත්.
2. එකල්හි බොහෝ භික්ෂූහු පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන, සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවරැ පිඬු පිණිස හැසිරැ, පසුබත් සමයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු, භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක් හුන්හ. එකත්පසෙක හුන්නා වූ ම ඒ මහණහු භාග්යවතුන් වහන්සේට මෙසේ සැළ කළහ.
“වහන්ස, මෙහි බොහෝ නන්තොටු මහණ බමුණු පිරිවැජියෝ නානාදෘෂ්ටි ඇත්තාහු, නානාලබ්ධි ඇත්තාහු, නානා රුචි ඇත්තාහු, නානා දෘෂ්ටිකාරණයෙහි ඇලුණාහු සැවැත්නුවරෙහි වෙසෙත්. “ආත්මය ද, ලෝකය ද ශාශ්වත යැ යි, මෙය ම සත්ය ය, සෙස්ස හිස් ය … ධර්මය මෙබඳු නො වේ ධර්මය එබඳු යැ යි හටගත් ඩබර ඇත්තෝ ... උනුන් මුවඅඩයටිවලින් විදිමින් වසත්” ය යි.
3. මහණෙනි, එ පරිද්දෙන් ම අන්තොටු පිරිවැජ්ජෝ නුවණින් අන්ධ වූවෝ, නුවණැස් නැත්තෝ … ‘දහම් එබඳු නො වේ, දහම මෙ බඳු යැ’යි … මුව අඩයටිවලින් විදුනාහු වෙසෙත්.”
4. ඉක්බිත්තෙන් භාග්යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
‘ඇතැම් මහණ බමුණෝ මේ අසාරදෘෂ්ටීන්හි ඇලෙත්. ඔහු ඒ නිවනට නො පැමිණ ම අතරැ දී ම සසරමහවතුරෙහි ගිලෙත්.”
6. 6.
තෘතීයනානාතීර්ත්ථක සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් නම් වූ අනේපිඬුහු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වූ කලි බොහෝ නන්තොටුවෝ මහණ බමුණු පිරිවැජියෝ නානා දෘෂ්ටි ඇත්තෝ, නානා ලබ්ධි ඇත්තෝ, නානාරුචි ඇත්තෝ, නානා දෘෂ්ටිකාරණයෙහි ඇලුණාහු, සැවැත්නුවරැ වෙසෙත්.